දිවියේ සොඳුරුතම සිහිනය සැබෑ කරගන්න අපෙන් පුංචි ideas ටිකක්…..

wedding

සෑම  යුවතියකගේ දිවියේ  සිහිනයක්  වන  යහපත්  පවුල්  ජිවිතයකට ඇතුල්වන්නට  ඈ   තබන්නාවූ  පළමු  පියවර  විවාහයයි. විවාහය  යනු  හදවත්  දෙකක  එක්වීමක්. සිය  විවාහ  දිනය  ජිවිතයේ  සොඳුරුම  සහ  අමතක  නොවන  දිනය  කරගන්නට  යුවතියන්  තමන්ගේ  විවාහ  උත්සවය  විවිධාකාරව  සැලසුම්  කරනවා.  ඇත්තටම  මෙය  විවා  පත්  වන  යුවල එක්ව  සැලසුම්  කල  යුතු  දෙයක්. womanly.lk  ඔබට  ඔබේ  විවාහ  උත්සවය  ලස්සන  මෙන්ම  සරල  කරගන්න  පුංචි  අදහස්  ටිකක්  දෙන්නයි  මේ  සූදානම්  වෙන්නේ…..

කාලය  සැලසුම්  කරගන්න

ඔබට  තිබෙන   රාජකාරි, වැඩකටයුතු  එක්ක  කාලය  සැලසුම්  කරගන්න එක  හුඟක්ම  වැදගත්  දෙයක්. විවාහය  සඳහා  දිනය  වෙලාව  තීරණය  කරගන්න. එය  මාස  6කින්   නැත්නම්  අවුරුද්දකින්   නැත්නම්  අවුරුදු  2කින්  වෙන්නත්  පුළුවන්.  මේ  කාල  සිමාවේ  මේ  දේ  කරනවා,  මේ දේවල්  ඇනවුම්  කරන්න, උත්සව  ශාලා  වෙන්කරන්න  මෙච්චර  කාලයකට  කලින්  අපි  ක්‍රියාත්මක   වෙන්න  ඕනේ  කියලා  දෙදෙනාම  කතාබහ  කරගන්න  එක  වැදගත්. හොඳ  wedding  planner  කෙනෙකුගෙන්  වුණත්  සහය  සහ  අදහස්  ඔබේ  සැලැස්ම  ඉදිරිපත්  කර  ලබාගන්න  පුළුවන්.

වැදගත්ම  කරුණු  මුලට  ගන්න

උත්සවයට  පැමිණෙන  අමුත්තන්  පිළිබඳව  ලැයිස්තු  සකස්කරගන්න  එක  වැදගත්. මෙතැනදී  අනවශ්‍ය  වියදම්  අඩුකර  අමුත්තන්  ගැන  සිතීම  වැදගත්  දෙයක්.  . මෙන්න  මේ  වගේ  කරුණු  වලදී  තමයි  අප  ඉහතින්  සඳහන්  කල  කාල  සැලසුම  වටින්නේ. කල්  තබා  ස්ථාන  සැලසුම්  කරගැනීමෙන්  පැමිණෙන  අමුත්තන්  ප්‍රමාණය  ගැන  ඔබට  නිදහසේ  සිතන්න  හැකි  වෙනවා. අමුත්තන්  ප්‍රමාණය  සැලසුම්  කරගැනීමෙන්  පසුව  උත්සව  ශාලා  පිලිබඳ  සිතීම වඩා  නිවැරදි  ක්‍රමයයි. අතේ  ඇති  මුදලට, සුන්දර  සහ  සැප පහසු  ස්ථානයක්  තෝරාගන්න. ඒ  සඳහා  ඔබට  ඉතා  ප්‍රවේසමෙන්  අන්තර්ජාලයෙන්  තොරතුරු  ලබාගන්නට  හැකියි. හෝටල්  කළමනාකරුවන්ව මුණගැසෙන්න. ඔබේ  විවාහ  දිනය, වෙලාව  සහ  ඔබට  විවාහ  උත්සවය  සිදුවිය  යුතු  ආකාරය  පිලිබඳ  ඔබේ  සැකැස්ම  ඔවුනට  ඉදිරිපත්  කරන්න. ඔවුන්  හා  කතාබහ  කර  ඔවුන  සපයන  සේවාවන්  සහ  සපයන්නේ  නැති  සේවාවන්   පිළිබඳව  ලැයිස්තුවක්  සකස්  කරගන්න. විවාහය  පවත්වන  වේලාව  පිලිබඳ  සැලකිලිමත්  වී  පසුව wedding  theme  එකක්  තෝරාගන්න. ඔබේ  රුපලාවන්‍ය  ශිල්පියා හෝ  ශිල්පිනිය  තෝරාගන්න. ඔවුන්  හා  ඔබේ  අදහස්  මෙන්ම න්‍යාය  පත්‍රය  පිලිබඳ  සාකච්චා  කරගන්න.විවාහ  උත්සවය  ආවරණය  සඳහා චායාරූප ශිල්පියා තෝරාගන්න.ඔවුන්ගේ  අදහස්  ලබාගෙන  විවාහ  උත්සවය  සාර්ථක  කරගතහැකි  ක්‍රම  තවත්  එකතුකරගන්න.

