හියුමන් පැපිලෝමා එන්නතෙන් ගැබ් ගෙල පිළිකාවට තිතක්

හියුමන් පැපිලෝමා එන්නතෙන් ගැබ් ගෙල පිළිකාවට තිතක්

කාන්තාවන්ට වැළදෙන පිළිකා අතරින් පියයුරු පිළිකා බහුලව වාර්තා වන අතරම ඉන් අනතුරුව වාර්තා වන්නේ හියුමන් පැපිලෝමා වෛරසය හේතුවෙන් ඇතිවන ගැබ් ගෙල පිළිකාවයි. පියයුරු පිළිකා හෝ වෙනත් පිළිකා තත්ත්වයන්හිදී මෙන් නොව ගැබ් ගෙල පිළිකාව මුල් අවස්ථාවේදීම හඳුනා ගත නොහැක්කේ ගැබ් ගෙල පිළිකාවක රෝග ලක්‍ෂණ ඉස්මතු වීමට කල්ගතවන නිසාය. එය හඳුනා ගත හැකි කාලය වන විට රෝගය පැතිරී ඉතාම වේදනාකාරී තත්ත්වයකට මුහුණදීමට රෝගියාට සිදුවන අතරම ඇයගේ ජීවිතයද අවදානම් තත්ත්වයක පවතී. නමුත් කල් තියා හඳුනාගන්නේ නම් ඖෂධ, ශල්‍යකර්ම හරහා රෝගය නිට්ටාවට සුව කළ හැකිය.

හියුමන් පැපිලෝමා වෛරසය මගින් ප්‍රජනන  ඉන්ද්‍රියවල ඇති ශ්ලේෂ්මල පටල වෙත බලපෑම් ඇති කිරීමෙන් ෙසෙලවල සිදුවන වෙනස් වීම සඳහා නිසි ප්‍රතිකාර අවශ්‍ය වේ. එසේ අවශ්‍ය නිසි ප්‍රතිකාර නොලැබේ නම් එම ෙසෙල කල්ගත වීමේදී පිළිකා ෙසෙල බවට පත්විය හැකිය. විවාහක කාන්තාවන් එනම් ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් අතරින් 40%ක පමණ පිරිසකට නොදැනුවත්වම මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකිය.

හියුමන් පැපිලෝමා වෛරසය මගින් ඇති කරනු ලබන මෙම ගැබ්ගෙල පිළිකා තත්ත්වයට එරෙහිව ලබා දෙන හියුමන් පැපිලෝමා වෛරස එන්නත වර්තමානයේ අත්‍යවශ්‍ය එන්නතක් ලෙස ලබා නොදුන්නද (පුළුල් ප‍්‍රතිශක්ති වැඩසටහන යටතේ) නුදුරු අනාගතයේදී පුළුල් ප‍්‍රතිශක්ති වැඩසටහන යටතට මෙම එන්නත ඇතුළත් කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ගැබ් ගෙල පිළිකා තත්ත්වය මගහරවා ගැනීමට නම් හියුමන් පැපිලෝමා වෛරස එන්නත පිළිබද දැනුවත් වීම ඉතාම වැදගත් වන අතර මේ සම්බන්ධව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගෙන් හෝ ලිංගාශ‍්‍රිත රෝග සම්බන්ධ වෛද්‍යවරුන්ගෙන් තොරතුරු ලබාගැනීමටත් ඉන් අනතුරුව එන්නත ලබාගැනීමටත් හැකියාව පවතී.

හියුමන් පැපිලෝමා වෛරසයේ 16 හා 18 යන ප‍්‍රභේද දෙක 70%ක් පමණ ගැබ්ගෙල පිළිකාවලට හේතු වන අතරම 6 සහ 11 යන ප‍්‍රභේදයන් ප‍්‍රජනන ඉන්ද්‍රියන්හි ඉන්නන් ඇති කරවනු ලබයි. මෙම රෝග තත්ත්වය වෛරසයකින් හටගන්නා බැවින් නොදැනුවත්ව හෝ බිරි`ද මේ තත්ත්වයට පත්වී සිටී නම් ඔවුන් අතර ඇති වන ලිංගික සබ`දතා හේතුවෙන් සැමියාගේ ලිංගේන්ද්‍රිය ආශ‍්‍රිතවත් ඉන්නන් ඇති වීම සිදු විය හැකියි. එය ඉතාම අසනකාරී තත්ත්වයක් වන අතර ඇතැම් අවස්ථාවන්වලදී දරුවන්ටද බෝ වීමට ඉඩ කඩ තිබේ.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත මගින් වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ නිපදවමින් යෝනියේ හා ඒ අවට මෙන්ම යෝනි මාර්ගයේ ඇති විය හැකි පිළිකාවන්ද වළක්වාලමින් වෛරස ආසාදනය වලක්වා ගැබ්ගෙල පිළිකාවට මග අහුරයි.

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත ප‍්‍රභේද දෙකකින් යුක්ත වන අතරම ඉන් එකක් ප‍්‍රතිදේහ ජනක හතරක් ඇති කොඞ්රිවේලන්ට් හියුමන් පැපිලෝමා එන්නතයි. මෙම එන්නත ස්ත‍්‍රී සහ පුරුෂ යන දෙපාර්ෂවයටම නිර්දේශ කෙරේ. අනෙක් එන්නතේ ප‍්‍රභේද දෙකක් පමණක් ඇතුළත් වේ. එහි L-1 ප්‍රෝටීන් වර්ගය සහ ප‍්‍රතිදේහ ජනක 16 සහ 18 අන්තර්ගතය.

