උදෑසන අවදිවූ පසු හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන මේ ප්‍රතිලාභ ගැන ඔබ දැන සිටියාද?

0
9327
young woman drinking water

ජපාන  කාන්තාවන්  සිහින් , නිරෝගී සහ ආකර්ශනීය  සිරුරු වලට හිමිකම්  කියන අයයි.මේ  නිරෝගිකමට  ඔවුන් ප්‍රධානතම  හේතුව  ලෙස  දක්වන්නේ  උදෑසන  අවදිවූ  විගස  හිස්බඩ  ජලය  පානය  කිරීමයි.ශාරීරික  දුබලතා බොහොමයක් මඟහරවන  විද්‍යාත්මක  ප්‍රතිකර්මයක්  ලෙසත්  මෙය  සැලකෙනවා.අනික්  රටවල්  වගේ  නොවේ, ජපානයේ ජනගහණය තුල දියවැඩියාව,අධික  තරබාරුව  වැනි  ගැටළු  දකින්න  ලැබෙන්නේ  නැති  තරම්.එසේනම් ඔවුන්ගේ  සෞඛ්‍යවත් ජීවන රටාව තුලින්  අපේ ජිවිතයට  එක් කර  ගත  හැකි  කරුණක්  දෙකක්  හෝ  තිබෙන  බව පැහැදිලියි  නේද?

ජලය  පානය  කිරීම  ගොඩක්  වැදගත්  වෙන්නේ  ඇයි ?

මෙහෙම  පටන්ගත්තොත්…. අපේ  සිරුරේ  70% ක් වගේ  තියෙන්නේ  ජලය. ඉතින්  ශරීරය  හරියාකාරව  වැඩ කරන්න  නම්  ජලය ලබාගැනීම  වැදගත්.  එවිට  සිරුර  නැවුම්  වෙනවා.සිරුරට  අවශ්‍ය  තරම්  ජලය  නොලැබීමෙන් කෙටිකාලීනව  මෙන්ම  දිගුකාලීනව විවිධ  රෝගාබාධයන්ට  මුහුණ  දීමට  සිදුවෙනවා.දිගු  කාලින විජලනය රූමටික ආතරයිටිස් , පෙනහළු  වල  ඇතිවන  ක්ෂය රෝගය, නාසයේ  මස්දළු  ඇතිවීම, අධික  තරබාරුව,අධි රුධිර පීඩනය,වකුගඩුවල ගල් ඇතිවීම,ගර්භාශයේ පිළිකා ඇතිවීම තද හිසේ  කැක්කුම, පියයුරු පිළිකා වැනි  රෝගී තත්වයන් ඇතිකළ  හැකියි.එනිසා  උදෑසන අවදි වූ විගස ජලය පානය කර මේ රෝගී තත්වයන්ගේ වැලකි සිටීමට අදම කල්පනාවට ගන්න.

ජලය ප්‍රතිකර්මය සිදුකරන්නේ කොහොමද ?

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම,අක්ෂි රෝග සහ ශාරීරික දුබලතා වලට විශේෂයෙන්ම වැදගත් වන ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාරයක් ලෙස මෙය සැලකෙනවා.එමෙන්ම මෙමඟින් ඔබට දවස පුරා නව ජීවයක් සහ ප්‍රබෝධයක්ද ලැබෙනු ඇති.

  • උදෑසන අවදිවූ පසු හිස්බඩ, දත් මැදීමට පෙර ජලය මිලි ලීටර් 160 බැගින් සිව් වතාවක් පානය කරන්න
  • මීළඟ මිනිත්තු 45 තුල කිසිවක් ආහාරයට ගන්න එපා
  • ආහාර ගැනීමට පැය බාගෙකට පෙර හොඳට වතුර වීදුරුවක් පානය කරන්න. එහෙත් උදේ ආහාරය,දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් යනතුරු ජලය ගැනීමෙන් වලකින්න
  • ඔබට වතුර විදුරු හතරක් එකවර උදෑසන හිස්බඩ පානය කිරීමට අපහසුයි නම් මුලින් එක වීදුරුවක් හෝ ඔබට ගත හැකි ප්‍රමාණය ලබාගන්න. පසුව ක්‍රමයෙන් ඔබට මෙය  අවශ්‍ය ප්‍රමාණය වන මිලි ලීටර් 640 දක්වා වර්ධනය කරගත හැකියි

මෙයින් ප්‍රතිඵල ලැබෙන්න කොච්චර කල් යයිද?

දින 30-90 දක්වා කාලයක් තුල ඔබට යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවනි. පුරුද්දක් ලෙස මෙය කරන්න පටන්ගන්න.

හිස්බඩින්  ජලය පානය කිරීමෙන් ඇති මුලික වාසි :

