කාන්තා සවිබලගැන්වීමෙන් වෙනස් වන ලෝකය

womans_strength

2016 වසරේ හෝ මේ වනවිට වුවද කිසිදු රටක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්පුර්ණයෙන්ම දිනාගෙන නැත.ස්ත්‍රීන් වීම නිසාම ලෝකයේ හැම කොනකම කාන්තාවන් අසාධාරණයන්ට මුහුණ දෙන සිදුවීම් අනන්තවත් වාර්තා වේ.

වෙනස්වීමට කාලය ඇත්තේ ඉදිරියට නොවේ..වර්තමනයෙයි….

2030 වසර වනවිට රටවල් 193 පුරාම සුනිත්‍ය බලශක්තිය ශක්තිමත් කිරීමේ ලා ප්‍රධාන අරමුණු තුනක් සාක්ෂාත් කරගැනීමට සමාජ සවිබලගැන්වීම් සිදුවෙමින් පවතිනවා. ඒ අරමුණු තුන නම් :

  • අන්ත දිළිඳු බව පිටුදැකීම
  • කාලගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම මෙන්ම ඉන් වැලකි සිටීම
  • අසමානතාව හා අසාධාරණයට එරෙහිව සටන් කිරීම

යන ඒවායි.

විශේෂයෙන්ම මේවා ප්‍රධාන ලෙස අරමුණුකොට ගෙන ඇත්තේ ස්ත්‍රීන් සහ ගැහැනු ළමුන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවය මතය.ළමා විවාහ,ලිංගික විකෘතිතා ඇතිකිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් සිදුකරන අසාධාරණයන්ට එරෙහි වීම මින් බලාපොරොත්තු වේ.එහෙත් මේවා සිදුකිරීමට නම් අන් කවරකටත් වඩා අත්‍යවශ්‍ය වන්නේ කාන්තාව සහ ගැහැනු ළමයා සතු ශක්තිය සහ සත්‍යවාදී බවයි.

දිළිඳුකම පිටුදැකීම

1990 සිට වර්තමානය තෙක් සමස්ත ලෝකය දෙස අවධානය යොමුකිරීමේදී පැවති දිළිඳුකමෙන් සියයට 50ක් අවම කිරීමට කාන්තා සවිබලගැන්විම සමත්ව තිබේ.අධ්‍යාපනය,භුමියේ අයිතිය,ආර්ථිකය සහ රැකියා අවස්ථා යන සියලු අයිතීන් කාන්තාවන්ටත් සමානව භුක්ති විඳීමට හැකි බව දැනුවත් කිරීම සහ ඒ සඳහා සම අයිතිය ලබාදීම මතම පවුලක ආදායම 10%  සිට 20% දක්වා  හෝ ඉහල නංවා ගැනීමේ හැකියාව වත්මන් ලෝකය තුල පවතිනු දැකීම අතීතය හා සංසන්ධනය කිරීමේදී සතුටට කරුණකි.

කුසගින්න ශුන්‍ය වීම

සෑම වසරකදීම දරුවන් මිලියන 50ක් පමණ මන්දපෝෂණ තත්වයෙන් මියයයි.පිරිමි ළමුන් සමඟ සැසඳීමේදී මන්දපෝෂණයෙන් මියයන ගැහැනු ළමුන් සංඛ්‍යාව දෙගුණයකි.දියණියන්ට වඩා පුතුන් කෙරෙහි වැඩි අගයක්,ඇල්මක්,වටිනාකමක් දීම තුල ආහාර ගැනීමේදී පවා පුතුන්ට ලැබෙන  ප්‍රමුඛත්වය මත දියණියන්ට අහිමිවන නිසි පෝෂණය හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බව ජාත්‍යන්තර සංවිධාන සහ ආහාර වැඩසටහන් පවා පවසයි.ගැහැනු ළමුන් සහ කාන්තාවන් ද ආහාර නිෂ්පාදකයන් කිරීම මෙන්ම භෝජන මේසයට කාන්තාවන්ද අසුන්ගැන්විම තුල ඇතිකරන සමානත්වය කුසගින්න,මන්දපෝෂණය,විටමින් ඌණතා රහිත අනාගත මවුවරුන් බිහි කිරීමට මෙන්ම ඒ තුල සෞඛ්‍යවත්,නිරෝගීමත් සමාජයක් ද බිහිකරගත හැකි නොවේද?

