අනාගතයේ විවාහ වීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක්

0
4391
අනාගතයේ විවාහ වීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක්

කාන්තාවකට වගේම පුරුෂයෙකුටත් ජීවිතයේ අලුත් ආරම්භයක් ලබා දෙන නවුම් වූ අත්දැකීමක් ලෙස විවාහය හදුන්වා දෙන්න පුළුවන්. තම මාපියන් යටතේ හැදී වැඩී මාපිය ආදරය රැකවරණය ලබන ගැහැණු දරුවකු තම ජීවිතයේ  ඊලඟ පියවර ආරම්භ කරන්නේ  ඇය සමඟ අතිනත ගන්නා ජීවිත කාලයටම ජීවන ගමන යෑමට දුක සැප බෙදා ගැනීමට ඇයට ලංවෙන සැමියා සමඟය.  ඉතින් අපේ සමාජයේ කථාවක් තියෙනවා දුවෙකුගෙ පළමු ආදරය තාත්තා වෙනවා වගේම  අවසන් ආදරය ඇයගෙ සැමියා වනවා කියලා.

කාන්තාවන් වන අප සියලු දෙනා තනිකඩ ජීවිතයේ මොන ලෙස දේවල් සිදු කළත් විවාහ දිවියට පැමිණි කල අප තවත් බැදීමකට කොටු වෙනවා. ඉන් පසු අප මොන දේ කලත් ඒ බැදීමට තුල සිට සියල්ල සිදු කල යුතුයි. මොකද තනිකඩ ජීවිතේදි ජීවිතය ගැන ගැඹුරින් නොබැලුවාට විවාහ ජීවිතයේදි අපට එහෙම බෑ. ජීවිත කාලය පුරාවට එකට ඉන්න අපේ ඕනෑ එපාකම්  පිරිමහන්න පැමිණිය අපේ ජීවිතයේ භාරකරු තමයි සිය සැමියා. කාන්තාව ජීවිතය ආරම්භ කරන්න සමාජයට පියවර තබන්න මූලිකව අඩිතාලම දාන්නෙ සිය කුල ජීවිතය මගින්. ඒ කුල ජීවිතයේ රදා පැවැත්මට බොහෝ දේ කැපකල යුතු වෙනවා වගේම බොහෝමයක් යුතුකම් හා වගකීම් තිබෙනවා.  ඉතින් ගිහිගෙය ගිනි ගෙයක් නොකර ජීවත් වෙන මූලිකම වගකීම රදා පවතින්නෙ ගැහැනියකගෙ අතේ නේද ?

බොද වුන වර්තමාන යුගයක ජීවත් වෙන බොහෝ දෙනා   තම යුග දිවිය ගත කිරීමට අවශ්‍ය ඉවසීම නොමැති නිසාම තම විවාහා දිවියට තිත තබන වාර අනන්තයි. බුදුන්ගේ කාලයේ සිට පතිනියකට කුල ගෙය තුල කටයුතු කරන ආකාරය පිළිබඳ  යම් යම් තැන් වල පවසලා තිබුනත් ඒ මඟ යන්න අපේ සමහර කාන්තාවන් අපොහොසත් වුන වාර අපමණයි.  ඔබ අහලා ඇති විශාඛා මහ උපාසිකාව තම දියණිය පතිනියක ලෙස තම ප්‍රථම පියවර තබන දින ඇයට දුන් අවවාදය. ඇත්තෙන්ම  හොඳ බිරිඳක් කවමදාවත් ගෙයි ගිනි  පිටත නොදිය යුතුයි.  තම පවුල තුල කොතරම් ගැටලු තිබුනද  කොතරම් අඟහිඟකම් තිබුනද  ඒ සියල්ල දෙදෙනා අතර පමණක් තියා ගත යුතුය. තම සැමියාගේ අඩුපාඩු නිතර නිතර නොසෙවිය යුතුය

ඒ වගේම තමයි කිසිවිටෙකත් දෙදෙනාම එකවර තරහ ගන්න එපා. ඔහු තරහින් පසුවේ නම් ඔබ වඩාත් ඉවසිලිමත්  කෙනෙක් විය යුතුයි. මොකද දෙදෙනාම එකවර තරහා ගත්තොත් එය කෙළවර නොවන ප්‍රශ්නයක මුලක් වේවි.   ඒ විතරක් නෙවෙයි කවමදාවත් තම සැමියට යටිගිරියෙන් කෑගහන්න යන්න එපා.
මොනයම් අවස්ථාවක වුනත් දෙදෙනාම  වාදයක  සිටීනම්  එය ජය ගැනීම අනෙකාට ලබා දෙන්න. මොකද කිසිම පිරිමියෙක්  කැමති වෙන්නෙ නෑ කාන්තාවන් ඉදිරියෙ පරාජිතයෙක් වෙන්න.

