මොවුන් දිගුකල් ජීවත් වූ රහස දැනගන්න කැමතිද?

0
1841
world's-oldest-couple

විවාහයේ පටන් වසර අසූවක් තරම් වූ දිගු කාලයක් ජීවත්වීමට වාසනාව ලත් ජපන් ජාතික අඹු සැමියන් යුවලක් පසුගිය දා ගිනස් වාර්තා පොතට එක් වුනා. මේ දෙදනො නම් “මසාඕ මට්සුමොටෝ” සහ “මියාකෝ සොනෝඩා” නැමැති වාසනාවන්ත අඹු සැමියන් දෙදෙනාය.

මසාඕ 1910 වසරේ ජූලි 9 වැනි දින උපත ලැබූ අතර මියාකෝ උපත ලබා ඇත්තේ 1917 වසරේ නොවැම්බර් මාසයේ 17වැනිදාය. මේ දෙනො විවාහ වී ඇත්තේ 1937 වසරේ ඔක්තෝබර් 20 වැනි දිනයි.

සෞභාග්‍යවත් ජීවිතයක් ගෙවන්න ඇති…

ඔබට දැන් මෙහෙම හිතෙන්න ඇති. “සැප සම්පත් පිරුන ජීවිතයක් ගෙවන්න ඇති. ඉතින් දීර්ගායුෂ ලැබීම පුදුමයක්යැ…” ඔබඒ විදිහට හිතුවා නම් වැරදියි. මේ දෙන්නාගේ ජීවිතයේ ආර්ථික දුෂ්කරතාවයන් සීමාවක් නැහැ.

විවාහ වෙන්නවත් මුදල් තිබිලා නැහැ…  

මුලිම වතාවේ මියාකෝ  සමග විවාහ ගිවිස ගනැනීමට සිය පිරිවර සමග ඔහුගේ නිවසට ගියා. එදා මසාඕ ‍නිවසේ සිටියේ නැහැ. ඔහු තම සහෝදරයා මිලටගත් බයිසිකලයේ ණයක් ගෙවන්න ඊට පෙර දිනයේ දුර බැහැර පළාතකට ගියා. නැවත පැමිනෙන්නඔහුට මුදල් තිබුනේ නැහැ. මේ නිසා මනාලියගේ නෑදෑයින් එන වෙලාවේ ඔහුට ගෙදර ඉන්න බැරිවුණා. ඒ වතාවේ විවාහය කල් ගියා. මනාලිය ආපසු හැරී ඇගේ නිවසට ගියා. නමුත් මේසිදුවීම බාධාවක් විදිහට හිතුවේ නැහැ. ඒ වගේම මනාලයාට ආර්ථික වශයෙන් ශක්තියක් නැතිබව පෙනී ගියත් ඒ සිදුවීමත් විවාහයට බාධාවක් වුනේ නැහැ.

දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තා…

දැන් මේදෙන්නාට දියණිවරුන් දෙදෙනෙක් ලැබුණා. දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමග ජපානයේ පිරිමින් යුධ හමුදාවට එක් වුණා. මසාඕත් යුධ හමුදාවට සම්බන්ධ වුනා. සැමියා
යුද්ධයට ගිය පසුව මියාකෝ බොහොම අසීරුවෙන් දියනිවරුන් දෙදනොත් රැක බලා ගෙන සිටියා.

නැවතත් පවුලක් විදියට …

1946 වසරේ මසාඕහමුදා සේවයෙන් පසුව නිවසට පැමිණියා. දැන් මියාකෝට බොහොම සතුටුයි. “ඔහු නිවසට ආවේ ඇටයි සමයි එක්ක….” හමුදා සේවයේදී සිය සැමියා විසින් අත් විඳින ලද දුෂ්කරතාවයන් ගැන මියාකෝ සඳහන් කරන්නේ ඒ විදිහටයි.

දැන් මේ සේරම එකම කැදැල්ලක. ඒ නිසාම තවත් දියණිවරුන් තුන්දෙනෙක් පවුලට එකතු වුනා. පවුල බරපතල නිසා තාත්තාටයි අම්මාටයි මහත් වෙහෙසක් අරගෙන දරු මල්ලන් රකින්න සිදු වුණා.

ඔවුන්ගේ අතීතාවර්ජනයේදී එක් දියනියක් ප්‍රකාශ කලේ “අපේ අම්මයි තාත්තායි අපිව රැක බලාගත්තේ ඉතාම අසීරුවෙන්. ඔවුන්ට ලොකු ආදායම් තිබුනේ නැහැ. එක් දවසක් ජපානයේ බෝනික්කන් උත්සවයදී  මම බෝනික්කෙක් ඉලලුවා. තාත්තා මට කිවව්වේ ඔය පස් දෙනා පෝලිමට හිටගන්න… හරියටම බෝනික්කන් වගේ ඉඳීවි… අපිට සෙල්ලම්බඩුවක් වත් අරගෙන දෙන්න ඔවුන්ට වත්කම් තිබුනේ නැහැ. ඒත් අම්මයි… තාත්තයි බොහොම සතුටින් සිටියා. නැති බැරිකම් ඉදිරියේ අම්මා කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ.

