තෙල් සහිත සමකට උරුමකම් කියන ඔබ මේ ආහාර වර්ග වලින් ඈත් වීම ඔබගේ ශරීර සෞඛ්‍යයට හිතකරයි.

Malshi_Mendis_Womanly_2016_06_06

තෙල් සහිත සමකට උරුමකම් කියන ඔබගේ මුහුණේ රැළි මතු නොවීම ඔබගේ වයස ස්වභාවය පෙන්නුම් නොකිරීමට හේතුවක් වෙන්න පුළුවන් වුනත් වියළි සමක් උරුම කෙනෙකුට සාපේක්ෂව නම් තෙල් සහිත සමක් ඇති අය වැඩි වෙහෙසක් දරා තම සම රැක ගන්න උත්සහා දරනවා වෙන්න පුළුවන්.  මොකද  කුරුලෑ ආසාදන, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වැනි තත්වයන්ගෙන් බොහෝ සේ පීඩා විදිනු ලබන්නේ තෙල් සහිත සමක් උරුම ඔබ වෙන්න පුළුවන්.  ඉතින් නිසියාකාර පාලන තත්වයන් නොමැති වුනොත් නම් මේ ආසාදන තත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. පිරිසිදු කිරීම් හැරුණුකොට ඔබේ සමෙහි තෙල් මට්ටම අඩු කර නියමාකාරයෙන් පවත්වා ගැනීමට ඔබට හා ඔබේ සමට අවශ්‍ය පෝෂණය ගොඩක් වැදගත්. ඉතින් තෙල් සහිත සමක් හිමි ඔබ ඔබේ සමට අවශ්‍ය  ප්‍රතිකාර සොයා යන මේ ගමන තුල ඔබ ලබා ගන්නා ආහාර පාන ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා අද අපි අවධානය යොමු කරන්නෙ තෙල් සහිත සමකට උරුමකම් කියන ඔබ එය පාලනය කර ගැනීමට අත්හැරිය යුතු ආහාර වර්ග මොනවාද කියන එක පිළිබඳය.

• රතු පැහැ මස් වර්ග

සොසේජස්, හරක් මස්, ඌරුමස් වැනි සංතෘප්ත මේදය අධික ලෙස අඩංගු  මස් වර්ග වලින් ඔබ සම්පූර්ණයෙන් ඈත්විය යුතුයි. මොකද මේවායෙ මේදය ඉතා බහුල අතර අධික තෙල් සහිත සමක් හිමි ඔබට මෙම ආහාර වර්ග කුරුලෑ ආසාදනයටත් මඟ පාදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙම ආහාර  ඔබේ තරබාරු බවට වගේම හදවත් රෝග හා ප්‍රදාහය වැනි රෝග වලටත් බලපෑම් ඇති කරන්න ඉඩ තිබෙනවා.

• කිරි සහිත ආහාර

බටර්, චීස්, යෝගට්, කිරි පානයන් වැනි ආහාර වර්ග තුලින්ද ඔබේ සමට මේදය එක් වන්න ඉඩ තිබෙනවා. ඒ වගේම එම ආහාර ඔබව ඉක්මනින්ම වයසට යෑම වේගවත් කරන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. අපේ සමහර උදවිය නම් උදෑසන කිරි වීදුරුවට අමතරව විටින් විට දවසට දෙතුන් වතාවක් වත් කිරි බොන්න පෙලඹිලා ඉන්නවා . ඉතින් ඔබ දන්නවාද  එය ඔබේ සමට අහිතකරයි වගේම ඔබ හදවත් රෝගියෙකු කරන්න උදව් වන බව. දෛනික කැල්සියම් අවශ්‍යතා සඳහා කිරි සහිත ආහාර වෙනුවට වෙනත් විකල්ප යොදා ගැනීමට ඔබට හැකි නම් ඔබත් නීරෝගී සමක හිමිකරුවකු වෙන්න පුළුවන්.

• අමතර සීනි, පැණි යොදන ලද ආහාර වර්ග

සිසිල් බීම, ජෑම්, කේක් වර්ග, බනිස්, පේස්ට්‍රි  වගේ පොඩි පොඩි ආහාර පුරුදු ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙනවා. අපේ උදවිය ගොඩක් වෙලාවට තේ බොන්න බිස්කට් එකක්, වෙනත් සීනී යෙදූ ස්වීට් කෑම වර්ග එහෙම ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම මෙය ගොඩක් අවදානම් පුරුද්දක්. මොකද  මෙවැනි ආහාර පාන වර්ග වල බඩ ඉරිගු සිරප්, මෝල්ටෝස් හා උක් පැණි වගේ හෝර්මෝන වඩවන දේවල් අඩංගු නිසා එය තෙල් සහිත සමක් හිමි ඔබට නම් ගැටලුවක් ඇති විය හැකි  ප්‍රශ්නයක්. මෙහි ප්‍රතිඵල ලෙස කුරුලෑ හා ඇක්නි තත්වයන් ඇති වෙන්න තියෙන ඉඩ වැඩිවෙන්න පුළුවන්.

• ලුණු සහිත කෙටි ආහාර

අල චිප්ස්, ටිපින්, වගේ කෙටි ආහාර මෙන්න කඩපල වල දැන් තියෙන සමහර බිස්කට් වර්ගද  ඔබේ සමේ සෞඛ්‍යයාරක්ෂාවට බලපෑම් ඇති කල හැකියි. මොකද මෙම ආහාර වර්ග කල් තබා ගැනීමට යොදා ගන්නා මේදය කොටස් සමට අයහපත් බලපෑම් ගෙන දෙනවා.

• ගැඹුරු තෙලේ බඳින ලද ආහාර

මස්, මාළු, අල, සොසෙජස් වගේ ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ගත් තෙල් සහිත සමක් හිමි ඔබට අහිතකර වෙන්න පුළුවන්. ඉන් ඔබේ ශරීරයට අනවශ්‍ය පරිදි මේදය ඇතුළු වී ඒවා ඔබේ සමේ සිදුරු මතින් කාන්දු වී ඔබට විඩාවට පත් පෙනුමක් ලබා දෙන්න හේතු වෙන්න පුළුවන්.

රස ගැනම පමණක් නොසිතා තමන්ගේ සම ගැනත් එහි පෝෂ්‍ය ගුණ ගැනත් සිතා ආහාර පාන ලබා ගන්නවා නම් තෙල් සහිත සමක් හිමි ඔබ පමණක් නෙවෙයි හැම දෙනාම  හැමදාමත් සෞඛ්‍ය සම්පන්න නීරෝගී  තරුණ පෙනුමකට හිමිකම් කියන අය වෙන්න පුළුවන්

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here