ඔබගේ දෑස් වටා ඇති සංවේදි සම ආරක්ෂා කර ගන්නේ කෙසේද?

ඔබගේ දෑස් වටා ඇති සංවේදි සම ආරක්ෂා කර ගන්නේ කෙසේද?

සෑම කාන්තාවක්ම තම රූප ස්වභාවය පිළිබඳ අවදානයක් යොමු කරන අතර තම දෑස් වටා ඇති සංවේදි සම ආරක්ෂා කර ගැනීමේ වැදගත්මක මෙහිදි අප අවධාරණය කල යුතුය. අපගේ දෑස් වටා ඇති සම ඉතා සංවේදි මෙන්ම තුනී පටලයකින් යුක්ත වේ. එබැවින් රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදි අප ඇස් යට කලු වීමෙන්, රැලි වැටීමෙන් හා ඉදිමුම් වලින් ආරක්ෂා වන ලෙස කටයුතු කල යුතුය. පහත දැක්වෙන්නේ ඔබගේ දෑස් වටා ඇති සම ආරක්ෂා කර ගත හැකි ආකාර 7කි.

විශේෂ අඩංගු කාරක.

ඔබ දෑස් වටා ඇති සම සඳහා යම් විශේෂ ආලේපනයක් භාවිතා කරන්නේ නම් ඔබ සමහර අහිතකර අඩංගු කාරක වලින් ඈත් වීම මනාය.

ඔබගේ ආලේපයන් වල haloxyl, peptides, nicotonic acid, caffeine, ceramides, retinol හා මොයිෂ්චරයිසිං කාරක අඩංගු වේ නම් ඒවා භාවිතා කිරීම සුදුසු වේ. ඔබගේ මුහුණේ ඇති රැලි, අව පැහැ ගැන්වීම් හා ඉදිමුම් ගතිය අවම කිරීමට උපකාරි වේ. තෙල් සහිත ආලේපන ඔබේ ඇස් වටා ඇති සමට අහිතකර විය හැකි බැවින් ඒවා භාවිතා කිරීමෙන් වලකින්න.

ඉතා මෘදුව ආලේප කරන්න.
ඔබගේ දෑස් වටා ඇති සංවේදි සම ඔබගේ ශරීරයේ අනෙකුත් ස්ථාන වල ඇති සමට වඩා 10 ගුණයකින් තුනී වේ. එම නිසා දෑස්වටා ආලේපන ගැල්වීමේදි ඉතා ප්‍රවේශමෙන් එය සිදු කිරීම අනිවාර්ය වේ. දැඩි පීඩනයකින් පිරි මැදීම, සේදීම හා සම ඇදෙන සේ ආලේපන ගැල්වීමෙන් වලකින්න. එය පසු කාලයේදි අහිතකර ලෙස බල පෑ හැකිය.

වැක්ස් කිරීම සම්බන්ධයෙන් නිසි දැනුවත්වීමකින් පසු වන්න.
ඇහි බැම වැක්ස් කිරීම ඔබගේ දෑස් වටා ඇති සංවේදි සමේ මතුපිට පටලයට අහිතකර ලෙස බලපායි. තවද වැක්ස් කිරීම බොහෝ පුද්ගලයින්ට අමිහිරි අත්දැකීමක් ගෙන දෙන ක්‍රියාවකි. මේ වෙනුවට ඔබට ට්වීසරයකින් ඔබගේ ඇහි බැම සකස් කල හැක. කෙසේ වෙතත්, ඔබගේ රූපාලාවන්‍ය ශිල්පියා/නිය ඉතා මෘදුව, මනා දැනුවත්වීමකින් මෙම කාර්යය සිදු කරන්නේ නම් ඔබට් වැක්සිං දිගටම සිදු කල හැකිවේ.

වෙනත් විශේෂි ආලේපනයක් භාවිතා කරන්න.
ඔබගේ මුහුණේ සම ඉතා සංවේදිය. මුහුණේ දෑස් වටා ඇති ප්‍රදේශය පිළිබඳව ඔබ දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. එම නිසා මුහුණට සාමන්‍යයෙන් ඔබ භාවිතා කරන ආලේප ඇස් වටා ගැල්වීම යෝග්‍ය නොවේ. චර්ම විශේෂඥයින්ට වුවද මේ සඳහා පොදු විසඳුමක් සැපයීම අසීරු කාර්යයකි. ඔබ දිනපතා භාවිතා කරන ෆේස් වොශ් වුවද දෑස් වටා ගැල්වීම සුදුසු නොවේ. මන්ද එම ආලේපන නිෂ්පාදනය කර ඇත්තේ ඔබගේ මුහුණේ ඇති කුණු, දුවිලි ඉවත් කිරීම සඳහා වන බැවිනි.
අහිතකර හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා සන් ස්ක්‍රීන් ආලේප කරන්න.
අපගේ ඇස් නිතරම අහිතකර පාරජම්බුල කිරණ වලට විවෘත වන හෙයින් අප ඒ සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් දැක්විය යුතුය. අකලට සම රැලි වැටීම හා හිරු කිරණින් සම විනාශ වීම අපට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් වලක්වා ගත හැක. ඔබට යෝග්‍ය අයි ක්‍රීම් එකක් භාවිතා කිරීමෙන් සුසිනිදු නීරෝගි සමක් ලබා ගත හැක.

සම්බාහනය.
ඔබට විවිධ චර්ම ප්‍රශ්න ඇතිවීම වලක්වා ගැනීමට අවශ්‍ය නම් දිනපතා මුහුණ සම්බාහනය කිරීමට පුරුදු වන්න. සම්බාහනය තුලින් ඇස් යට කලුවීම, ඉදිමුම් ගතිය හා රැලි වැටීම් වළක්වා ගත හැක.මෙම ක්‍රියාවලිය එතරම් වැදගත් නොවේ යැයි ඔබට සිතුනත් මෙයින් ඔබට විස්මිත ප්‍රතිඵල දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

මුහුණ සඳහා මාස්ක් හා පැඩ් භාවිතය.
ප්‍රබෝධමත්, දිදුලන සමක් සඳහා බොහෝ අය මුහුණු මාස්ක් හා පැඩ් භාවිතා කරනු ලැබේ. දෑස් වටා ඇති සංවේදි සම ආරක්ෂා කිරීමට මෙන්ම එහි තෙතමනය රඳවා ගැනීමට මෙය ඉතා යෝග්‍ය ප්‍රහිට්කාරයකි.

ඉහත දක්වා ඇති උපදෙස් ඔබට උපකාරි වූ ඇතැයි මම සිතමි. ඔබගේ දෑස් ඔබගේ උතුම්ම දායාදයයි. එම නිසා දෑස් වටා ඇති සම ආරක්ෂා කිරීමට ඔබත් දිනපතා කටයුතු කරන්න. මීට අමතරව ඔබ දන්නා තවත් ප්‍රතිකාර ඇතොත් ඒවා පහත කමෙන්ට් කොටසේ කරුණාකර බෙදා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here