තාත්තා සායම් බාස් වූ ආයතනයේ ,ඔහුගේම දියණිය එහි විධායක නිළධාරිනිය වූ හැටි

0
2498
Mary_Barra

1961 වසරේ දෙසැම්බර් 25 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපත ලද ඇගේ නම “මේරි තෙරේසා මැක්ලා” නම් වූවාය. ඇගේ දෙමව්පියන් පින්ලන්තයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමනය වූවන් වූ අතර පියා “රේ මැක්ලේ ” සේවය කරනු ලැබුවේ ජෙනරල් මෝටර් සමාගමට අනුබද්ධිත ” පොන්ටියැක් ” සමාගමේ සායම් කලවම් කරන්නෙක් ලෙසයි.

මිචිගන් වෝරේෆෝර්ඩ් පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඇය “කෙරිටන්” විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ප්‍රථම උපාධිය ලැබුවාය. අද යුගයේ දියණිවරුන් නම් තම පියා සායම් කලවම් කරන්නෙක් ලෙස ආයතනයක කටයුතු කරන්නේ නම් ඔවුන් කිසිදු විටෙක එම ආයතනයේ සේවයට සම්බන්ධ වන්නේ නම් නැත එහෙත්…මේරි තෙරේසාට ඒවා කිසිදු ගැටළුවක් වූයේ නැත. එහෙත් ඇය පියා සමග මෙම ආයතනයට පැමිණ වාහන නිෂ්පාදන සහ පින්තාරු කිරීමේ කටයුතු දෙස බලා සිටියාය. එදා පටන් ඇගේ හිතේ පැලපදියම් වුන අදහස වූයේ හැකියාව ඇත්නම් කාන්තාවකට වුනත් අවතක්සේරුවෙන් සැලකීම අසාධාරණයක් බවයි.

ඒ නිසාම ඇය 1980 වසරේ කෙට්රින් විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු උපාධියේ ප්‍රායෝගික අධ්‍යාපනයට අවශ්‍ය පුහුනුව වෙනුවෙන් තෝරා ගත්තේ තම පියා සේවය කරන ආයතනයට අනුබද්ධිත “ස්ටැෆර්ඩ් ස්කූල් ඔෆ් බිස්නස්” නම් ආයතනයයි. ඇය මෙම ආයතනයෙන් දර්ශනපති උපාධිය ලබා ගැනීමෙන් පසුව සාජු ලෙසින්ම ජෙනරල් මෝටර්ස් සමාගමේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වූවාය.

කාන්තාවක ලෙසින් තෙරේසා මෙම සමාගමට තමාගේ දායකත්වය නොමදව ලබා දුන්නාය. මේ හිතෛෂි බව නිසාම ජෙනරල් මෝටර්ස් ආයතනය ඇය පිලිබඳව මහත් වූ විශ්වාසයෙන් කටයුතු කළ අතර 2008 වසරේදී ඇය මෙම සමාගම් ජාලයේ මානව සම්පත් අංශයේ උපසභාපතිනිය ලෙසින් පත්වීම ලැබීමට සමත් වූවාය. 2009 වසරේ පටන් වාහන නිෂ්පාදන ඉංජිනේරු අංශයේ  විධායක ප්‍රධාණී ලෙසින් ඇය කටයුතු කලාය. එපමණක් නොව ඩෙට්‍රොයිට් හැම්ට්‍රැක්ට් සමාගමේ කළමනාකාරිනිය ලෙසින්ද, තරගකාර ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂිකාව ලෙසින්ද, අභ්‍යන්තර සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකාව ලෙසින්ද ඇය විවිධ භුමිකාවන් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නාය.

ඇගේ පාලන කාලයේදී එක්තරා අවස්ථාවකදී වැරැදි ලෙස ස්විච් සවි කිරීම නිසා ජීවිත අනතුරු 130 ක් සිදු විය. ඇය වහාම විධායක නිළධාරින් කැඳවා  මේ වෙන විට වෙළදපොලට නිකුත් කරන ලද එම දෝෂ සහිත වාහන නැවත සමාගමට ගෙන්වීමට කටයුතු කලාය. මේ නිසා අලාබයක් ඒ අවස්තාවේදී සිදු වුන්ත “ජෙනරල් මෝටර්ස්” යන සන්නාමයේ කීර්තිය ආරක්ෂාවට ඇය ගත් පියවර ඉතාම ප්‍රශංසනීය බැව් හැම දෙනාගේම පිලිගැනීම විය. මේ පිලිබඳව “Today Show” සම්මුඛ සාකච්ඡාවේදි මැට් ලෝසර් සඳහන් කරනු ලැබුවේ මවක, බිරිදක ලෙසින් වූ කාර්යභාරය ඉදිරියේ  මෙවන් ප්‍රමාදයන් සිදු විය හැකි බවයි.

Kettering  විශ්ව විද්‍යාලයේ නායකත්වය පිළිබඳ භාරකාර පදනම වෙනුවෙන් වූ දායකත්වය ලබා දුන් මේරි බාරා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භාරකාර පදනමේ සාමාජිකාවක් වූවාය.2005 වසරේ ඇය ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රමුඛ කාන්තා චරිතයක් ලෙසින් නම් කරන ලද අතර 2010 වසරේ නැවතත් කීර්තිනාමය ගොඩ නගා ගැනීමට සමත් වූවාය.

කළමනාකාරණ කෙෂත්‍රයේ ධනාත්මක චින්තනය වෙනුවෙන් ව්‍යවසායකත්වයට ලබා දුන් අභිප්‍රේරනය නිසා කෙටරින් විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින් විසින් ඇය වෙත සම්මානයක් ප්‍රදානය කරන ලදී. ව්‍යාපාර පිළිබඳ ස්ටැන්ෆර්ඩ් විශ්ව විදයාලයේ ආශ්‍රය සාමාජිකත්වය ලබා ගත් ඇය 1990 වසරේදී ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා කලමනාකරණය පිළිබඳ න්‍යායාත්මකව ලද දැනුම ආදේශ කිරීම නිසා මෙම දැවැන්ත වයාපාරය තුළ ඇගේ ස්ථාවරත්වය රඳවා ගැනීමට දායකත්වය ලැබුණි. 2014 වසරේදී “ෆෝබ්ස්” සඟරාව විසින් ඇය ලෝකයේ බලගතු කාන්තා චරිතයක් ලෙසින් හදුන්වා දෙන ලද අතර 2015 වසරේදී Fortune සඟරාව මගින් ඇය වසරේ බලගතු කාන්තා චරිතය ලෙසින් නම් කරන ලදී.

ඇගේ පවුල් ජීවිතය ඉතාමත් ආදරයෙන් සහ සෙනහසින් බැදුන සාර්ථක ඒකක්යකි. “කෙටරින්” විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී හමුවුන ඇන්ටනී බාරා සමග  විවාහ වූ අතර ඇය දැන් දෙදරු මවකි. පවුල තරම් උණුසුම් වූද, ආරක්ෂා සහිත සෙනෙහෙබර තවත් තැනක් මිහිපිට නැතැයි ඇය කරන සඳහන තුලින්ම පෙනී යන්නේ පවුල වෙනුවෙන් ඇගේ පවතින අපුරු බැඳීමයි.ඩෙට්‍රොයිට්හි පිහිටි නිවසේ සිය දරු දෙනො සමග මේ දෙන්නා දෙමහල්ලන් ඉතාම සුවදායක යුග ජීවිතයක වාසනාව ලබා සිටිති.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here