Camping හොඳ වෙන්න හේතු 6 ක්

camping

පරිසරය  වගේම  අලුත්  පුද්ගලයන්  හඳුනගන්නත්, නවමු  අත්දැකීම්  ලබාගන්නත්  හොඳම  ක්‍රමයක්  තමයි  කඳවුරු  බැඳීම  නැත්නම්  camping  කියන්නේ.

ඒත්  camping  වල  ඊට  එහා  ගිය  සෞඛ්‍යවත්  බලපෑමක්  තිබෙන  බව  ඔබ මිට  කලින්  අසා  නොතිබෙන්නත්  පුළුවන්. අන්න  ඒ  ගැනයි  womanly.lk  අද  කතාකරන්නේ…..තාරකා  යට  අපූරු  රාත්‍රියක්  ගතකිරීමෙන්  ඔබේ  සිතේ  ඇතිවන  නිස්කලංක  බව  නිවසේ හෝ  නවාතැනකදී  ලබාගන්නට  බැහැ.

කඳවුරු  බැඳීම  නැත්නම්  camping  කෙතරම්  හොඳයිද  කියලා  බලන්නකෝ…..

1. ) විටමින්  D

camping  වලදී  ඔබට  හිරු  එළියත්  එක්ක  වැඩිපුර  ගනුදෙනු  කරන්න  පුළුවන්කමක්  ලැබෙනවා.වැඩිපුර  හිරු  එලිය  ලැබෙනවා  කියන්නේ  සිරුරට  ලැබෙන  විටමින්  D  ප්‍රමාණයත්  වැඩිවෙනවා  කියන  එකයි.එමෙන්ම  එය  අස්ථි  ශක්තිමත්  කරන්නත්  බොහෝ  සෙයින්  උපකාරී  වෙන  දෙයක්. ඒවගේම  මනසත්  නිරවුල්  වෙනවා. අපි  සාමාන්‍යයෙන්  කියනවනේ  ෆ්‍රෙෂ්  වෙනවා  කියලා. එහෙත්  අවදානම්  දෙයක්  තමයි  අනවශ්‍ය  හිරු  කිරණින්  ඇතිවිය  හැකි  චර්ම  රෝග. එයට පිළියම  තමයි  සැමට  ගැලපෙන  sun screen එකක්  භාවිතා කිරීමයි.

2.) ව්‍යයමයකටත්  එක්ක  camping  හොඳ  ක්‍රියාකාරකමක්

ඔබ  එදිනෙදා කටයුතු  වලදී  වැඩිය  වෙහෙසෙන්නේ  නැති, එක  තැනකට  වෙලා  වැඩකරන වැඩිය  ඇවිදින්නේ  නැති  කෙනෙක්  වෙන්න  පුළුවන්.  සමහරවිට  පවුලේ අය  සමඟ , නැතිනම්  දරුවන්  සමඟ  එක  තැනකට  කොටු  වී  සිටින  කෙනෙකු  වෙන්නත්  පුළුවන්.  එහෙනම්  එයට  කදිම  විසඳුමක්  තමයි  කඳවුරු . මෙහිදී  ඔබ  අලුත්   තැන්  සොයා ඇවිදිනවා.  බොහෝ  විට  කඳු  නගින්නත්  සිදුවෙනවා. එවිට ඔබ ඔබේ  ශක්තිය  වැය  කරනවා  වගේම  අනවශ්‍ය  මේදය  දහනය  වෙනවා.  ඔබේ  සිරුර  එක  අරමුණක  ක්‍රියා  කිරීම  නිසා  අවධානය නිරවුල්ව  එක්  දෙයකට  පමණක් එකවරකදී  යොමුවෙනවා. එමෙන්ම  නම්‍යශීලී  බවත්  වැඩිකරනවා.

3.)  ඔබව  සතුටින්  තියන්න camping  වලට පුළුවන්

දිගු  දුරක්  ඇවිදීම, යහළුවන්, පවුලේ අය  සමඟ , ප්‍රියයන්  සමඟ කතාකිරීම  වැනි  ක්‍රියාවන්  තුලින් ඔබට  සැහැල්ලුවක්, සතුටක්  ලැබෙන බව ඔබ  දන්නවද? ඇත්තටම  එය  කරන්නේ  අපේ  සැහැල්ලුව  සතුට  ඇතිකරන්න  උදව්වෙන  රසායනිකයක්  වන  සේරොටෝනින්  මඟීන්.  සේරොටෝනින්  ඇතිවෙන  හේතුකාරකයන්  අපට  ඉබේම  ලැබෙන  නිසා  තවත්  පහසුයි. එනම්  හිරුඑළිය, පිරිසිදු  වාතාශ්‍රය (ඔක්සිජන්)   සහ කායික  ක්‍රියාකාරකම්  වගේ  දේවල්  සේරොටෝනින්  වලට  උත්තේජක  වෙන  නිසා  ගතවන  හැම  මොහොතක්ම ඔබ  සතුටින්  ගතකරන්නට  පෙළඹෙනවා.

