සෑම සැමියෙකුටම මූලික අවශ්‍යතා පහක් තියෙනවා. සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබ ඒවා ගැන දැනුවත්ද?

0
11872
happy_couple

සෑම ගැහැණු ළමයෙකුගේ වගේම පිරිමියෙකුගේත් බලාපොරොත්තුව සිහිනය වනුයේ තම ආදරවන්තයා හෝ ආදරවන්තිය සමගින් විවාහ වී ජිවිත කාලය පුරාම සතුටින් ජිවත් වීමටයි. දහසක් සිහින පොදි බැඳ ගෙන විවාහ වූවත් ඇතැම් විවාහ ජිවිත ඉතා කෙටි කාලයකින් අවුල් ජාලයක් බවට පත් වෙනවා. ගොඩක් වෙලාවට පවුල් අවුල් වලට හේතුව එකිනෙකා අතර පවතින අනවබෝධය. කෙටියෙන්ම කියවනම් අනිත් කෙනාව හරියට තේරුම් නොගැනීම. සමහරු නම් අනිත් කෙනාව තේරුම් ගැනීම එතරම් වැදගත් දෙයක් විදියට සලකන්නේ නැහැ. ඒත් සතුටින් ජිවත් වෙන්න නම් දෙන්නා හොදින් අඳුරගෙන ඉන්න එක අනිවාර්යයි.

ඉතින් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න නම් ආත්මාර්ථය කියන හැගීමත් සිතින් අතුගා දමන්නටම වෙනවා. ඔයා බිරිඳක් නම් ඔයාගේ කැමති අකමැති දේවල් වලට වඩා සැමියා කැමති අකමැති දේවල් වලට පළමු තැන දෙන්න. බිරිඳක් විදියට සැමියාට සහ පවුලේ අනිත් අයට වෙන්න ඕන හැම යුතුකමක්ම වගේ ඔයා ඉෂ්ට කරනවා නම් ඔයා පවුල තුල බිරිඳක් විදියට සාර්ථකයි.

හැම බිරිඳක්ම සැමියාට පන වගේ ආදරෙයි. එනිසා ම ඔහුව සතුටින් තියන්න ඔබ පුළුවන් හැම දේම කරනවා.ඉතින් මං මේ කියන්න යන කරුණු පහ ඔයාත් හරියට අඳුරගෙන ඉෂ්ට කරනවා නම් ආදරේ වෙනදාටත් වැඩියෙන් ලැබේවි ඔයාට.

තවත් දෙයක්. හැම කෙනාම එක වගේ නැහැ. ඒත් මේ කරුණු හැම කෙනාටම පොදු ඒවා කියලා කියන්න පුළුවන්. ඒ වුනාට මේවගේ විවිධතා තියෙන්නත් පුළුවන්.