නිරෝගීමත් දිවිපෙවෙතකට අවශ්‍ය කාන්තා සවිබලය

ළමා හා මාතෘ මරණ අනුපාතය ක්‍රමයෙන් පහත බසිද්දී ගර්භනී සමයේ සහ දරු උපත් සිදුකිරීම යන අවස්ථාවලදී ඇතිවන විවධ රෝගී තත්වයන් සහ සංකුලතා මත දිනකට කාන්තාවන් 800 කට ආසන්න ප්‍රමාණයක් මියයන අතර 99% ක් ම මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි.සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීම,නිරෝගිමත් බවේ වැදගත්කම,ළමා සෞඛ්‍යය,මාතෘ සෞඛ්‍යය,ලිංගිකත්වය,ආරක්‍ෂිත ලිංගික කටයුතු,ගර්භනී සමයේ සෞඛ්‍යය,අලුත උපන් බිලිඳාගේ සෞඛ්‍ය තත්වය කායිකව මෙන්ම මානසිකව ද සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ ලා කාන්තාවගේ දැනුවත්භාවය ළමා අවධියේ පටන් වැඩි දියුණු කිරීම තුල නිරෝගිමත් කාන්තා පරපුරක් හරහා නිරෝගිමත් අනාගත පරම්පරාවක් ද බිහි කිරීමට හැකියාව ඇත්තේය.

සැමට අධ්‍යාපනය

අධ්‍යාපනය සෑම දරුවකුගේම අයිතියකි.ලොව පුරා මිලියන 62 ක ටත් අධික  ගැහැනු ළමයින්  ප්‍රමාණයක් පන්ති කාමර තුල දක්නට නොලැබීම අවාසනාවන්ත කරුණකි.නූතනත්වයේ අසාමාන්‍ය සැලකීම මත තමන් ලැබිය යුතු මූලික අධ්‍යාපනය පවා ගැහැනු ළමුන්ට අහිමි වී යයි.මා කතාකරන්නේ සමස්ත ලෝකය ගැනය.ඉතින් ළමා විවාහයේ ඇති ආදීනව දැනුවත් කිරීම තුලින් ළමා විවාහයන් වැලැක්වීම,පාසල,පන්තිය මෙන්ම සමාජය තුල ගැහැනු ළමයා සහ ගැහැනිය යන චරිත කෙරේ ඇතිකරන ප්‍රචණ්ඩත්වය වැලක්වීමට දැනුවත් වීම,ගැහැණු,පිරිමි ලෙසින් වෙන වෙනම වැසිකිලි පද්ධති ඇති කිරීමට කටයුතු කිරීම තුල ගැහැනු ළමයටත් පාසල වඩා ප්‍රියමනාප සැහැල්ලු අධ්‍යාපනයකට තෝතැන්නක් ලෙස දැකීමට හැකියාව ලැබේ.

ආර්ථික වර්ධනය

මේ වනවිට ස්ත්‍රීන් කෙරෙහි අසමානතාවය මත ලොව පුරා බොහෝ සමාජ කොටස් ආර්ථික සවිබලගැන්වීම සිදුකළහැකි කාන්තාවන්ව වඩා ඵලදායි ලෙසින් සාර්ථකව සිරකොට තබමින් සිටියි.ඉඩම් අයිතිය,ආරක්‍ෂිත යහපත් රැකියාවක නියැලීමේ අයිතිය සහ ශ්‍රම දායකත්වය සැපයීම තුල සක්‍රිය,දක්ෂ,නිපුණ වූ කාන්තා පරපුරක් බිහිකරගත හැකිවීම අනාගත ලෝකයේ ප්‍රබුද්ධිය උදාකිරීමක් හා සමානය.

සාමකාමී මෙන්ම සාධාරණ ප්‍රජාවන්

ගැහැනු ළමුන්ගේ සහ කාන්තා අයිතීන් ද අයත් වන්නේ මානව අයිතිවාසිකම් ඛණ්ඩයටය.සමස්ත ලෝකය දෙස බැලූ විට කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයකු හෝ සිය ජිවිත කාලය තුලදී කායිකව සහ ලිංගිකව විවිධ අපචාරයන්ට ලක්ව තිබෙනවා.ලිංගිකත්වය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩත්වය අද වන විට ලොව පුරා මානව අයිතීන් උල්ලංඝනය වන අවස්ථා අතර ගන්නේ ප්‍රධාන ස්ථානයක්ය. බාලිකාවන් සහ කාන්තාවන් ස්වකිය ආරක්ෂාව සලසා ගැනීම පිලිබඳ දැනුවත් කිරීම සහ දැනුවත්ව සිටීම,රටක පවතින නීතිය දැනුවත් කිරීම තුල ඔවුන්ට ලිංගිකත්වය මත පදනම්ව ඇතිවිය හැකි ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීමට මනා හැකියාවක් ලැබීම කාන්තා සුරක්ෂිතතාවය තහවුරු කිරීමකි.එයින් ලිංගික සුරාකෑම,ලිංගික ප්‍රවාහනය වැනි අනිසි තත්වයන් වලක්වා ගත හැකිය.සාධාරණ ලොවක් යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර වීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here