වියදම්  පිලිබඳ  සැලැස්මක්  තබාගන්න

ඇත්තටම  විවාහ  උත්සවය  වියදම්  අධික  වන්නක්.  අනෙක්  උත්සව  අවස්ථා  හා  සසඳද්දී  එය  ඕනෑම  කෙනෙකුට  පෙනෙන  දෙයක්. අප බොහෝවිට  උත්සාහ  කරන්නේ  හොඳම  දෙය  අමුත්තන්ට  ලබාදෙන්නයි. එහෙත්  ඒ  නිසා  ඇතැම්විට  අපේ  ප්‍රධාන  අත්‍යවශ්‍යතා  පසෙක  ලා  වෙනත්  එතරම්  අනවශ්‍ය  දේවල්  පවා  උත්සවයට  එක්  කරගන්න  අප සිතනවා. එහෙත්  අප  ප්‍රථමයෙන්ම   සැලකිය  යුතු  වන්නේ  විවාහයක  තිබිය  යුතු  අවශ්‍ය  දේවල්  පිළිබඳවයි. මුලින්  අත්‍යවශ්‍ය  දේවල්  ඇතුලත්  කර වියදම්  ලැයිස්තුවක්  සාදාගන්න.  විවාහය  ලං  වෙද්දී  අවශ්‍ය  තවත් දේවල්  එක එක  වෙලාවට  එක්  කරගන්නවාට  වඩා  කල්  තබා  හැමදෙයම  සිතන එක  වැදගත්. චාරිත්‍ර වගේ  දේවල්  විවාහයක  අනිවාර්ය  අංගයන්. අප  සිතිය  යුත්තේ  ඒවා  පිළිබඳවයි. අවශ්‍ය වුවහොත් ලබාගත  යුතු  දේවල්  ඔබට  ඇත්නම්  ඒවා  ද  සැලසුම්  කර  තබාගන්න. ඔබ  සැරසිලි  වලට  ගොඩක්  වියදම්  කරනවා  නම්, එය  කප්පාදු  කරන්න  ඔබට  හැකියි.  අධික  වියදම්  නොමැතිව  සරල  සහ චාම්  විවාහයක්  ඉතාම  ලස්සනයි. ඔබ  ඔබ  කෙරෙහි  නම්‍යශීලී  වෙන්න. මෙය  අවශ්‍යමද?  මෙය  නොමැතිව  උත්සවය සිදුවෙන්නේ  නැද්ද? පාඩුවක්  වෙන්නේ  නැද්ද?  ඔබම  සිතන්න. එය  ලෝභකමක්  යැයි  සිතන්න  එපා.

ඇඳුම්, ශාලා සැරසිලි සහ  ගුණාත්මක  බව

උත්සවය  පවත්වන  වේලාව  අනුව  සහ  ශාලාවේ  පිහිටීම  අනුව  සැරසිලි  සහ  ගුණාත්මකබව  පිලිබඳ  සැලැස්මක්  ඇතිකරගන්න. එයට  ඔබගේ  විවාහ  ඇඳුමෙහි  වර්ණයත්  යොදාගන්නට  පුළුවන්. ඔබ  උත්සවය  පැවැත්වීමට  කටයුතු  කරන වෙලාව  අනුව  ඔබගේ  මංගල  ඇඳුම්, යහළු  යෙහෙළියන්ගේ  ඇඳුම් පිලිබඳ  සැලකිලිමත්  වෙන්න.  එහිදී  ඔබ  තෝරාගන්නා රුපලාවන්‍ය  ශිල්පියා  හෝ  ශිල්පිනියට  විශාල  කාර්යභාරයක්  පැවරෙනවා. එහෙත්  ඔබේ  සැලැස්ම  අනුවයි  ඔවුන්ගේ  අදහස්  වෙනස්වන්නේ.  එනිසා  ඔබ  කල්පනාකාරීව  සැලසුම්  කලයුතුයි. ඔබේ  සිරුරේ  හැඩය, සමෙහි  වර්ණය, විවාහය  සිදුවන  වෙලාව අනුව  වර්ණ  සහ ශාලා  සැරසිලිත්, menu ඒකත්  තෝරාගන්න  එක  වැදගත්  දෙයක්.

සහයෝගය  සහ  සැලසුම්සහගත  වීම

විවාහය ජිවිත  දෙකක  අලුත්  පිබිදීමක්… බැඳීමක්… ඒ  දිනය  සාමකාමිව, සරලව  සහ  චාම්ව  සැලසුම්කරගැනීම  තුල  අවශ්‍ය  වන  මුලිකම  දෙය  නම්  දෙදෙනාගේ  සහයෝගය, නම්‍යශීලිත්වය සහ  කළමනාකාරී බවයි. විරුද්ධ  මත  තිබෙන්නට  පුළුවන්. එහෙත්  කතාබහකර  දෙදෙනාටම  යහපත්  තීරණ  වලට  එළැඹීම  තමයි  කලයුතු  වන්නේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here