ලෝකයේ වයස්ගතම යූටියුබ් තරුව

0
3420
Country-Foods

විද්‍යුත් සමාජ ජාල ඔස්සේ ජනප්‍රියත්වය ලැබෙන්නේ ලසස්න රූමත් කාන්තාවන්ට යැයි කිව්වොත් එය එතරම්ම සහේතුක නැත. තරුණබවට හෝ රූමත් බව වෙනුවෙන් පමණක් විද්යුත් සමාජාල වලින් ඉස්මතු විය හැකියැයි සිතනවා නම් ඒ ආකල්පය වෙනස් වන අවස්ථාවකට මේ ඉතාම ගැලපෙන නිදසුනකි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පැවසීය. නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් නොතිබිණි. 

කටේ එක දතක්වත් නැත. ඒත් ඇයගේ සිනාව කාගේත් සිත් ගත්තාය. නමුත් නැවත ඇය සජීවි ලෙසින් යූ ටියුබ් නාලිකාවකින් මේ සුන්දර සිනාව නිදහස් නොකරනු ඇත. ඒත් ඇගේ ජනප්‍රියත්වය ඉන්දියානු ජන සමාජයේ ඉදිරියටත් ජීවත් වීම නම් සැකයක් නැත. ලෝකයේ වයස්ගතම යූටියුබ් තරු අතරින් කෙනෙකු වූ දකුණු ඉන්දියාවේ 107 හැවිදිරි මස්තනම්මා මියගොස් ඇත. 

ඇය යූ ටියුබ් සමාජ ජාලය ඔස්සේ මෙම ආහාර පිසීම පිලිබඳව වීඩියෝ මුදා හැරීමට කල්පනා කරනු ලැබුවේ  2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඔස්සේය. මෙම වැඩසටහන ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය. මෙම වැඩසටහන ඇය විසින් නම් කරනු ලැබුවේ “Country Foods”යන නමින්ය. මස්තනම්මා විසින් සිය ගණනක් වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්‍රාහකයෝ පිරිසක්සිටිති. මේ අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශයජනප්‍රිය විය.

මේ අතර මස්තනම්මා වඩාත් ප්‍රිය කරනු ලැබුවේ අසාමාන්‍ය ඉන්දීය ආහාර වෙනුවෙන් වූ වීඩියෝපට මුදාහැරීමටය. මේ වෙනුවෙන් ආකර්ශණීය මුලුතැන්ගෙයක් ඇයට නොවීය. ඈත ගම්මානයක එළිමහන්ස්ථානයක බිම වාඩි වී, උපකරණඅවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකිය. ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායක පිහියක් භාවිත කර ඒවා කපා ගනී. ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායක දකුණුඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය. 

මෙවන් සාමාන්‍ය පරිසරයක වියපත් වූ කාන්තාවක් වෙත ග්‍රාහකයන් මිලියන ගණනින් එක් වීමට පදනම් වනු යම්කිසි පසුබිමක් අනිවාර්යෙන්ම ඒ පසුපස තිබෙන්නට ඇත. මේ රහස ගැන අදහස් දක්වන බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස්  බවය.

“සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා…” ඔන්කාර් කරම්බලේකාර් පැවසීය. කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය. ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනයද අතිශය ජනප්‍රිය වූයේය. 

Country Foods යූටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය සඳුදා (දෙසැම්බර් 3) ඇයගේ මරණය ගැන දැනුම් දුන්නේය. 

ඒත් සමගම, බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් ඇයගේ ආහාර වට්ටෝරු ගැන වර්ණනා කරමින් මරණය ගැන සිය ශෝකය පළ කර තිබිණි.

මේ සියල්ල තුලින් අපට එක් දෙයක් පසක් වේ. තවමත් සම්ප්‍රදායික දේ වෙනුවෙන් සමාජයේ පවතින පිළිගැනීමයි. අලුත් දේ බොහෝ ඉක්මනින් පිලිගත්තද, ජනප්‍රියත්වයට පත් වුවද, අනාදිමත් කාලය පටන්පවතින සම්ප්‍රදාය සමාජයෙන් බැහැර වන්නේ නැත. ඒ වෙනුවෙන් සදාකාලික සමාජ වටිනාකම්ගොඩ නැගී ඇති බවයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here