කාන්තාවක් ලෙස ඔබත් ඔබට ගැලපෙනම ෆර්පියුම් එක තෝරා ගන්න

කාන්තාවක් ලෙස ඔබත් ඔබට ගැලපෙනම ෆර්පියුම් එක තෝරා ගන්න

ගෙදර දොර වැඩ කරද්දි නම් ටිකක් විතර දහඩිය දුඟද එන්න පුළුවන්. ඇත්තෙන්ම අපි ගමනක් බිමනක් යද්දි නම් එක එක වර්ගයේ සුවඳ විලවුන් භාවිතා කරත් ගෙදරදි නම් ඔය එකක් වත් පාවිච්චි කරන්න හිතන්නෙවත් නෑ නේද?. සමහර වෙලාවට ඔය සුවද විලවුන් තවර ගෙන අපේ අහල පහලින් කෙනෙක් ගියත් ඒ සුවදට අපේ හිත ඇදිලා යන්නෙ වෙන මොහොකට වත් නෙවෙයි එයා ඒ ගහගෙන ගිය ෆර්පියුම් එක මොකක්ද කියලා දැන ගන්න වෙන්න පුළුවන්. ඉතින් කාන්තාවක් වුනාම ඉදිරියට යන්න ආත්ම විශ්වාසය ගොඩක් වැදගත්. ඉතින් ඒ ආත්ම විශ්වාසය අැති වෙන්න අපි අදින ඇදුම පැළදුම වගේම ෆර්පියුම් එකත් ගොඩක් වැදගත් වෙනවා.

අපේ සමහර කාන්තාවන් නම් සුවද තියෙන ඕනෑම වර්ගයක ෆර්පියුම් භාවිතා කරන්න පුරුදු වෙලා  ඉන්නවා. ඒක කාන්තා බ්රෑන්ඩ් එකක්ද  පිරිමි බ්රෑන්ඩ් එකකද කියලා  එයාලට නම් දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒත් අපි කාන්තාවන් හැටියට අපිට ගැලපෙනම දේ තෝරා ගැනීමට නිතරම පෙලෙඹෙන්න ඕන. අද වෙලඳපොලේ නම් එක එක මාදිලියෙ නැවුම් සුවඳ වර්ග ගණනාවකින් යුත් සුවඳ විලවුන් වර්ග තියෙනවා. ඉතින් ඒ අතරින් අපි අපිට ගැලපෙනම දේ තෝරා ගමු නේද?

ෆර්පියුම් එකේ අඩංගු මධ්‍යසාර ප්‍රමාණය, සුවඳ වර්ග ඉස්මතු වීමට යොදා ගත් ද්‍රව්‍ය යන කරුණු මත අපට ෆර්පියුම් එකක් තෝරා ගන්න පුළුවන්. ඇත්තෙන්ම වැඩි මධ්‍යසාර ප්‍රමාණයක් අඩංගු ෆර්පියුම් වල සුවඳත් වැඩි වේලා රැදී පවතිනවා. ඉතින් ඔබට අාවේණික ඔබේ සුවද අද පටන්ම ඔබේ අනන්‍යතාවයක් කර ගන්න. ඔබට ගැලපෙන ඔබේ සුවදට ගැලපෙන ෆර්පියුම් එක තෝරා ගන්න ඔබත් අද ඉඳලා ක්‍රියාත්මක වෙන්න.

  • ෆ්ලෝරල්
    මෙය ඉතා ජනප්‍රිය කාන්තා ඔබටම වෙන් වුන සුවඳ විලවුන් වර්ගයක්. එක එක විදියෙ සුවඳ කාණ්ඩ වලින් යුත් මෙම ෆර්පියුම් එක රෝස, පිච්ච, කානේෂන්, ලිලී, ගාඩිනියා වැනි මල් වර්ග වල සුවදින් යුක්තයි. Verbena, Lavender, Daisy  ඒ අතරින් කිහිපයක් පමණයි.
  • වුඩ්
    මේවායෙහි වල්ල පට්ට, සදුන්, සෙඩාර්, පැච්චෝලි, වගේ ලී වර්ග වල සුවඳ අඩංගු වෙනවා. මේවා ගොඩක් පාවිච්චි කරන්නෙ පිරිමි අය වුනා‍ට කාන්තා අපටත් මෙම වර්ගයේ ෆර්පියුම් නම් ගැලපෙනවා. Giorgio Armani, Kenzopower Fresh කියන්නෙ අපිට පාවිච්චි කරන්න පුළුවන්  විදියෙ ෆර්පියුම් වර්ග දෙකක්.
  • සින්ගල් ෆ්ලෝරල්
    කාන්තා අපි මල් වගේ නිසා අපිට හරි යන්නෙත් මල් සුවඳ විහිදෙන ෆර්පියුම් වර්ග කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ වර්ගයේ ෆර්පියුම් වලින් නිකුත් වෙන්නෙත් මල් සුවද. මෙහි ප්‍රධාන සුවඳකාරක වශයෙන් මල් වර්ග යොදා ගැනීම විශේෂයක් වෙනවා. ඒ නිසාම මෙහි එන්නෙ එක් විශේෂ වුන මල් වර්ගයක සුවදක් වීම අතිශය විශේෂ කරුණක්.
    Bvlgari Omia Green Jade එම විශේෂ වූ ෆර්පියුම් වර්ගයයි.
  • සිට්රස් හෝ ෆෘට්
    Fress වගේම Cool නැවුම් මිහිරි සුවදින් යුත් මෙම වර්ගයේ ෆර්පියුම් වර්ග පැඟිරි හා පළතුරු සුවඳින් යුක්තයි. තරුණියන් අතර ගොඩක් ජනප්‍රිය  Jeane Lavin Fragrance ෆර්පියුම් එකත් මේ වර්ගයට අයත් සුවඳ විලවුන් එකක්.
  • ගර්මන්ඩ්
    Elizabeth Arden Green Tea Sent කියන්නෙ මේ වර්ගයේ ඉතා ඉහල පෙලේ ෆර්පියුම් එකක්. අහාර රසකාරක සුවද‍ට සමාන සුවද සුසංයෝජනයක් සමන්විත මෙම ෆර්පියුම් වර්ග කාන්තා අපට කියාපු නිපැයුමක්.

මේ ෆර්පියුම් වලින් ඔබත් ඔබට ගැලපෙන බ්රෑන්ඩ් එක තෝර ගන්න. ඒ වගේම ෆර්පියුම් එක ආලේපනයට පෙර උසස් තත්වයේ ඩියෝඩ්රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොදයි. ඩියෝඩ්රන්ට් නම් ඉතින් Rexona කියන නම නම් අමතක කරන්න එපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here