4.)  සුව  නින්දක්, සුව  දිවියක්

මේ  තවත්  වාසියක්. ඔබ  අඩුවෙන්  නිදාගන්න කෙනෙක්  නම්  camping  වලින්  එම  තත්වය  මඟහරගන්න  ඔබට හැකියි. වැඩියෙන්  වෙහෙස  වන   නිසා, උදෙන්  අවදි  වී  ඇවිදින්නට  යාමට  හැකිවන  නිසාත්, රාත්‍රියේ  නිදාගැනීමට  වැඩි  කාලයක්  ලැබීම නිසාත්  ඔබ  රාත්‍රියේ  හොඳින්  නිදාගෙන  උදෙන්ම  අවදිවෙන්නට  පුරුද්දක්  ඇතිකරගන්නවා. අපි  ගෙදරදී  නම්  බල්බ  වල  එළියෙන්  කෘත්‍රිම  ආලෝකයට  හුරුවී  අපේ  නින්ද, අවදිවීම එයට  අනුව  හැඩගස්වා  ගන්නවා. නමුත්  ස්වභාවික  තත්වයන්  හමුවේ  සිරුර  ප්‍රබෝධවත්  වන්නේ  ස්වාභාවධර්මයට  අනුගත  වීමෙන්  පමණයි. එනිසා  camping  එයට  හොඳ  අවස්ථාවක්.

5.) ප්‍රශ්න  විසඳගන්නත් හොඳ  උපක්‍රමයක්

අපි  camping  යන්නේ  තනිවම  නෙවේ.  කණ්ඩායමක්  ලෙසයි.  එවිට  විවිධ  අභියෝග  වලට  මුහුණදෙන්න  සිදුවෙනවා. ඉක්මනින්  නිවැරදි  තීරණ  ගන්න  අපට සිදුවෙනවා. කාලය කළමනාකරණය  කරගන්න  සිද්ධවෙනවා. ඒවගේම  අවධානම්  වලට  සාමූහිකව  හෝ  තනිව  මුහුණදෙන්නත්  සිදුවෙනවා. ඉතින්  එය  පුද්ගලිකව  අපේ  ජිවිතවලට  එන  ප්‍රශ්න  වඩා  හොඳින්  විසඳගන්න  හැකියාව  ලබාදෙන  කදිම  විසඳුමක්  නොවේද?

6.) දරුවන්ට  හොඳ  ඉගෙනුම්  මෙවලමක්

ඉගෙනුම්  මෙවලම්  කියන්නේ  භෞතික  දේවල්ම  නෙමේ.. දරුවෙකුට  ඉගෙනගන්න  පොත  පත, පරිගණකය, ස්මාර්ට්  ෆෝන්  එකට  වඩා  ස්වභාව  ධර්මය  හොඳ පාඩම්  කියා දෙනවා. camping  වලදී  අලුත්  මිතුරු  මිතුරියන්  මුණ  ගැසීම  වගේම  අලුත්  පරිසරයන්ට  හුරුවීම, ඔරොත්තු  දීමේ  හැකියාව,සාමූහිකව තීරණ  ගැනීම, නායකත්ව  කුසලතා, අන්‍යයන් හා  සුහදව ගනුදෙනු  කිරීම  වගේ  මානුෂීය  ගුණාංග  ඇතිකරගැනීමට  දරුවන්ට  අවස්ථාව  ලැබෙනවා. එය  අනාගත  පරපුර  පරිසර  හිතකාමීන්  බවට පත්කරනවා  මෙන්ම  “මානුෂීය  නායකයන්” බවටත් ඔවුන්ව පරිවර්තනය  කරනවා.

අප  සිතනවා  camping  තුල   ඔබට   ධනාත්මක  චින්තනයක්  ඇතිකරගන්න හැකිවුනා  කියලා.  මොකද  හිතෙන්නේ? කාර්යාලයේ, නිවසේ  කොටුවෙලාම  ඉන්නේ  නැතුව  ස්වභාවධර්මය  විඳින්නත්  යන  එක  නේද  හොඳම  දේ?

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here