ප්‍රධාන විධායක නිළධාරී තනතුරට පත් අපේ ශිමාරා…

0
3255
shimara_wickramanayake

සාමාන්‍ය ජනවහරට අනුව ස්ත්‍රියක් යම් ආයතනයක ප්‍රධාන කළමනාකරණ තනතුරට පත් වීම එම ආයතනයේ පිරිහීමට හේතු වේය යන අදහස තිබුනත් දැන් එය ප්‍රසිද්ධියේම නිශේධනයට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ අතර එක් චරිතයක් විදිහට අපිට ශිමාරා වික්‍රමනායක නම් වූ ඇය හඳුන්වා දෙන්න පුලුවනි.

ශ්‍රි ලාංකික මව්පිය යුවලකට දාව ශිමාරා උපත ලැබුවේ 1962 වසරේ ලන්ඩන් නගරයේදී. ඇගේ මව අමාරා වික්‍රමනායක වූ අතර පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මව් දෙමව්පියන්ගේ ආභාෂයත් ශිමාරාගේ සාර්ථකත්වයට පසුබිමක් සකස් කළ බැව් නොරහසක්. ඇගේ මව කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ලෙසින් කටයුතු කළ ප්‍රබල චරිතයකි. මේ නිසා දියණියටත් එම ගති ලක්ෂණ නොදැනීම සම්ප්‍රේෂනය වන්නට ඇත. ඒ වගේම පියාගේ බුද්ධිමත් බවත් ශිමාරාගේ ජීවිතයේ ආලෝකය දැල්වීමට පාදක වූ බැව් අමුතුවෙන් කිව යුතු නැත.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වාණිජයය සහ නීතිය පිලිබඳ උපාධිය ලත් ඇය හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් කලමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව 1987 වසරේදී නීති උපදේශිකාවක් වශයෙන් Macqaurie Group සමාගමට සම්බන්ධ වූවාය. මෙම සමාගම ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ පෙල සමාගමක් වන අතර එහි වත්කම  පවුම් බිලියන 25 ක් වැනි ඉහල මට්ටමක පවතී. මුල්‍ය, වත්කම් කළමනාකරණය, බැංකුකරණය, උපදේශක සේවා, අවදානම් හා ප්‍රාග්ධන විසඳුම් යන භුමිකාවන්හි කැපී පෙනෙන මෙහෙවරක් සමාගම මගින් ඉටු කරන නිසා කීර්තිමත් සන්නාමයක හිමිකරුවන් බවට පත්ව ඇති සමාගමකි. මෙම සමාගම වසර 49 ක් පුරා අඛණ්ඩව ලාභ උපයන ව්‍යවසායකත්වය නිසා කීර්තිමත් නාමයක් දිනා සිටින අතර ශිමාරා මේ වෙන විට වසර 31 ක් පුරා මෙම සමාගම වෙනුවෙන් ඇගේ සේවය සපයා ඇත. දෙදරු මවක් වුවත් ආයතනයට ඇති කැපවීම, ආදරය සහ ගරුත්වය නිසාම සමාගම ශිමාරා වෙනුවෙන්ද දැක්වූයේ ගරුත්වයක් හා දැඩි විශ්වාසයකි.

ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන විධායක සමාගම් දෙසියයක් අතුරින් ප්‍රධාන විධායක තනතුරු කාන්තාවන් විසින් දරණ සමාගම් ඇත්තේ 16 ක් පමනි. මේ කුඩා සංඛ්‍යාවක් අතරට ශ්‍රි ලාංකික කාන්තාවකගේ නාමයත් ඉතිහාසගත වීම ලාංකිකයන් ලෙසින් අපිටත් අභිමානයක් නොවේද…?

1987 වසරේ පටන් 2001 වසර දක්වාම ශිමාරා මෙම සමාගමේ උපදේශිකාවකගේ භුමිකාවට අමතරව ඒ වෙන විට ප්‍රධාන විධායක නිළධාරීව සිටි “නිකලස් මුවර්” සමගත් බෙහෙවින් සහයෝගයෙන් කටයුතු කලාය. ඉතා ලෙන්ගතුව ආයතනයේ කටයුතු වෙනුවෙන් දක්වන ලද සහයෝගය නිසාම ශිමාරාට ප්‍රධාන විධායක තනතුර අලුත් අත්දැකීමක් නොවනු ඇත.

ශිමාරා විසින් Macqaurie Group සමාගමේ කීර්තිය රටවල් නවයක් තුළ ස්ථාපිත කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කලාය. නවසිලන්තය, හොංකොං සහ මැලේසියාව යන නගර කේන්ද්‍ර කර ගෙන මෙම සමාගමේ ශාඛාවන් ආරම්භ කළ අතර 2004 වසරේදී නිව්යෝක් නගරයේ ශාඛාවක් ආරම්භ කරමින් ව්‍යාපාර කළමනාකරණය වෙනුවෙන් යටිතල පහසුකම් රාශියක් ගොඩ නැගීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නාය. මේ නිසාම එවකට ප්‍රධාන විධායක නිළධාරීව සිටි “නිකලස් මුවර්” ඇය වෙත පවරන ලද වගකීම් මැනවින් ඉටු කළ බවට සාක්ෂි සපයමින් 2018 වසර වෙන විට සමාගමේ වත්කම් 10 % කින් ඉහළ නැංවීමට ඇය සමත් වූවාය.

2018 වසරේ නොවැම්බර් 30 වන දින වන විට “නිකලස් මුවර්” විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේය. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තිකයා කවුදැයි කිසිම කෙනෙකුට විමතියෙන් විමසීමට අවශ්‍ය වුයේ නැත. කාලය තිබියදීම ඉදිරියේ මෙම තනතුර වෙනුවෙන් වූ පත් කිරීම සිදු විය. යෝජනා වූයේ ශිමාරා වික්‍රමනායකගේ නමයි. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් “නිකලස් මුවර්” සඳහන් කළේ “මම විශ්‍රාම ගියත් විශිෂ්ට අනුප්‍රාප්තිකයෙක් ඒ හිස්තැන පිරවීමට දැන් සූදානම්. අපි දන්නවා… මේ තනතුරට නියම සුදුස්සාද ඇයයි…” ඒ තරමටම ශිමාරාගේ ශක්තිය ආයතනය විසින් තක්සේරු කර අවසානය.

පසුගිය පාලන කාලයේදීත් ආයතනයේ ප්‍රගතිය ඉතාම පැහැදිලිව පෙනී ගිය අතර බැංකු විශ්ලේෂකයන් සඳහන් කරන්නේ Macqaurie Group සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරම ලබා දීමේ කීර්තිය සම්පූර්නයෙන්ම හිමි විය යුත්තේ ශිමාරා වික්‍රමනායක නම් වූ මේ ලාංකීය කාන්තාවට බවයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here