සියලුම කාන්තාවන් හට පොදුවේ ඇති වන මෙම ගැටලු නිසා පුරුෂ ඔබත් කනස්සල්ලෙන්ද ?.

0
4544
boy_worried_about_his_gf

ඇත්තටම මේ සමාජයේ කාන්තා අපට වගේම පුරුෂ පාර්ශවයටත්  එකිනෙක ගැටලු තිබෙනවා. ඉතින් මේ ගැටලු සමහර අවස්ථා වලදී ඔබගේ පවුල් ජීවිතයට පවා බලපෑම් එල්ල කරන අවස්ථා තියෙන්න පුළුවන්. එහිදී බිරිඳට සැමියා හෝ සැමියාට බිරිඳව නුරුස්නා අවස්ථා තිබෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අන්න ඒ නිසාම අද Womanly.lk මගින් කාන්තාවන්ට  ඇති මානසික ගැටලු කිහිපයක් පිළිබඳව කතා කරන්න ඕන කියලා මම හිතුවා. මේ ලිපිය කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශවයටත් වැදගත් වේවි. මොකද තම බිරිඳගේ හෝ පෙම්වතියගේ වෙනසක් ඇත්නම් එය තේරුම් ගෙන ඇයට සහනයක් වීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත.  එසේනම් බලන්න ඔබත් මෙම හේතු  නිසා දවසක් හෝ කනස්සල්ලෙන් සිටියාද කියලා.

  • ඔසප් දිනය

අපේ බොහොමයක් කාන්තාවන් මානසිකව වගේම ශාරීරිකවත් වැටෙන එක ගැටලුවක් තමයි මාසික ඔසප් වීම. ඇත්තටම සමහර කාන්තා උදවිය නම් මෙම ඔසප් වීමේ දින පසු කරන්නෙ පුදුම වේදනාවකින්. මේ දවස් වලට නම් කාන්තාවන්ට ටිකක් වැඩියෙන් කේන්ති යනවා. ඒ වගේම කවුරුත් වැඩියෙ නොරිස්සන්නෙ නෑ. ඉතින් එහෙම දවස් වලට අපේ පිරිමි අය තම සහකාරියව වෙනදටත් වැඩියෙ තේරුම් ගන්න උත්සහා කරන්න. මොකද තමන්ට තියෙන වේදනාව අපහසුතා එක්ක ගෙදර දොරේ වැඩ, බබාලගෙ වැඩ කරන්නත් ඕන ඒ අතරෙ පිරිමි අයත් නෝක්කඩු කරන්න ගියොත් එතන තවත් හිත් අමනාපයක් විතරයි ඇති වෙන්නෙ. මොකද කාන්තාවකට ඔසප් දින කියන්නෙ පසුකර ගන්න අපහසු දින 4ක්. යටිබඩ වේදනාව, පියයුරු වේදනාව, උදරයේ වේදනාව වගේ දේවල් නිසා බොහෝ විට ඒ දින තුන හතර කාන්තාවකගේ මානසික මට්ටම පහල වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවලුත් තේරුම් අරන් ඔයාගෙ බිරිඳව ටිකක් හරි සනසන්නට පුළුවන් නම් එයාගෙ හිතේ ඔයාට තියෙන ආදරෙත් තව වැඩි වේවි.

  • ගැබ් කාලය

ඇත්තටම අලුත බැඳපු ජෝඩුවකට කුලුදුලේ තියෙන ලස්සනම හීනයක් තමයි දරුවෙක් කියන්නෙ. තම බිරිඳ ගැබ් ගෙන කියලා අහන එක තරම් සතුටක් අපේ පුරුෂ පාර්ශවයට නැතුව ඇති. ඒත් ඉතින් කාන්තාවක් ගැබ් ගැනීමෙන් පස්සෙ ඇයගෙ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ශරීරය , හැඩරුව  ගමන බිමන මෙන්න මේ දේවල් පවා කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න ගන්නවා ගැබ් ගත්තට පස්සෙ. සමහර අවස්ථා වලදී උදරයේ ඇති වන වේදනාව  අත් පා ඉදිමීම වගේ දේවල් නිසා කාන්තාවන් බොහෝ දෙනා පීඩා විදිනවා. ඉතින් ගැබ් ගත්ත කාල සීමාවෙදි මූලිකවම අවසන් මාස හතරෙදි  ඔබ ඔබේ බිරිඳ හොඳින් තේරුම් ගෙන වැඩ කරන්න ඕන. මොකද දරන් ඉන්න ගැබත් එක්ක ඒ කාලෙදි ඔබේ බිරිදට ඔබ ගැන හොයන්න තියෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන් ඒ නිසා ඒ කාල සීමාවෙදි ඔයා තමයි ඇයව බලා ගන්න ඉන්න හොඳම ආරක්ෂකයා වෙන්න ඕන.