රැකියාවන්වෙනුවෙන් ජපානයේ හැම තැනකටම ගියා…

අම්මයි තාත්තයි රැකියාවන් සොයා ගෙන ජපානයේ හැම තැනකටම ගියා. අපි පස් දෙනා ඉපදිලා තියෙන්නේ ජපානයේ විවිධ තැන්වලයි.

අපි ලොකුමහත් වෙලා විවාහ වුනාම අම්මයි… තාත්තයි නිදහස් වුණා…

කොහොම වුනත් හැමදාම එකම විදිහට යන්නේ නැහැ. කන්දක් තිබුනොත් පල්ලමක් තියෙනවා කියන්නා වගේම අපි විවාහ වෙලා ස්වාධීන ජීවිත ගොඩ නගා ගත්තාට පස්සේ අම්මටයි තාත්තටයි ආර්ථික ප්‍රශ්න අඩු වුණා.

අම්මාගේ ඉවුම්පිහුම් නිසා තමයි…

ජපන් ජාතිකයන් පරමායුෂ විදින ජාතියක්. ඒ ඔවුන්ගේ ජීවන රටායේ යහපත් පැවැත්ම නිසයි. ඔවුන්ගේ දරුවන්මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ….

අපේ අම්මයි.. තාත්තයි මේ තරම් දිගු කාල‍යක් තමන්ගේ විවාහ ජීවිතය ගෙවන්න හේතු දෙකක්තිබෙනවා. එකක් ඔවුන්ගේ ඉවසීම.. පැමිණි දුක් පැණිරසයි කියන සංකල්පයේ සිටිය නිසා විවාහය කටුකයි කියල හිතුවේ නැහැ.

අනෙක අපේ අම්මාගේ ඉවුම් පිහුම් රටාව… අම්මා වයස අවුරුදු 98 ක් වෙනකම්ම ඔවුන්ගේ ආහාර පිලියෙල කර ගත්තා. ඇය හැමවේලාවේම ගුණයට මුල් තැන දුන්නා. මේ දීීර්ඝායුෂ විඳීමේ රහස එය වෙන්න පුලුවන්.

දැන් ඔවුන්ගේ දියණිවරුන් වියපත් , වැඩිමහල් දියණිය ඉට්සුකෝ කව්මුරා (Etsuko Kawamura) ට වයස අවුරුදු 77 ක්.

මගේ අත්තම්මයි සීයයි ගැන ආඩම්බරයි.. මේ වියපත් ජෝඩුව ගිනස් වාර්තාවෙන් පිදුම් ලද දිනයේ දරු මුනුපරන් සියලු දෙනාම සාත්තු නිවාසයට පැමිණියා. එහිදි ඔවුන්ගේ මුණුපුරෙකු වන අයා ඕසාවා (Aya Ozawa) අදහස් දක්වමින් කියා සිටියේ “ඇත්තටම මට අද හරිම ආඩම්බර දවසක්…. මට මතකයි මගේ බාල කාලයේදී සීයා අපිත් එක්ක හරි හරියට සෙල්ලම් කලා. ඔහු යුධ අත්දැකීම් ගැන අපිට නිතරම කිව්වා. ලස්සන ලස්සන කතාන්දර කියා දුන්නා.

ගිනස් ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව ඔවුන් සියලු දෙනාම Kagawa ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකින් Udon නූඩ්ල්ස් රසවිඳින්න අමතක කළේ නැහැ.

දැනට ජීවත්ව සිටින වියපත් අඹු සැමියන් විදිහට මේ දෙදෙනා වාර්තාගත වුනත් මීට ඉහතදී නෝර්වේජියානු අඹු සැමි යුවලක් ගිනස් වාර්තා තබා තිබෙනවා. 1897 වසරේ අගෝස්තු 31 වැනි දින උපන් “කාල් ඩවුලොන්” සහ 1900 වසරේ ඔක්තෝබර්14 වැනි දින උපත ලද “ගර්ඩන් ඩොලන්ව” වැඩිම කාලයක් විවාහ ජීවිතය ගෙවන ලද අඹු සැමියන් ලෙස ගිනස් වාර්තා තබා සිටිනවා. 2004 වසරේ අප්‍රේල් 24  වැනිදින ගර්ඩන්ගේ අභාවය සිදු වුනේ ගිනස් වාර්තාවන් අතරට ඇගේ නමත් එක් කිරීමෙන්අනතුරුවයි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here