කහ ගැන ඔබ මේවා දන්නවද ?

sathya_Thumali_2016-06-04

කහ  යනු  බොහෝ  විට  ඉන්දියානු  සහ  චීන  වෙදකමෙහි   යොදාගන්නා  ද්‍රව්‍යයක්.  එය  විෂබීජ  නාශකයක්  ලෙස  ක්‍රියා  කරන  නිසාම  එයින්  බොහෝ  ප්‍රයෝජන  ලබාගන්නට  හැකියි. මේ  ගුණාංගය  නිසාම  කහ ඔබේ  ආහාර පිසීමට  පමණක්ම  යොදාගන්නට  අවශ්‍ය  නැහැ.

curcumin (කර්කියුමන්)  යනු  කහ  වල  ඇති  ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක්.  එය  මේ කුළුබඩු වල ඵලදායී  බව  තවත්  වැඩිකරනවා.විශේෂම  දෙය  තමයි  එයින්  කිසිදු  අතුරු  ආබාධයක් ඇති නොවීමයි.

මේ  කහ  ඔබට  භාවිතා  කළහැකි   අපූරු  අවස්ථා  කිහිපයක්….

  • සුළු  තුවාල  සහ සිරීම් වලදී

කලින්  පිරිසිදු  කරගත්  තුවාලය  මත  කහ  ආලේප  කර  හොඳින්  වෙලන්න. වේදනාවද  ක්‍රමයෙන්  ස්වාභාවිකව  අවම කරනවා.

  • ආහාර  පිසීමේදී

ආහාර  පිසීමේදී  වර්ණකයක්  ලෙස  මෙන්ම  රසගන්වනයක්  ලෙසත්  කහ  භාවිතා  වෙනවා

  • උදරාබාධ   සැලකියයුතු  ලෙසින්  සමනය  කරන්නට  කහ  යොදාගැනෙනවා 

  • අජිර්ණයකදී

කහ  තේ   හැන්දක් උණුවතුර  කෝප්ප  4  කට   මිශ්‍ර  කර   තේ  සාදා  පානය   කිරීමෙන්  ආම්ලිකතාවය  සමනය  වෙනවා

  • හිස්හොරි  වලට  ප්‍රතික්‍රියා  කරන  අඳුනක් 

පොල්තෙල් සමඟ කහ ස්වල්පයක් මිශ්‍ර කර හිස්කබල සම්බාහනය (massage ) කරන්න. විනාඩි 15 තිබෙන්නට හැර සෝදා හරින්න.

  • සුන්දර  පැහැපත්  සමකට

දෙහි යුෂ තේ හැඳි ½ ක් , ගසාගත් බිත්තර සුදු මදයක් සමඟ කහ තේ හැඳි 1/3 ක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 10- 15 පමණ තබා සෝදන්න

  • හිරුකිරණින්  වන  අනිසි  බලපෑමට  ප්‍රතිකාරකයක්

අවපැහැගැන්වුණු ස්ථානවල කහ සහ කෝමාරිකා ජෙල් (gel ) ආලේප කරන්න.

  • අවපැහැ  වූ  දත්වලට

කහ  යනු  දත්  සුදු  කරන්න  පුළුවන්  ද්‍රව්‍යයක්. නැවුම්  පොල්තෙල්  මේස  හැඳි  3  ක ට   කහ  තේ  හැඳි  1 ක්  මිශ්‍ර  කර  සහ නැවුම්  පොල්තෙල්  මේස  හැඳි  2 ක ට  බේකින්  සෝඩා  මේස හැඳි  2ක්  මිශ්‍ර  කර  පේස්ට්  එකක් (තලපයක්) සාදාගන්න.මෙය භාවිතයෙන්  සාමාන්‍ය  ලෙස   දත්  මදින්න . foundation  එකක්  ලෙස.

  • මොයිස්චරයිසර් සමඟ  කහ  ස්වල්පයක් මිශ්‍රකර   ඔබේ  සමේ  වර්ණයට   ගැලපෙන  ලෙස  සාදාගන්න

  • කුරුලෑ, රතු බිබිලි  සහ  ඩාර්ක් සර්ක්ල්ස්  (dark  circles) වලට මුහුණට ප්‍රතිකාරයක් ලෙස

වතුර   තේ   හැන්දක්, මීපැණි  තේ  හැන්දක්  සමඟ  කහ  තේ  හැන්දක්  මිශ්‍ර  කර  තලපයක්  ආකාරයට  (paste එකක්  )  සාදාගන්න. මුහුණේ  ආලේප  කර  මිනිත්තු  3  තිබෙන්නට  හරින්න.  පසුව ඒ  මාස්ක්  එක  සෝදාහරින්න.

  • රසායනික ද්‍රව්‍ය නොමැතිව රෙදි Tie Die කරගන්න (වර්ණ  ගන්වන්න)

ජලය  ¾ ක්  පිරි  භාජනයකට  කහ  මේස  හැඳි  5ක්  එක්  කර  හොඳින්  රත්කරගන්න. හිඳීගෙන  එන විට  රස්නය  අඩු  කර  පසුව  එයට  තෙත්  රෙදි  කැබැල්ල  දමන්න. මඳ  උෂ්නත්වයේම   තබා  පසුව  රෙදි කැබැල්ල   ගෙන  වේලාගන්න. හොඳින්  වර්ණ  වූ  ෆැබ්රික්  එකක්  ලැබේවි.

එදිනෙදා   අපේ  වැඩවලට   කහ  වැනි  ස්වභාවික  දේවල්  යොදාගන්න  පුළුවන්  නම්  කෘත්‍රිම  ලෙස  ලස්සන  වෙන්න  වියදම්  කරන්නේ  මොකටද?
 

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here