ඔබේ ආදරයෙත් මේ වචන තියෙනවද?

0
10542
boy listen to his girl

ගොඩක්  සාර්ථක  බැඳීම්  තමාට  ඇතැයි  කියා සිතන   පෙම්වතුන්  මෙන්ම  ඇත්තටම  ශක්තිමත්  බැඳීම්  ගොඩනගාගත්  ආදරවන්තයින්  වුණත්  විවිධ  අවස්ථාවලදී  එකිනෙකාගෙන්  පිටවෙන  එක වචනයක්  නිසා   සිය  සබඳතාව අසාර්ථක  කරගන්න  අවස්ථා  නොඅඩුව දකින්න  ලැබෙනවා.එක  වචනයක්  නිසා  බැඳීම්  වලට  නැවතුම්  තිත  තැබීම  තුලින්ම  මතුවන්නේ කෙසේ  සිතුවත්   තම  සම්බන්ධතාව දුර්වල  තැනක  තිබෙන  බව  නොවේද? මේ  වචන  නම්  නිසැකයෙන්ම  ඔබේ  ආදරයේ  තිබිය  යුතු  ඒවා  නොවේ. එය එලෙස  නොවේනම්  ඔබේ  ආදරය  වඩා  ශක්තිමත්  කරගන්න  මේ  වචන  තුන   අදම  ඔබේ  සබඳතාවයෙන්  අයින්  කරගන්න  වෙනවා.

වචන  කියන්නේ  හරිම  බලවත්  දෙයක්. යමෙක් පවසන එකදු  වචනයකින්  තුවාල  වන්නේ  තව  අයෙකුගේ  සිරුර  නෙමේ  මනසයි. සිරුරේ  තුවාලයක්  හොඳ  කරගන්න පහසුවෙන්  පුළුවන්  වුණත් හිතේ  ඇතිවෙන  තුවාලයක්  නම්  හොඳ  කරන්න  හරිම  අමාරුයි. එය  හරියට  මතුපිටින් සුව වී  ඇති  ලෙසින්  පෙනුනද  ඇතුලතින්  මුළු  සිරුරේම  ඔඩු දුවන  තුවාලයක් වගෙයි. කොයි  මොහොතේ  අසාද්‍ය  වෙයිද කියන්න  බැහැ. හොඳම  දේ  එකිනෙකාට  ඇහුම්කන්  දීමෙන්  තේරුම්ගන්න  උත්සාහ  කරන  එකයි. ඇතැම්  විට ඔබේ සහකරු  හෝ  සහකාරිය  පවසන  කරුණ  හුදෙක්  ඔබ  තේරුම්ගත්  දෙය  නොවෙන්නත්  පුළුවන්. මොකද  ඔබ  සවන්දෙන්නේ බාගෙට  නිසා. ඒ  නිසා  එක් අයෙක්  කතාකරද්දී  අනෙකා  හොඳ  සවන්දෙන්නෙක්  වියයුතුමයි. එමෙන්ම  තේරුම්ගන්න  ඕනෙත්  දෙදෙනාටම  සාධාරණ  ලෙසයි. බලන්න  මේ  වචන  නිසා  ඔබ  අප  අතර  සිටින  කිදෙනෙකුගේ  ආදරය  බිඳිලා  යන්නට  ඇතිද?

1.  “යුතුයි”….

“ඔයා  මේ  දේ  කරන්න  ඕනේ.. ඔයා  එහේ  යන්නේ  නෑ…” මේ  වගේ  කියද්දී  ඔබේ  පෙම්වතා  හෝ  පෙම්වතියට  සිතෙන්නේ  මොකක්ද? හොඳයි  එවැන්නක්  ඔහු  හෝ  ඇය  ඔබට  පැවසුවොත්? එවිට  ඔබට  හැඟෙන්නේ  කුමක්ද? මෙතනදී  මම  අදහස්  කරන්නේ  ඔවුන්  කරන  කියන  හැම දෙයටම  එකඟ  වීම  හෝ  කට  වසා  නිශ්ශබ්දව  සිටීම  හෝ  නොවේ.  එහෙම  කලොත්  ඔබ  කරන්නේ සැබෑවටම    ආදරයක්  නෙමේ… නමුත්  ඔබේ  සහකරු  හෝ  සහකාරිය  ඔබ  අකමැති  යමක්  කරන්න  හදනවා  නම්  එය  සුහදව  ඔවුන්ගේ  සිත  නොරිදා  පැහැදිලි  කිරීමට  ඔබ  වගබලා  ගත  යුතුයි. එමෙන්ම එවැනි  අවස්ථාවක  අවවාද  ලබන්නා  ඔබ  නම්… ලොකුකම්  නොදක්වා  ඔවුන්ගේ  කතාවේ  ඇත්ත  නැත්ත  සුහදව  කතාබහ  කර  විසඳාගත  යුතුයි. ඇත්තම කිව්වොත් දෙදෙනාම  තමන්ගෙන්  විය  යුතු  හරි  දේ  ගැන  පුර්ව  අවබෝධයකින්  සිටීම වටිනවා.  එයයි  සැබෑ  ආදරයකදී  ඔබෙන්  විය  යුත්තේ…

2. ඔයා….