  • දරු ප්‍රසූතිය හා මානසික ව්‍යාකූලත්වය

ඇත්තටම කාන්තාවක් දරුවකු බිහි කිරීමෙන් පසුවත් බොහෝ ලෙස මානසිකව ඇඳ වැටෙනවා. මොකද ප්‍රසූතියෙන් පසු සති ගණනක් යන තෙක්ම සිරුරෙහි සිදුවන ලිංගික හෝමෝන සාන්ද්‍රණය ඉහල යෑම එයට හේතු වන නිසා.  ඒ වගේම ප්‍රසූතියේදී  සිදුවන ආසාධන , දරුවාගේ මුල් වයස් කාලය තුල මවගේ වගකීම නිසා ඇති වන අවිවේකි බව, ආර්ථික ගැටලු  මෙන්න මේ දේවල් නිසා කාන්තාවන් මානසිකව වඳ විදින අවස්ථා තිබෙනවා. ඉතින් ඒ දේවල් හරි හැටියට තේරුම් ගෙන තම බිරිඳට සහාය වීමට පුළුවන් එහෙමත්ම සැමියෙකුට විතරයි. ඒ නිසා ඔබත් මෙම දේවල් හොදින් අවබෝධ කර ගෙන බිරිඳගේ තත්වය  තේරුම් ගෙන ඇයට සහාය වන්න.

  • රාත්‍රි නින්ද

ඇත්තටම අලුත උපන් දරුවකු සිටින ගෙදරක නම් රාත්‍රියට නිදා ගන්නවා කියන්නෙත් හීනයක් වගේ. අපේ පුරුෂ පාර්ශවයට නම් රාත්‍රියට හොඳට සැප පහසුව නිදා ගන්න ඕන නේ. ඉතින් කිරි දරුවෙක් ඉන්න කොට ඒක ටිකක් අපහසු දෙයක්. මොකද දරුවා රෑට නිදා ගන්නෙ එහෙමත්ම අවස්ථාවක තමයි. නිතරම දරුවට කිරි දෙන්න ඕන නිසා අම්මත් ඇහැරගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් එතනදි නම් ඔයා ඔයාගෙ බිරිඳ වගේම දරුවගෙ තත්වෙත් තේරුම් ගන්න ඕන. මොකද නින්දක් නැති නිසා   සමහර අවස්ථා වලදි කාන්තා අයටත් පුරුෂ පාර්ශවය එක්ක තරහක් ඒවි. එයා හොදටම නිදි මම ඇහැරගෙන කියලා. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථා වලදි දෙන්නම දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් කටයුතු කරන්න ඕන.

ඉතින් ඉහත සඳහන් කල කරුණු කාරණා පිළිබඳව කාන්තා ඔබ වගේම අපේ පුරුෂ පාර්ශවයේ උදවියත් මනා අවධානයෙන් හා දැනුවත් බවින් සිටිය යුතුයි. තම සහකරු හෝ සහකාරිය ගැටලුවකින් සිටීද ? එයට හේතුව කුමක්ද ? එයට  පුරුෂයෙක් ලෙස මා සහාය විය යුත්තේ කෙසේද ?  යන්න ඔබ දැන සිටිය යුතුය. තම බිරිඳගේ වෙනසට බලපාන හේතු සාධක හදුනා ගනිමින් ඇයව තේරුම් ගෙන අවබෝධයකින් යුතුව පවුල්  දිවිය ගත කිරීම තුලින් ඔබගේ පවුලේ සමගිය හා ආදරය සුරැකෙනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here