පිරිමි අකමැති ගෑණු ගති 5ක්

0
13130
මෙන්න පිරිමි අකමැති ගෑණු ගති

අපේ රටේ ගොඩක් දික්කසාද හා පවුල් අවුල් වීමට හේතු වන්නෙ කාන්තා උදවියගෙ හැසිරීම. ඇත්තෙන්ම බොහෝ පිරිමි උදවිය අකමැතියි තම භාර්යාවගේ නොමනා ක්‍රියා කලාපයට. ඉතින් කාන්තාවක් ලෙස අප කවුරුත් පිරිමි අය අකමැති මොන වගේ දේවල් වලටද කියලා හොදින් දැන ගෙන ඉන්න එක වැදගත් කියලයි මට නම් හිතෙන්නෙ. ඒ නිසාම මම හිතුවා ඔබේ සැමියා, පෙම්වතා අකමැතිම ඔබේ මේ ගුණාංග ඔබට පෙන්වා දෙන්න ඕන කියලා. ඔවුන් අකමැති මේ දේවල් ඔබේ  ජීවිතෙත් පුරුද්දක් වෙලා තියෙනවා නම් ඔන්න මෙතැන් පටන් ඒ ගති මඟ හරවා ගන්න ඔබට මෙම ලිපිය අත් වැලක් වේවි. ඉතින් Womanly.lk මගින් අද ඔබට කියන්නෙ පිරිමි උදවිය අකමැතිම ගැහැනු අපේ ගති ගැන.

• නිතර කියවිල්ල

ඔබ දන්නවාද ගොඩක් පිරිමි අය අකමැතිම ගැහැනු උදවියගෙ එක් ගතියක් තමයි ඕන එකටයි, එපා එකටයි දෙකටම නිතර කියවිල්ල. ඇත්තෙන්ම එහෙම උනාම කාන්තාවක් විදියට අපිත් පිරිමි පාර්ශ්වය ඉදිරියෙ හෑල්ලුවට ලක් වෙන්න පුළුවන්. කොහොම වුනත් පිරිමි ඉන්න තැන නම් වැඩිපුර කථාවට නම් යන්න එපා.  ” පුදුම කන්කරච්චලයක් නේ ”  ” ඔහේ නිකන් වට්ටි අම්මෙක් වගේ”  “මොන වදයක්ද මේ, කනක් අැහිලා ඉන්න නෑ”  මෙන්න මේ වගේ දේවල් ඔයාගෙ සැමියා හරි පෙම්වතා හරි ඔයාටත් කියනවද ? කියලා තියෙනවද ? එහෙම දේවල් අහගන්නෙ අපේ ඕනෑවට වඩා කියවිල්ල නිසා නේ. ඒ නිසා සීමාවක්  ඇතිව පිරිමි අය ඉදිරියෙ කථා කරන්න.

• ඔව් , නෑ  , බෑ  තරඟය

ඔයත් හැම එකටම ඔව්,නෑ,බෑ වගේ  ” අනේ මම දන්නෙ නෑ” , ” හ්ම්” , ” වෙන්න ඇති” , ” මුකුත් නෑ”  කියන මේ වගේ වචන වලින් උත්තර දීලා ගැලවෙන්න හදන කෙනෙක්ද ? ඇත්තෙන්ම පිරිමි අය දෙයක්  ඇහුවොත් කවදාවත් මෙන්න මේ කියපු තනි වචනෙන් උත්තර දෙන්න යන්න එපා. එයාලා හරි අකමැති මේ හා, හ්ම්, නෑ, බෑ  වගේ අර කියපු වචන වලට. ගොඩක් පිරිමි අයට ඉක්මනින් තරහා යනවා මෙන්න මේ විසදුමක් නැති පිළිතුරක් නොවන උත්තර දුන්නම. ඒ නිසා එයා දෙයක් ඇහුවම දන්නෙ නෑ , මුකුත් නෑ නොකිය කෙලින් කථා කරන්න පුරුදු වෙන්න. නැත්නම් නැති ප්‍රශ්නත් ඔයාගෙ පවුල් ජීවිතේට ඇති වේවි.

