කාන්තාව සහ පිරිමියා අතර ඇති වෙනස වටහා ගන්න

0
5998
කාන්තාව සහ පිරිමියා අතර ඇති වෙනස වටහා ගන්න

” ස්ත්‍රිය චපලය,ඇය මඩේ සිට වූ ඉන්නක් වැනිය” පොදු ජනයා අතර කාන්තාව එසේ ප්‍රචලිත වුවද ෂ්වරස් නමැති විද්වතා නම් මෙයට එකග වන්නේ නැත.ඔහුට අනුව ස්ත්‍රිය යනු පුර්ෂයාට වඩා ස්ථිරසාරය.ස්ත්‍රිය අමු මැටි ගොඩක් වැනිය.අමු මැට්ටෙන් නොයෙක් හැඩයේ බදුන් තැනිය හැකිය.පිරිමියා නිමාවට පත් කල මැටි බදුන් වැනිය.බදුන්වල අගය විනා මැටි වල අගය වැඩි දෙනෙකු දන්නේ නැත.බාහිර මෝස්තර වලින් කාන්තාවන් නිතරම වෙනස් වුව ද අභ්‍යන්තරයෙන් ඇය වෙනස් වන්නේ ඉතා සෙමිනි.වේගයෙන් වෙනස් වන පිරිමියාට ගැහැනියගේ මේ සෙමෙන් ගමන තේරුම් ගැනීම පවා අසීරු වේ.

ජීවිතය පිලිබදව වගකීම් හා බරපතලකම ද පිරිමියෙකුට වඩා වැටහෙන්නේ ගැහැනියකටය.14 පමණ වයස ඇති කොල්ලෙක් සහ කෙල්ලෙක් දෙස බැලු විට කෙල්ල සතු දැනීම කොල්ලෙකුට වඩා බෙහෙවින් වැඩිය.ගැහැනිය යම් ගැටලුවකදී තීරණ ගන්නේ ඇයටම ආවේනික චින්තනයකට අනුව මිසක් විචාර බුද්ධියකින් නොවේ.ගැහැනියගේ මොලේ හැදී මිටේ යන්න ඇතැම් ගම් වල කියනුයේ මෙන්න මේ හේතුව නිසාය.

පිරිමියා බොහෝ විට ජීවිතය දෙස බලන්නේ පිටස්තරයකු වශයෙනි.එහෙත් ගැහැනියක එසේ නොවේ.ඇය ජිවිතේ ප්‍රශ්න දෙස බලන්නේ ඒවා තම සිතට මුළුමනින්ම බද්ධ කර ගෙනය.එන එන හැටියට ප්‍රශ්නවලට මිරිකී පීඩා විදීම ඇයට පුරුදුය.ජීවිතය තම හදවතින්ම බදා ගෙන සතුටු වීම ඇගේ පුරුද්දයි.චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නරබන ඇය දුක හිතෙන දර්ශන වල දී කදුළු සලන්නේ බොරුවට නොවේ.දුකට පත් කිසිවෙකු සමග බද්ධ වීම ඇගේ සහජ ගතියයි.

දුක් වේදනා ඉසිලීමට පිරිමියෙකුට වඩා අධික ශක්තියක් ගැහැනියට ඇත්තේය.දුක් විය යුතු කරුණකදී මහා හඩින් වැලපී අනතුරුව හිත හදා ගෙන ඊළගට තමාට අයත් යුතුකම් කොටස ඉටු කිරීම ඇයට අසීරු කරුණක් නොවේ.

අලංකාර වීමේ සහජ අසාවක් ගැහැනියකට ඇත්තේය.අලංකාරය ඇයට ආභරණයකි.ඇදුමෙන්,

පැලදුමෙන් සහ සුවද විලවුන් ආදිය දකින්නත් හමු වන අය ඉදිරියේ ලස්සනට සිටීමට ඇය උත්සාහ කරන්නේ තමා වෙත පිරිමින් ඇද ගැනීමට නොවේ.අලංකාරයට ප්‍රිය වීම ස්ත්‍රිය ගේ සහජ දායාදයකි.පිරිමින් ඉදිරියේ පමණක් නොවේ ගැහැනුන් ඉදිරියේ ද ප්‍රිය මනාප ලෙස සිටීමට ඇය උනන්දුවක් දක්වයි.කවරකු වුවත් තමාගේ රූපය අගය කරනු දැකීමට ඇය ආශා කරයි.ගැහැනියගේ සුන්දරත්වය අගය කිරීමේ අයිතිය ඇත්තේ ඇගේ සැමියාට පමණක් නොවේ.ඇගේ සුන්දරත්වය කා විසිනුත් අගය කල යුත්තකි.

එදිනෙදා ජිවිතයේ හමු වන හැම ගැහැනියක් හෝ පිරිමියෙක්ම මෙම විස්තර කල ලක්ෂණ වලින්ම අනුන යැයි කිය නොහැකිය.මෙලෙස දැක්වුයේ පොදු චරිත ලක්ෂණ කිහිපයකි.ඒවා එක් එක් පුද්ගලයා තුල අඩු වැඩි වශයෙන් පැවතිය හැකිය.කෙසේ වෙතත් ඔවුනොවුන් ගේ අභ්‍යන්තර ගති ලක්ෂණ තේරුම් ගැනීමට ගැහැනුන් සහ පිරිමින් උන්නදු වන්නේ නම් ඔවුන්ගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට එය බලපෑ හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here