තවත් එක් කාරණයක් තමයි කවදාවත් ඔබේ සැමියාව එකිනෙකා ඉදිරියේ විවේචනය කරන්න යන්න එපා. අඩු තරමේ ඔබේ දෙමාපියන්, සහෝදරයන්, යහළුවන් ඉදිරියේවත් ඔහුව විවේචනය කරන්න එපා. ප්‍රශ්නයක් තියේනම් කෙලින්ම ඔහු සමග කථා කරලා විසද ගන්න. ප්‍රශ්න හිතේ හිරකරගෙන පලිගන්න යන්න එපා.

ඔබ ආදරණීය  බිරිඳක් වෙනවා දකින්න ඔබේ සැමියා ගොඩක් කැමති වේවි. කවදාවත් ඔහුගෙ හිත බිදෙන අයුරින් කථා කරන්න යන්න එපා. නිතරම ආදරණීය ලෙස කථා කරන්න. උස් හඩින් කිසිවිටෙකත් කථාවට යන්න එපා.
කවදාවත් ඔහුගේ අතීතය ඔබ දෙදෙනාගේ වර්තමාන ජීවිතයට බලපෑමක් කර ගන්න එපා.

අනික් අයගේ දේවල් වලට ප්‍රථම ඔහුගේ කටයුතු වලට මුල් තැන දෙන්න. නිතරම ඔහු වෙනුවෙන්  ඔබට කාලය තිබෙන බව පෙන්වන්න. පිටත ලෝකයට වඩා එකිනෙකා වෙනුවෙන් මුල් තැන දෙන්න. දෙදෙනා අතර වෙන ගැටලු එදා දවස අතුලතම විසද ගන්න බලන්න. ඒ ප්‍රශ්න අලුත් දවසකට අරන් යන්න එපා. එවිට නිරායාසයෙන්ම ඔහුත්, ඔබගේ කටයුතු වලට මුල් තැන දේවි.

අඩුම තරමෙ දිනකට එක් වරක්වත් අනෙකාව ප්‍රසංශා කරන්න. 
ඔබ දන්නවාද පිරිමි අය ආදරේ කියන දේ ගැහැණු අපි වගේ මහා ලොකුවට පෙන්නන්නෙ නෑ.නමුත් හිත ඇතුලින් ලොකු ආදරයක් ඔවුන් තුල තියෙනවා. ඒ නිසා කවදාවත් ඔහු ඔබට ආදරේ නෑ කියලා හිතලා වැඩ කරන්න එපා. ඔබ අතින් දැන හෝ නොදැන වරදක් උනා නම් එය පිළිගෙන ඔහුගෙන් සමාව ඉල්ලා සිටින්න. ඔහු සමාව ඉල්ලා සිටින අවස්ථාවක වුවත් සමාව දීමට පසුබට නොවන්න.

පවුල් ජීවිතයක් රදා පැවතීමට නම් දෙදෙනා අතර මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. කාන්තාවක් ලෙස අප කවුරුත් අනෙකාව හොදින් තේරුම් ගත යුතුයි. ඔහුගේ ඕනෑ එපාකම් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම කියනවා නම් තේරුම් ගැනීම වගේම විශ්වාසයෙන් වැඩ කල යුතු වෙනවා. දෙදෙනාට දෙදෙනා තුල මනා විශ්වාසයක් තිබිය යුතුයි.
ඒ වගේම පිරිමි අය ලොකු ආදරයක් බලාපොරොත්තු වෙනවා . අපි මුලු හදවතින්ම ඔහු හා බැදිය යුතුයි . ආදරේ කල යුතුයි.
නිතරම අනෙකාට සවන් දෙන්න. එකට එක කිරීම කතා කිරීම වැනි දේවල් වලට නම් යන්න එපා.  නිතරම     විවෘතව කතා කරන්න. කවමදාවත් කිසිම දෙයක් ඔහුගෙන් සගවන්න එපා. ඔබගේ අතීතය පිළිබඳ ඔහුට පවසා තියන්න.

විවාහ දිවිය සුන්දර කර ගන්න මාර්ගය පාදන්න පුළුවන් ගැහැනියකට. ඒ වගේම  තමයි කුල ගෙය කියන්නෙ මහා ලොකු බැදීමක් එක්ක එන දෙයක්. ඒ ගිහිගෙය ගිනි ගෙයක් නොකර ජීවත්    වීමේ කාර්ය භාර්ය තියෙන්නෙත් ඔබ අතේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here