තරහ  ගියාම  මොකක්හරි  කියන්න  පටන්ගද්දී  කියන  සුලබ  වචනය  තමයි  “ඔයා”. “ඔයා  මං  කියන  එකක්  අහන්නේ  නෑනේ.. ඔයා  තමයි  මේ  සේරටම  මුල…”  මේ  වගේ  කියන්න  හිතෙනවනම්  ඒක  එච්චරම  හොඳ  දෙයක්  නෙමේ.මෙතැනදී  ඔබ  හිතන්නේ  ඔබ  ගැන.  ඔබට  නොදැනුනාට  ඔබේ  සහකරුට  හෝ  සහකාරියට  හැඟෙන්නේ  එක  දෙයක්. ඒ තමයි  “ සේරම  මම  නිසා  වුණේ”… මමයි  කරදරේ  කියන  එක. වරදක්  වෙන්න  පුළුවන්  ඕනෑම  කෙනෙක්ගේ  අතින්. ඒක  සමාව  දෙන්න  බැරි  තරම්  වෙන්නත්  පුළුවන්. ඒත් හිතන්න  ඕන  දේ  නම්  අපි  අන්‍යයන්  කරන  වැරදි  පෙන්වා දිය  යුතු  ක්‍රමය  ඉවසීම  තුලින්  ක්‍රියාත්මක  කිරීමයි.මෙතැනදී  කෙනෙක්  අතින්  යම්  වරදක්  වුණාම  එය  පෙන්වා දිය  යුත්තේ  ඔහු  හෝ  ඇය  මානසිකව  පිඩාවට  ලක්වන  ආකාරයට නොවේ.ඒවගේම  ප්‍රධානම  දේ  බැඳීමකදී  එකිනෙකා  අකමැතිදේ  නොකිරීම    වගේම  එකිනෙකාගෙන්  කෙසේවත්  නොවිය  යුතු  සිත්  බිඳීම්  ඇති නොවන  ලෙසින්  තමන්ව  පාලනය  කරගැනීමට  හුරුවීමයි.මේ  නිසා  මේ  වෙනුවට “මට  හිතෙන  විධියට… මෙතන මොකක්හරි  ප්‍රශ්නයක්  වෙලා  තියෙනවා… අපි  කතාකරල  විසඳගමු”  වගේ  වචන  පාවිච්චි  කරන  එක  වැදගත්…

3. බලාපොරොත්තුව…

හැමෝගෙම  හිත්වල  මේ  දේවල්  වෙන්න  ඕනේ  මෙන්න  මේ  විධියට.. මගේ  හීනෙ  මේකයි.. මගේ  බලාපොරොත්තුව  මෙහෙමයි  කියල  අරමුණු,  අපේක්ෂා  තියෙනවා.  දෙදෙනෙක්  තුල  ආදර  බැඳීමක දී  එකිනෙකාගේ  මේ  හීන  අරමුණු  කියන  ඒවා  දෙදෙනාගේම  කරගැනීම  වැදගත්  දෙයක්.
අද  දකින්න  තියෙන්නේ  නම්  තමන්ගේ  අරමුණු  වෙනුවෙන්  තමන්ගේ  සහකරු  සහකාරිය  මෙහෙයවන  අවස්ථාවන් .කොයි  විධියකින්  හෝ  යම්  තැනෙක  ඒ  අරමුණු  ඉෂ්ට  වෙන්නේ  නැතිවුනාම  ඔවුන්  අතහැර  හෝ  විනාශ  කර දමා  හෝ  නැතිනම්  ආත්ම ගෞරවය  නැතිකර  දමමින්  සිය   තනි  අරමුණු  කරා  යා  හැකි  තවත්  මාර්ග  හොයාගෙන  යන  පුද්ගලයන්  ස්ත්‍රී  පුරුෂ  භේදයකින්  තොරව  අද  බහුලව  දකින්න පුළුවන්.ඔබ  අප  සිතිය  යුත්තේ  ආදරය  ඇතිවූ  පලියට  ඔවුන්ගේ  ජිවිත  වල  අයිතිය  අපට  ලැබෙන්නේ  නැති  බවයි.  ජීවිතය,නිදහස පුද්ගල  අයිතියක්. ආදරය  කියන  බැඳීමෙන්  සිදුවෙන්නේ  ඔය  කියන   නිදහස  යම් ඉතා  සුළු    තරමකින්  සීමාවීම ක්  පමණයි.  ඒ  සීමාවීම  කිසිසේත්ම  තමන්ට  යහපතක්  මිස  අයහපතක්  සිදුකරන්නේ  නැහැ. එහෙත්  සංකීර්ණ  නොමනා  බලාපොරොත්තු  හා  ආත්මාර්ථය  නිසා  ඒ  නිදහස  අනිසි  ලෙස  බුක්ති  විඳින්නට  යාමෙන්  ඔබට  ලැබෙන  කිසිදු  යහපත්  ප්‍රතිඵලයක්  ද  නැහැ.අනෙකාගේ  පටු  බලාපොරොත්තු  මනසෙන්  ඉවත්කර.. යහපත්  බලාපොරොත්තු  දෙදෙනාගේම  කරගෙන  එකිනෙකාට  උදවු  කරමින්  යන  ඔබේ  ආදර  ගමන යම්  දිනෙක  මල්ඵල  දරන්නේ  ඔබට  ඇත්තේ   ලොව  සුන්දරම  ආදරය  බැව්  පසක්  කරමින්. මෙලෙස ආදරය  නොකරන  නිසා  බොහෝ  දෙනා  ආදරය , නොවැදගත්  පුහු  බැඳීමක්  ලෙස  දකින  එකේ  පුදුමයකුත්  නැහැ  නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here