සුන්දර දෙතොලක රහස

0
3214
සුන්දර දෙතොලක රහස

ගැහැනියකට තම සුන්දරත්වය පවත්වාගෙන යෑමට තම මුහුණේ පෙනුම වගේම දෙනෙත්,හිස කෙස්, නිය, මෙන්ම දෙතොල් ගැනත් වැඩි අවදානයක්  යොමුකළ යුුතු වෙනවා. දෙතොල් කියන්නෙ කාන්තාවකගෙ මුහුණේ අලංකාරය වැඩි කරන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියක්. කාන්තාවන් ලෙස අප කවුරුත්  ඉතාමත් සැලකිලිමත් විය යුතුයි අපේ  දෙතොල් වල නීරෝගී බව  රැක ගන්න. මොකද ඉරි තැලුන , වියලුන  හා අව පැහැ ගැන්වුණු  දෙතොල් කාන්තාවකගෙ සුන්දර පෙනුමට නම් ලොකු හානියක් කරන බව නිසැකයි.

ඔබට පොඩි රහසක් කියන්නද ඔබ ඔබගෙ ඇස් වලට පාවිච්චි කරන Eye Cream එක රාත්‍රි කාලයේදී ඔබගේ දෙතොල්  වල ආලේප කිරීමෙන් දෙතොල් වල නීරෝගී බව රැක ගන්න පුළුවන්.  ඒ වගේම තමයි අතීතයේ සිට අපේ රජ කුමාරිකාවන් පවා ඔවුන්ගෙ දෙතොල් වල නීරෝගී බව පැහැපත් බව රැක ගත්තෙ මී පැණි දෙතොල් වල ආලේප කරලා. දිනපතා රාත්‍රි නින්දට යෑමට පෙර ඔබගෙ දෙතොල් වල මී පැණි ආලේප කරන්න පුළුවන් නම් එය ගොඩක් හොදයි.

දෙතොල් අලංකරණයේදී මුලින්ම ගොඩක් දෙනෙක් භාවිතා කලේ රතු වර්ණය.ඒත් අද වන විට එය වර්ණ 600කට අධික ප්‍රමාණයක් දක්වා මෙය ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඉතින් අපි බලමු අපට ගැලපෙන විදියෙ දෙතොල් ආලේපනයක් තෝරා ගන්නෙ කොහොමද කියලා. සමේ පැහැයටත් දෙතොල් වල පැහැයටත් සම වන මට්ටමේ ආලේපනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වනවා.
ගොඩක් කාන්තාවන් ආලේපන තෝරා ගන්නෙ අත්ලෙ උඩු පැත්තෙ ආලේපනය ආලේප කර බලලා. ඇත්තටම කියනවා නම් එය ගොඩක් වැරදි ක්‍රමයක්. මොකද  කිව්වොත් අපි දෙතොල් වල ආලේප කරන්න ගන්න ආලේපන තෝරාගත යුත්තෙ දෙතොල් වලම ආලේප කරලා බලලා.

දෙතොල් අලංකරණයේදී අද බොහෝ දෙනෙක් මුලින්ම Lip Liner Pencil එකක් පාවිච්චි කිරීම සිදු කරනවා. ඇත්තටම කිව්වොත් Lip Liner Pencil  එකක් පාවිච්චි කිරීමෙන් බලාපොරොත්තු විය යුත්තෙ දෙතොල්වල ස්වාභාවික පෙනුම  වැඩි කිරීම මිසක් දෙතොල් විශාල හෝ කුඩා කර පෙන්වීම  නෙවෙයි. එමගින් සිදුවිය යුත්තේ තමන්ට ස්වභාවයෙන්ම ලැබුන දෙතොල් වල අඩු පාඩු සකසා ගැනීම.
ඒ වගේම තමයි ඉරක් ආකාරයට දෙතොල් මත Lip Liner එක ඇදීමෙන් මුහුණට අස්වාභාවික පෙනීමක් ගෙන දෙනවා. පෙනෙන නොපෙනෙන ලෙසට Lip Liner එක යෙදිය යුතු වෙනවා.
ඔබ තෝරාගත් තොල් ආලේපන වර්ණ තද පැහැයෙන් තෝරා ගෙන lip liner එකින් දෙතොලේ හැඩය ඇද ගන්න.
පසුව තෝරාගත් තොල් ආලේපන වර්ණය Brush එකක් මඟින්  ආලේප කිරීමේදී නියමිත ආකාරයට වර්ණය  දෙතොල් මත පැතිරී යෑම සිදු වෙයි. පසුව නවාගත් Tissue එකක් දෙතොල මත තබා හොඳින් දෙතොල් තද කරන්න. පසුව නැවත වරක් Brush එක මගින් ආලේපනය තවරන්න.

මීට අමතරව අද වන විට lip gloss වර්ග රාශියක්  වෙළඳපොළේ දක්නට තියෙනවා. ලාබාල යුවතියන් බොහෝ විට Lip Gloss පාවිච්චි කිරීම සුලබව දක්නට ලැබෙනවා. ඒ වගේම පිරිපුන් විශාල දෙතොල් අැති අයටද තොල් ආලේපන ගැල්වීමට වඩා gloss  පමණක් ආලේප කිරීම මගින් වඩාත් අලංකාරයක් ලබා ගත හැකියි.

විවිධ වර්ගයේ පහසු ආකාරයට පාවිච්චි කළ හැකි Lip Liner Pencil වර්ග රැසක් ඇත. ඒ අතර
Auto Lip Liner Pencil
Lip Liner Pencil
Lipstick
Matte Colour
Luxury Cream Lip Colour
Preclous Jewell Lipstick
Lip gloss
Sheer lip gloss tube
Twisty gloss
Glitter gloss  වේ.

විශෙශ්ෂයෙන් ඔබ දැනුවත් කල යුතු දෙයක් ඇත. එනම් ඔබ පාවිච්චි කරන නිෂ්පාදන උසස්     තත්වයෙන් හොද තත්ව පාලනයක් යටතේ   නිෂ්පාදනය වූ නිෂ්පාදනයක් විය යුතුය. බාල නිෂ්පාදන තුල ඇති   විවිධ සංඝටක ඔබගේ     දෙතොල් ආසාදිත මෙන්ම හොද තොල් ආලේපනයක් පාවිච්චි කිරීමේදී Lip  Balm එකක්     පාවිච්චි කිරීමේ     අවශ්‍යතාවක් ඇති නොවේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here