සුවබර දිවියකට පොඩි ටිප්ස් ටිකක්

0
3547
girl_doing_exercise

ලොකු කුඩා අපි හැමෝම ලෙඩ වෙනවා. ඒක ඉතින් ලෝක ස්වභාවය. ඒත් අද සමාජයේ බොහෝ දෙනෙක් බෝ වෙන රෝග වලට වඩා දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ බෝ නොවෙන රෝග වලට ගොදුරු වෙනවා. ඔබ පොඩ්ඩක් සොයලා බැලුවොත් අවුරුදු 10 විතර දරුවනුත් දියවැඩියාවෙන් පිඩා විදිනවා. ඒ වගේම තමා පිළිකාව. මහරගම පිළිකා රෝහලට ඔබ ගියොත් ඔබ කම්පා වේවි හය හතර නොතේරෙන අත දරුවන් පවා පිළිකා රෝගයෙන් පිඩා විදිනවා.

අපේ මාසේ පඩියෙන් වුනත් වැඩි කොටසක් වියදම් වෙන්නේ සමහර වෙලාවට බෙහෙත් වලට. පුංචි හෙම්බිරිස්සාවකට වුනත් අපි බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ලඟට යනවනේ. ඉතින් මං මේ කියන්න යන්නේ ලෙඩ හදාගන්නේ නැතුව නිරෝගීව ඉන්න පොඩි ටිප්ස් ටිකක්.

ක්ෂණික, රස කාරක යෙදූ කෑම වර්ග වලින් ඈත් වෙන්න

ගොඩක් වෙලාවට අපි රෝල්ස්, පැටිස්, නුඩ්ල්ස් , පාන් වගේ කෑම වර්ග වලට පුරුදු වෙලා ඉන්නවා.උදේට වගේම රෑටත් ලේසියට පාන් කන්න අද ගොඩක් දෙනා පුරුදු වෙලා. ඒවගේම තමා ගොඩක් අය කඩෙන් කෑම කනවා. සමහරවිට ඔයාල දන්නවත් ඇති කඩෙන් ගන්න කෑම වර්ග වලට රසකාරක එකතු කරලා තියෙනවා. ඉතින් මේ රසකාරක වර්ග ශරීරයට හිතකර නම් නැහැ. ඉතින් දැන දැනත් වස විස කන්න ඕන නැහැ නේද?

තවත් දෙයක් පිෂ්ඨය, සීනි වගේම තෙල් සහිත ආහාර වැඩිපුර කෑවොත් ඉතා ඉක්මනින් දියවැඩියාව ,අධික තරබාරුකම වගේම කොලෙස්ටරෝල් කියන ලෙඩ රෝගත් ඔබ සොයාගෙන ඒවි.

මේ නිසා පුළුවන් තරම් එළවලු පලතුරු සහ පලා වර්ග ඔබේ කෑමට එකතු කරගන්න. අද කඩෙන් ගන්න හැම එළවලු, පලතුරු ජාතියකටම වගේ රසායනික පොහොර වගේම කල් තියාගන්නත් බෙහෙත් යොදලා තියෙන්නේ. මේ නිසා ගෙවත්තේ ඉඩ කඩ තියේනම් ඔබට පුළුවන් පුංචි වගාවක් කරන්න. මිරිස්, තක්කාලි, වම්බටු, පැපොල්,පේර වගේ පැල පහසුවෙන් ගෙවත්තේ වගා කරගන්න පුළුවන්.

පැණි බිම වර්ගත් ශරීරයට අහිතකර බව සොයාගෙන තියෙනවා. මේ නිසා තිබහට පැණි බීම නැතුව හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බොන්න.

සොබාදහමට ලං වෙන්න

BBC පුවත් වාර්තා මගින් පෙන්වා දී ඇති කරුණක් තමා විනාඩි 5ක්‌ වගේ පොඩි වෙලාවක් වුනත් හරිත පැහැ මාවතක් දිගේ ඇවිදන් යන්න ඔබට හැකි නම් එය ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර බව.

ගොඩක් වෙලාවට අපි ශාරීරික සෞඛ්‍යය ගැන ගොඩක් සිතුවත් මානසික සෞඛ්‍යය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ පුද්ගලයන් ස්ට්‍රෙස් නිසා පිඩා විදිනවා.ඔබට නිස්කලංක ගෙවත්තක් වට පිටාවක් තිබේනම් හවස් වරුවේ ගෙවත්තේ ඇවිදින්න. දරුවන් සමඟ මිදුලේ වාඩි වී තේ කෝප්පයක් රස විදින්න.

ව්‍යායාම් කරන්න

බොහෝමයක් තරුණ පිරිස් ජිම් යනවා ව්‍යායාම කරන්න. ඒත් ජිම් එකකට නොගිහින් උනත් ව්‍යායාම කරන්න ඔබට පුළුවන්. අපේ අම්මලා ආත්තම්මලා ව්‍යායාම කරන්න ජිම් ගිහින් නැහැ නේද? ඒත් ගෙදර වැඩ ටික කරද්දී ඉබේටම සිරුරට ව්‍යායාම ලැබිලා. අද අපි මිරිස් ගල, වංගෙඩිය පාවිච්චි කරන්නෙම නැති තරම්.  ගෙදර වැඩ කරගන්න මැෂින් තියෙද්දී මහන්සි වෙන්නේ මොකටද කියලා ඔබටත් හිතෙනවා ඇති නේද? ඔබට හැකිනම් යෝග ව්‍යායාම් වල යෙදෙන්න. එය ගතට වගේම මනසත් නිරෝගී කරනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here