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත කාන්තාවන්ට මෙන්ම පුරුෂ පක්‍ෂයටද නිර්දේශ කෙරේ. විවාහ වීමට ප‍්‍රථම එනම් ලිංගික සබදතාවයන් ආරම්භ කිරීමට පෙර මෙම එන්නත ලබාගැනීම වඩාත් සුදුසු වේ. ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණීමෙන් පසු මෙම එන්නත ලබා දීමට හැකියාව ඇත. මෙම එන්නත මාත‍්‍රා තුනක් ලෙස අන්තර්පේශී ක‍්‍රමයට ලබා දීම සිදු කෙරේ. ප‍්‍රහේද හතරක් ඇති එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මාස දෙකකට පසුවද තෙවන මාත‍්‍රාව මාස හයකට පසුවද ලබා දේ. ප‍්‍රභේද දෙකකින් යුතු එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මසකට පසු දෙවන මාත‍්‍රාවද මාස හයකට පසු තෙවන මාත‍්‍රාවද ලබා දේ.

වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් වසරකට වරක්වත් අනිවාර්යෙන්ම පැප් පරීක්‍ෂාව සිදුකරගැනීම වඩා වැදගත්ය. එමගින් ගැබ් ගෙල ෙසෙලවල යම් වෙනසක් පවතීද නැද්ද යන්න පිළිබ`දව සැක හැර දැන ගනීමෙන් අනතුරුව එන්නත ලබා දීම සිදු කළ හැකියි.  නමුත් ගැබ් ගෙල ෙසෙල වෙනස් වීමක් පැවතින අවස්ථාවකදී එන්නත නිර්දේශ කළ හැකි වුවද නිසි ප‍්‍රතිඵල ලැබේද යන්න සැක සහිතය. එන්නතද ලබාගත්තද වසරකට වරක් පැප් පරීක්‍ෂාව සිදුකිරීම අනිවාර්ය වේ.

එන්නත ලාබාදීමෙන් අනතුරුව ඉදිමුමක්, රතුවිමක් හෝ සුළු වේදනාවක් මිස දරුණු අතුරු ආබාධ තත්ත්වයක් මේ වන විට වාර්තා වී නොමැත. තරුණ ගැහැණු දරුවන් තුළ පවතින අනිසි බිය නිසා එන්නත ලබා දීමේදී ක්ලාන්ත ගතියක් ඇති වූ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත. එය බරපතල තත්ත්වයක් නොවේ.

ගර්භණී සමයේ මවකට ලබා දෙන එකම එන්නත වන්නේ් පිටගැස්ම එන්නතයි. තමා ගැබිනියක බව නොදැන එන්නත ලබා ගත්තද කළලයට හෝ මවට කිසිදු අනතුරුදායක තත්ත්වයක් ඇති වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත. තමා ගැබ් ගෙන ඇති බව නොදැන පළමු එන්නත ලබාගෙන ඇති කාන්තාවන් ඒ පිළිබ`දව දැනුවත් වීමෙන් පසුව දරුවා බිහිකරන තෙක් ඉතිරි එන්නත් මාත‍්‍රා ලබාගැනීම කල් දැමිය යුතුය. මව්කිරි ලබා දෙන කාල සීමාවේ සිටින මවකට කිසිදු ගැටලූවකින් තොරව එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඉතාම වේදනාකාරී මෙන්ම දුක්ඛිත තත්ත්වයකි. තම වැඩිවිය පැමිණි ගැහැණු දරුවන් සිටින මව්වරුන් මේ එන්නත පිළිබ`දව දැනුව ත් වීම වඩා වැදගත් වේ. මෙම හියුමන් පැපිලෝමා වෛරස එන්නත මෑතකදී හ`දුන්වා දුන් එන්නතක් වන නිසාම ඒ පිළිබ`දව ජනතාව තුළ නිසි දැනුමක් නොපවතී. මෙතෙක් සිදු කෙරුණු කෙරුණු පර්යේෂණවලට අනුව නම් මෙම එන්නත ලබා ගත් පිරිසට 16 හා 18 යන ප‍්‍රභේද මගින් ඇතිවන ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇති වීමේ ප‍්‍රවණතාවය එන්නත ලබා නොගත් අයට වඩා අඩු බව ඔප්පු වී තිබේ. ප‍්‍රතිශක්ති ඌණතා තත්ත්වයන් පවතින අයහට එන්නත ලබාදීමේ කිසිදු ගැටලූවක් නොමැති වුවද නිසි ප‍්‍රතිඵල හිමිවේද යන්න සැක සහිතය. මේ වන විට වසර දහයක් පුරා රුධිර පරීක්‍ෂාවන් සිදු කරමින් ලබාගත් දත්තවලට අනුව වසර දහයකටත් වඩා වැඩි කාලයක ආරක්‍ෂාවක් මෙම එන්නත මගින් හිමිවන බව අනාවරණය වී තිබේ.

එන්නත් සහ වෛරස රෝග ජේෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය
 සමග කරන ලද සාකච්චාවක් ඇසුරිණි

About The Author

Previous articleමොකද්ද මේ ස්ථූලතාවය?
Next articleඔබ කිසිවිටකත් අන් අයට නොපැවසිය යුතු කරුණු 6ක්
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here