  • මිතුරුකම
    එක වගේ දෙන්නෙක් මේ ලෝකේ නෑ කියනවා වගේ හැමදේම ගැලපෙන අය හොයාගන්න හරිම අමාරුයි. ඉතින් ඔයාත් ඔයාගේ සැමියාත් අතර විවිධ නොගැලපීම් තියෙනවා ඇති. විවිධත්වයක් තියෙන එකත් එක අතකින් හොඳයි නේද? නැතිනම් ජිවිතේ හරිම බෝරිං කියලා කියන්න තමා වෙන්නේ. ඔය දෙන්නාගේ විනෝදාංශ,කැමති අකමැති කෑම වර්ග වගේ ගොඩක් දේවල් විවිධ වෙන්නැති. ඒත් ජිවිතේ මොනම දෙයක් හරි ගැලෙපන දෙයක් ඇතිනේ. ඉතින් අන්න ඒ දේ වෙනුවෙන් ටිකක් අවධානය යොමු කරන්න. අපි හිතමු දෙන්නම විනෝද ගමන් යන්න කැමති කියලා. එයා කැමති පැත්තකට යන්න ට්‍රිප් එකක් ප්ලෑන් කරන්න. අන්තිමේ එයාව ස්ර්ප්‍රයිස් කරන්න වුනත් ඔයාට පුළුවන්.
    බිරිඳ සහ සැමියා කියන චරිත දෙක ගොඩක් වගකීම් පිරිණු චරිත දෙකක්. ජීවිතේට මොන විදියේ ප්‍රශ්න ආවත් දෙන්නට දෙන්නා ඉන්නවා කියලා හිත හයිය කරගන්න නම් දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙන්නම ඕන. ඒවගේමයි දෙන්නා යාළුවො වගේ මිතුරු කමෙන් ඉන්නවනම් වඩාත් හොඳයි. හැබැයි ඒ මිතුරුකම ඇතුලේ ගරුත්වය කියන දේත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
  • ලිංගිකත්වය පිලිබඳ හැඟීම්
    බොහෝ පුද්ගලයන් සමාජය ඉදිරියේ කතාබහ කරන්නට පැකිලෙන මාතෘකාවක්. විවාහ ජීවිතයක පැවැත්මට වගේම සාර්ථකත්වයට ලිංගිකත්වය අත්‍යවශ්‍යයයි. සැමියාගේ රුචි අරුචිකම් බිරිඳක් විදියට ඔබ හොදින් දැන හඳුනා ගෙන සිටිය යුතුයි.බොහෝ පිරිමින් වෙනත් කාන්තාවන් ඇසුරට යාමට මෙයද හේතුවක් විය හැකියි.
  • ඇගයීම/ ප්‍රශංසා කිරීම
    සැමියෙකු විසින් තම පවුලේ ආරක්ෂාව,පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් බොහෝ දේ සිදු කරයි. ඇතැම් විට කිසිඳු විවේකයක් හෝ නොගෙන දිවා රෑ ඔහු වැඩ කරයි. ඉතින් ඔබට පුළුවන් නේද ඔහු පවුල වෙනුවෙන් කරන මෙහෙය අගයන්න. ඔහුත් නිහඩව ඔබෙන් තුති පිදීමක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට ඔහු ඔබට වඩා ඉගෙනීමට දක්ෂ නොවෙන්න පුළුවන්, ඔබට උපාධියක්‌ තිබුනත් ඔහු එතරම් ඉගෙන ගෙන නැති කෙනෙක් වෙන්නැති. ඒත් කවදාවත් ඔහුව පහත් කරලා සලකන්න එපා. විශේෂයෙන් අනිත් අය ඉදිරියේ.
  • ඔබෙන් සහය බලාපොරොත්තු වීම
    නිවසක් සතුටින් සහ සමගියෙන් පවත්වා ගැනීමට බිරිඳක් ලෙස ඔබෙන් විය යුතු කාර්යභාරය බොහොමයි. ඔහු ඔබෙන් නිවසේ වැඩ කටයුතු හොඳින් පවත්වා ගෙන යන්න සහය බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු වලදී වගේම ලස්සනට නිවස පිරිසිදුව තියාගන්න එකත් සැමියාගේ වගේම ඔබෙත් වගකීමක්.
  • ආකර්ෂණිය බිරිඳක්
    බොහෝ කාන්තාවන් අම්මාවරුන් වූ පසු තමන්ගේ ලස්සන ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒත් ඔබේ සැමියා කැමති ඔබ ඉස්සර වගේම ලස්සනට හැඩට ඉන්නවා නම්. පිරිසිදුව පිළිවෙලව අඳිනවා පළදිනවා නම්. තමන්ගේ යාළුවො ඉස්සරහ වගේම නෑදෑයෝ ඉස්සරහත් මටත් ලස්සන බිරිඳක් ඉන්නවා කියලා ආඩම්බරයෙන් පෙන්වන්න මොන පිරිමියාද අකමැති?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here