  1.  සිරුරේ විෂබීජ හරණය කරන්න උපකාරී වෙනවා
    මෙලෙස ජලය පානය කිරීමෙන් ස්වභාවිකව ඔබේ සිරුරේ අන්ත්‍ර වල මනා ක්‍රියාකාරිත්වයක් ඇතිවෙනවා.රාත්‍රියේදී ඔබේ සිරුරේ විෂබිජයන් ඇත්නම් ඒවා ක්‍රියාකාරී වෙන්න පටන්ගන්නවා විය හැකියි.එවිට උදෑසනින්ම හිස්බඩ ජලය පානය කිරීමෙන් සිරුරේ පීඩාකාරී විෂබිජයන් හරණය කර ශරීරය නැවුම්ව තබනවා.ජලය බොහෝ ලෙස පානය කිරීම තුලින් රුධිරාණු වර්ධනය වීමත්,මාංශ පෙශින්වල මනා ක්‍රියාකාරිත්වයත් සිදුවෙනවා.
  2. පරිවෘතිය ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම
    අඩුම තරමින් 24% කින් හෝ ඔබේ ශරීරයේ අන්තර් ධාතූන් වර්ධනය කරගන්න උදෑසන හිස්බඩ ජලය පානය කිරීම ඉතාම ප්‍රයෝජනවත්. ටිකක් ස්ටිර්ක්ට් diet එකක ඉන්න අයට මේක ගොඩක් වැදගත්.ආහාර දිරවීමේ ක්‍රියාවලියට බොහෝ වැදගත් උපකාරකයක් ලෙස මෙය සැලකෙනවා.එයින් ආහාරවල පෝෂකයන් ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගන්න උපකාරී වෙනවා.
  3. නිරෝගිමත් ලෙස සිරුරේ අනවශ්‍ය බර අඩුකරගන්නත් පුළුවන්
    උදෑසන හිස්බඩින් ජලය පානය කිරීම මඟින් ඔබේ සිරුරේ විෂබීජයන් ඉවත්වීමක් සිදුවෙන අතර එතුලින් ආහාර ජීරණ පද්ධතිය මනා ලෙස ක්‍රියාකාරී වෙනවා. මේ නිසා ඔබට අඩුවෙන් කුසගින්න දැනෙන අතර නිතර නිතර කන්න තියෙන අසීමිත ආහාර රුචිය කෙමෙන් කෙමෙන් අඩු කරනවා. ඒ නිසා ඔබේ සිරුරේ අනවශ්‍ය බර ටිකෙන් ටික අඩුවෙනවා.
  4. අම්ලපිත්තය (ආමාශයේ දැවිල්ල) සහ අජිරණය මර්දනය කිරීම
    බඩේ දැවිල්ල,අජිරණ තත්වයන් ඇතිවෙන්නේ බොහෝවිට අපේ බඩේ ආම්ලිකතාවය වැඩිවීම නිසයි.අපට බොහෝවිට ආමාශයේ දැවිල්ල ඇතිවන්නේ අන්නශ්‍රෝතය හරහා අම්ල දියවී පතිවාහ කිරීම (reflux) නිසයි.උදෑසන හිස්බඩ ජලය පානය කිරීම තුලින් මේ ගතිය ක්‍රමයෙන් පාලනය කර භශ්මයක් බවට හරවනවා. එවිට ගැටලුව විසඳි යනවා.මෙතුලින් උදෑසන ආහාරය හොඳින් දිරවීමට උපකාරයක් ලැබෙනවා.
  5. සමේ පැහැපත් බව වැඩිකරනවා
    විජලනය නිසා , අකලට සම රැළිවැටිම, කැලලි ඇතිවීම සිදුවෙනවා.විද්‍යාත්මක අධ්‍යයනයන් හරහා මිලි ලීටර් 500ක ප්‍රමාණය ජලය උදෑසන හිස්බඩ පානය කිරීම මඟින් සමට රුධිරය සංසරණය වීම මනා ලෙස ක්‍රියාකාරී වන බව ඔප්පුවී තිබෙනවා. එනිසා එයින් සමට දිස්නයක් මෙන්ම පැහැපත් බවක්ද ලැබෙන බව සනාථ වෙනවා.එමෙන්ම දවස පුරාමත් ජලය වැඩියෙන් පානය කිරීම හරහා ඔබේ සිරුරේ විෂබීජ ඉවත්වීම සිදුවෙන නිසා සම තවත් පැහැපත් වෙනවා.
  6. දිලිසෙන,ශක්තිමත්,නිරෝගී කෙස් කළඹක් ලබාගන්න උපකාරී වෙනවා
    විජලනය සාමාන්‍යයෙන් ඔබේ හිසකේ වර්ධනය කිරීම අවම කරනවා.වැඩිපුර වතුර පානය තුලින් ඔබේ හිසකේ ඇතුලාන්තයෙන්ම පෝෂණය කරනවා.හිසකේ වල වොලියුම් එක ¼ ක ප්‍රමාණයකින් වැඩිකරන්න ජලය පානය කිරීමෙන් හැකිවෙනවා.හැමදාම වැඩිපුර වතුර බොන්න අවශ්‍යයි. විශේෂයෙන්ම උදෑසන හිස්බඩ ජලය පානය කිරීම මඟින් ඔබට මේ තත්වය ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා.
  7. වකුගඩුවල ගල් ඇතිවීම සහ මුත්‍රා ආබාධ වළක්වනවා
    හිස්බඩ උදෑසන වතුර පානය කිරීම තුලින් වකුගඩුවල ගල් ඇතිවීමට බලපාන සිරුරේ ආම්ලිකතාවය අඩු කර, සිරුර සමනය කිරීමක් සිදුවෙනවා.එමෙන්ම මුත්‍ර ආසාධන වැලැක්වීම සහ මුත්‍ර අපහසුතා වැලැක්වීම ත් ඉන් සිදුවෙනවා.
  8. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා
    හිස්බඩ උදෑසන ජලය පානය කිරීම මඟින් සිරුරේ සමබරතාවය පවත්වාගන්න පද්ධතීන්ට අවශ්‍ය ශක්තිය ලබාදීම සිදුවෙනවා.එය ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමක්.ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔබව රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කරන්න ඔබට උපකාර කරනවා.

සෞඛ්‍යය,ලස්සන වෙනුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන්න කලින් මේ පහසු,සරල ප්‍රතිකර්මය ගැන මඳක් සිතබලන්නකෝ….

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here