ණය ගැනීමට පෙරාතුව ඔබ දැන ගත යුතු දේ

0
2624
borowing_some_money

ණය නිසා මුදලත් මිතුරත් දෙකම නැති වේය යන කියමන ඔබ හොදින් අසා ඇති. එය සම්පූර්ණයෙන්ම ඇත්ත. සානුකම්පිත හේතුන් මත වුනත් ඔබ විසින් යම් කෙනෙකුට ණයට මුදලක් දුන් විට ඔහු හෝ ඇය විසින් පොරොන්දු වූ දිනට එම මුදල නොලැපබන විට නොදැනීම මිත්‍රත්වය ගැන ඇති වෙන්නේ පලුද්දක්. අත මිට හිග වුන විට අතමාරු කර ගැනීම නොකොරම බැරි තත්වයක් වුනත් බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට අනන සුඛය හෙවත් ණයක් නැත්ව සිටීම තරම් සැපයක් තවත් නැත. ඒ වුනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් ණයක් ලබා ගැනීමේදී මේ ගැනත් අවධානය දැක්වීම ට උනන්දු වෙනන්.

ණය ගන්නේ ඇයි…

බොහෝ උදවිය ණය ගැනීම අවශ්‍ය දෙයක් විදිහට සලකනවා. ඔවුන් හිතන්නේ මුදලේ වටිනාකම දින දිනම පහල යන නිසා ණය වී යම් යම් දේ උපයා සපයා ගැනීම වඩාත් වාසිදායක බවයි. ඒත් කිසිම තැනක පොලියක් නැතුව ණය ඇත්තේ නම් ඒ රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දෙන ඇතැම් ණය අංශ පමණි. ණයට එකතු වෙන පොලිය නිසා ඔබේ ආදායමට සරිලන සේ වැය බර දරා ගැනීමට හැකි නම් පමණක් ණයක් ගැන සිතුවාට වරදක් නැත.

ණය ගන්නම අවශ්‍ය හේතුවක් තිබේද…

ණයක් ගැනීමට පෙරාතුම මේ ණය ගැනීමට හේතුව කුමක්දැයි සිතන්න. ණය නොගෙන එම කටයුත්ත ඉටු කර ගැනීමට අපහසුදැයි බලන්න. සමහර විටෙක ඔබ ණය ගන්නේ අනවශ්‍ය හේතුවක්ට නම් එතැනදී ඔබේ තීරණය වැරැදි බව කනගාටුවෙන් වුනත් කිව යුතුය.

ණය ගැනීමට පෙරාතුව ගෙවන පිළිවෙල සොයන්න

කිසිම දිනක ගන්නන් වාලේ ණය ගැනීම නොකළ යුතුය.  ණය ගැනීමට පෙරාතුව මෙම ණය ගෙවන පිළිවෙල ගැන සිතන්න. ණය ගෙවීමට දිනයක් ඔබට අනුමාන කළ නොහැකි නම් ඒ වෙනුවෙන් විකල්පයක් හෝ සිතන්න.නය ගෙවීමට අතිරේක ක්‍රියාමාර්ගයක් හෝ අතිරේක ආදායම් මාර්ගයක් ගැනත් උනන්දුවක් දැක්වීම වඩාත් යෝග්‍යයි.

ණය ලබා ගැනීමට පෙර ණය ගන්නේ කෙසේදැයි තීරණය කරන්න

ණය ලබා ගැනීමේදී ඒ වෙනුවෙන් වූ පොලී අනුපාතය, ණය වෙනුවට හිලව් කරන හෝ උගසට තබන දේ, ණය වෙනුවෙන් වූ කාලය ආදිය ගැන සලකා බලන්න. ඇතැම් ණය දෙන ආයතන විසින් ප්‍රසිද්ධියට පත් කරන්නේ ඔවුන්ගේ මාසික පොලියයි. තවත් ආයතන විසින් වැල්පොලියට ණය වෙනුවෙන් පොලී ගණනය කරනු ඇත. මේ නිසා එවන් කරුණු කාරණාවන් ගැනත් අවධානය දැක්වීම ඉතාම වැදගත් වේ.

ණය නිසා කැපවීමක් අවශයි

ණයක් ලබා ගැනීමෙන් පසුව එය ගෙවීමට කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමට පියවර ගත යුතුයි. මේ වෙනුවෙන් පවුලේ සියලු දෙනා සමග එක්ව සාකච්ඡා කිරීමත් අවශ්‍ය වෙනවා. එක් එක් අයගේ අඩු කළ හැකි වැය ශීර්ෂ සාකච්ඡා කර ගෙන එයින් ඉතිරි වෙන මුදලෙන් ලබා ගත් ණය පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ වසරකදී අලුත් ඇදුම් වෙනුවෙන් වූ වැය අඩු කර ගැනීමට පුලුවන්. උපන්දිනයට අලුත් ඇදුම් කීපයක් මිළට ගන්නේ නම් එය එකකට සීමා කරන්න. ආහාරපාන වෙනුවෙන් වූ වැයශීර්ෂයේ විවිධ ආපනශාලාවන්ගෙන් මිළට ගැනීම් සීමා කර ඒවා නිවසේදී පිළියෙල කර ගැනීමට බලන්න. එතැනිනුත් යම් වැය බරක් අඩු වේ. නිවසේ ගමන්බිමන් වෙනුවෙන් වූ ත්‍රිවිලර් ගාස්තු කප්පාදු කිරීමෙන්ද යම් මුදලක් ඉතිරි කර ගත හැකිය. මේ අන්දමට සියළු අනවශ්‍ය වියහියදම් සීමා කර ගෙන  ඒ මුදලෙන් ණය නිදහස් කර ගැනීමට බලන්න.

කොටස් වශයෙන් හෝ ගෙවන්න

බොහෝ අයට තමා ණයගත් බව මතක් වෙන්නේ ඒ වෙනුවෙන් වූ සිහිකැඳවීමත් ලැබීමෙන් පසුවයි. එතෙක් ඒ ගැන හාංකාවිසියක්වත් මතකයේ නැත ඒ වුනත් මේ අවසාන සිහි කැඳවීම ලැබෙන විට අතමිට අඩුපාඩු තිබුනොත් ඔබ ඉතාම අසීරුතාවයට පත් වෙන නිසා නිතරම අදාල දිනයට පොලිය හෝ පොලිය සහ මුදලෙන් කොටසක් ගෙවීමට අවශ්‍ය කටයුතු කල් තබා ගෙනම සූදානම් කර ගෙන සිටින්නේ නම් ඉතාම වැදගත් වෙනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here