• වැඩි සෙවිල්ල

”  ඔයා කොහෙද යන්නෙ ”
( මේ පොඩි වැඩකට යනවා )

” මොකක්ද වැඩේ ”
(ඇවිත් කියන්නම්)

” ඇයි ඇවිත් කියන්නෙ, ඕක දැන් කියන්න බැරිද ? ”
(එක පාරක් කිව්වා මම)
මෙන්න මේ විදියට එයා දෙයක් කිව්වම ඔයත්  ඒකට හරහට ප්‍රශ්න අහන්න යනවද ? කවදාවත් පිරිමි අය ගැන ඕනවට වඩා සොයන්න යන්න එපා. විශේෂයෙන් ගමනක්, බිමනක් යන්න  රැකියාවට යන්න විශේෂ වැඩකට යන්න පිටත් වෙන වෙලාවට නම් අනම් මනම් ප්‍රශ්න අහන්න යන්න එපා එයාලා හරිම අකමැති හාර හාර එයාල ගැන හොයනවට. එහෙම උනාම එයාල හිතන්නෙ සැකේ නිසා එයාලගෙන් ප්‍රශ්න කරනවා කියලා. ඒ නිසා කිසි විටෙකත් එයාලට දැනෙන්න එයාලා ගැන හොයන්න එපා.

• විවේචනය

පිරිමි අය ගොඩක්ම අකමැති එයාලව විවේචනය කරනවට. කිසිම දවසක එයාලා ඉදිරියෙ, යාළුවො, නෑදෑයන් ඉදිරියෙ ඔයා ඔයාගෙ පෙම්වතා, සැමියා විවේචනය කරන්න එපා. මොකද පිරිමි උදවිය හරි අකමැති කාන්තාවන් ඉදිරියෙ එයාලගෙ පෞර්ෂයට හානියක් වෙනවට. ඒ නිසා දෙයක් තියේ නම් ආදරයෙන් තේරුම් කරන්න. කවදාවත් විවේචනය කරන්න යන්න එප‍ා.

• ආත්ම අභිමානය

” ඔයා මහාම මහා මෝඩයෙක්, පිරිමියෙක් කියලා කියන්නත් ලැජ්ජයි. ”  ” ඔයා මොනවද දන්නෙ අනේ”
ඔයත් විහිලුවට හරි මෙහෙම කතා ඔයාගෙ සැමියට හරි පෙම්වතාට හරි කියලා තියෙනවද?  ඇත්තටම විහිලුවට වත් මේ වගේ කතා නම් එයාලට කියන්න යන්න එපා. එයාලා හරිම අකමැති ගැහැනු අපි ඉදිරියෙ එයාලව හෑල්ලු කරලා කතා කරනවට. ඒක එයාලට මදිකමක් වගේ දැනුනොත්  ඒ වචනෙ හැමදාටම හිතේ තියන් ඉඳලා අවස්ථාව ආපු ගමන් ඔයාට ඇඟිල්ල දික් කරන්න බැරි කමක් නෑ. ඒ නිසා කවදාවත් එයාලගෙ ආත්ම ගෞරවයට හානියක් වෙන විදියට නම් කථා කරන්න යන්න එපා.

මෙන්න මේ කියපු දේවල් ඔයා ළඟත් තියෙනවා නම් ටිකින් ටික ඒ ගති මඟ හැර ගන්න. මොකද හොඳ පවුලක් ගොඩ නගා ගන්න නම් අපිත් පිරිමි අය කැමති දේවල් වලට හුරු වෙන්න වගේම එයාලා අකමැති දේවල් වලින් ඈත් වෙන්නත් ඕන. එතකොට අපි ගැන එයාලගෙ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබත් අද පටන් පිරිමි උදවිය අකමැති මේ දේවල් වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here