ඔබේ දවස හැඩකර ගන්න.. උදෙන් අවදිවී මේවා කරන්න…

0
6833
girl_wakeup_morning

උදේ අවදිවී ඔබ කරන කියන දේවල්  වලින් ඔබේ දවස ලස්සන කරගන්න නැත්නම් එපා කරගන්නත් ඔබට පුළුවන්.උදේට ඇහැරුණාම ඇඳේ දහපාරක්  විතර පෙරලි  පෙරලි  ඉන්නවනම්.. නැත්නම්  තව ටිකක් කිය කියා නිදාගන්නවා  නම් දවසත්  ඒවගේම  කම්මැලි  වෙන්න  තියෙන  ඉඩකඩ වැඩියි.ජීවිතය සාර්ථක  කරගන්න නම් අපේ දවස ගතකරන ආකාරය කොච්චර ඵලදායි ද නැද්ද කියන එක තේරුම් ගැනීම වැදගත්.එතැනදී දවස පටන්ගන්නේ ප්‍රබෝධයෙන්ද  නැත්නම් මන්දගාමිවද කියන එකනම් ගොඩක්ම බලපානවා.ඉතින් දවස අවසානයත් සාර්ථක කරගන්න… වෙලාව කළමනාකරණය කරගන වැඩිපුර වැඩ කරන්නත්..විවේකය ලබාගන්නත් උදෙන් අවදිවෙන එක හුඟක්ම වටිනවා….

1. ඔක්කොටම කලින් උදෙන්ම අවදිවෙන්න පුරුදුවෙන්න…

මෙය ටිකක් කම්මැලි හිතෙනවා වුනත් අප කවුරුත් කල යුතුම දෙයක්.අපි හිතමු අපට ගමනක් යන්න තියෙනවා.ඒකට නිශ්චිත  වෙලාවක් නැහැ කියල. ඉතින් අපි ආ  තව ටිකක් ඉඳලම ලැහැස්ති වෙනවා කියල නිදාගන්නවා. එකෙන් වෙන්නේ අප කල යුතු දේවල් විනාඩියෙන් විනාඩිය කල් යන එකයි. දවසට තියෙන්නේ පැය 24ක් ම කියල හිතුවට අපේ වැඩ කටයුතු කරගන්න තියෙන්නේ පැය 8ක් වගේ.ඉතින් එකෙනුත් පැයක් පැය බාගයක් වුනත් විනාඩියක් වුනත් ගතවෙනවා කියන්නේ තව දවසකට අපේ වැඩ කල් යන එකයි.

2. උදේ අවදිවුනාම ඇඳ ලස්සනට සකස්කරන්න….

හුඟක් ලේසි වැඩක් වගේම සමහර අයට නම් අම්මා ඇවිත් මතක් කරන්න ඕනේ  දෙයක් මේ.එත් මේ සරල දේ තුල බොහෝ වැදගත් දේවල් සැඟවිලා තියෙනවා.ඔබ ඔබේ ඇඳ ඇතිරිලි,ඇඳ රෙදි,කොට්ට සකස්කරන විට “පිළිවෙල” කියන දේ ගැන ඔබට ධනාත්මක හැඟීමක් ඇතිවෙනවා.හැමදෙයක්ම පිළිවෙලට තියෙද්දී කොච්චර ලස්සනද? මගේ දවසත් මෙහෙම පිළිවෙලට තියාගන්න උනන්දු වෙන්න ඕනේ කියන හැඟීම ඇතිකරන්නම මේ පුංචි දේ ඇති.කාලය පිළිවෙලට හදාගන්න පුළුවන් වෙද්දී කෙනෙක් ජිවිතේ පිළිවෙලක් වෙනවා කියන එක පුදුමයක් නෙමේ.ඒ නිසා උදේ අවදි වූ විගස ඇඳෙන් බැහැල ඇඳ ලස්සනට සකස්කරලා,කාමරයත් පිළිවෙලට තියන්න විනාඩි 5 ක් අරන්.

3. ජලය පානය කරන්න.fresh වෙන්න…

රැයක් පුරා පැය ගණනක් ඔබේ සිරුරේ සෛල යම් තරමකින් විජලනයට ලක්වෙලා තියෙන නිසා උදෑසනින් අවදි වූ විගසම වතුර පානය කරන එක හුඟක් වැදගත් දෙයක්.පුරුද්දක් කරගෙන මේ දේ කරන්න.එවිට එය ඔබට අමුතුවෙන් ඔලුවට දාගන්න ඕන වෙන්නේ නැහැ.අඩුම තරමින් ජලය විදුරු 8ක් වත් අපි පානය කරන්න ඕන දවස ඇතුලත.ඉතින් උදෑසනින්ම  වතුර විදුරු 4ක් වගේ හෝ පානය කරන්න පුරුදු වුනොත් අපට ජලය දවසට අවශ්‍ය ප්‍රමාණය  දවසේ ඉතිරි කාලයෙන් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.

4. දවස සැලසුම් කරගන්න…

දවල්  වෙන්න කලින්,හස්වෙන්න කලින්,රෑ වෙන්න කලින් කරගන්න අවශ්‍ය දේවල් plan කරගන්න.කොලයක හෝ ඔබේ ජංගම දුරකතනයේ මෙය සටහන් කරගැනීමෙන් අනවශ්‍ය පීඩනයක් ඇතිකරගෙන දවසේ  කරන්න ඕනේ දේවල් මතක් කරගන්න උවමනා වෙන්නෙත් නැහැ.අතපසු වෙන්නෙත් නැහැ.

5. ඔබ කැමති සංගීතයට සවන් දීල දවස පටන්ගන්න…

ගෙදරින් පිටත් වෙන්න කලින් ready වෙද්දී ඔයාට පුළුවන් ආස කරන ප්‍රියතම සතුටු කරන සංගීතයකට සවන්දෙන්න.ඒ නිසා ඔබේ දවසත් ප්‍රබෝධයෙන් ගතකරගන්න පුළුවන්කම ලැබෙනවා.

6. දවසම නැවුම් කරගන්න කඩිසර වෙන්න…

ටිකක් ඇවිදලා..ව්‍යායාම ටිකක් කරලා,භාවනාවක් කරලා,සෞම්‍ය සංගීතයකට ඇහුම්කන් දීලා හොඳින් ඇඟ සෝදා හෝ ස්නානය කරලා,පිරිසිදු ඇඳුමක් ඇඳලා දවසේ වැඩකටයුතු පටන්ගන්න.එය ඔබේ stress එක හුඟක් අවම කරලා ඔබව සතුටින් තියන්න පුළුවන්කම ලැබෙන ක්‍රමයක්.ඔබට වෙනදට හිතෙන “අනේ වෙලාවක් නැහැනේ” කියන හැඟීම තවදුරටත් දැනෙන එකක් නම් නැතිවෙයි….

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here