ඔබගේ හැඟීම් වලට ඍජුව බලපාන වේදනා 7ක්

ඔබගේ හැඟීම් වලට ඍජුව බලපාන වේදනා 7ක්

නිතරම අප විවිධ වේදනා වලින් පීඩා විඳින අවස්ථා වල, එය නොසලකා හරිනවා හෝ ස්වයං-විනිශ්චය කරනවා වෙනුවට අප කල යුත්තේ වේදනාවට මූලික වූ හේතුකාරකය සොයා බැලීමය. ඔබගේ කොන්දේ අමාරුවට හේතු වූයේ පෙර දා රාත්‍රීයේ තාම නින්දට ගිය ඉරියව්ව වැරදි නිසා බව ඔබ මොහොතකටවත් සොයා බැලුවේද? කෙසේ නමුත් මෙහිදි ඔබ සාමාන්‍යයෙන්, සතියක් පමණ බලා වේදනාව සමනය වූ පසු පෙර පරිදි තම එදිනෙදා වැඩ කටයුතු සමඟ කාර්ය බහුල වීමට පටන් ගනී. සමහර විට පැනඩෝල් හෝ ඇඩ්විල් පෙති දෙකක් ගෙන ඔබ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගනී. ඔබ දවසේ යම් කාලයක් එම වේදනාව ඇති වීමට බලපෑ හේතුව සොයා බැලීමට උත්සාහ ගන්නේද?

අපගේ කායික, මානසික හා සමාජයීය සෞඛ්‍යය කෙරෙහි අප අඩු සැලකිල්ලක් දැක්වීමට පටන් ගත්තේ කවදා සිටද? අපගේ ශරීරයට ඕනෑම දෙයක් දරා ගත හැකි ඇයි අප සිතන්නේ ඇයි? වේදනා සංවේදන වලට අප නිසි සැලකිල්ලක් නොදැක්වීමට හේතුව කුමක්ද? සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට නිතර දැනෙන වේදනා කිහිපයක ලැයිස්තුවක් පහත දක්වා ඇත. සමහර විට ඔබට තුනටියේ ඇතිවූ වේදනාව මාසයකට පමණ පෙර ඇති වූ උලුක්කුවීමක ප්‍රතිඵලයකට වඩා සංකීර්ණ තත්ත්වයක් විය හැකිය.

හිසරදය.
හිසරදය යනු ඔබගේ ශරිරය විසින් ඔබට කිසියම් දෙයක අවශ්‍යතාව හෝ ඔබ විසින් සිදු කරනු ලබන වැරදි හැසිරීමක් නිවැරදි කිරීමේ වැදගත්කම ඉඟි කරන වේදනාවකි. මිග්‍රේන් (ඉරුවාරුදය ) හ අනෙකුත් අන්දමේ හිසරදයන් ඔබට ඇතිවන්නේ මානසික ආතතිය හා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීමේ ප්‍රතිවිපාකයක් නිසාවෙනි. නමුත් බොහෝ හිසේ කැක්කුම් වලට හේතු වන්නේ මානසික ආතතියයි. එවිට ඔබේ ශරීරරය එම වේදනා සංවේදනය තුලින් ඔබට මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල නිරත වීමේ වැදගත්කම අවධාරණය කරයි.

බෙල්ලේ ඇතිවන වේදනාව.
ඔබට ඇතිවන සෑම බෙල්ලේ කැක්කුමක්ම අසල්වැසියා හා ඔබ අතර ඇති වූ අමනාපයක ප්‍රතිඵලයකට වඩා යම් දෙයක් විය හැකිය. ඔබට නිතරම බෙල්ලේ කැක්කුමක් ඇතිවන්නේ නම් එයින් හැඟෙන්නේ ඔබට තවදුරටත් මනසේ කිසිදු බරක් සඟවා තබා නොගත යුතු බවත් එය නිදහස් කරන ලෙසත් ය. ඔබ කිසියම් වැරැද්දක් සම්බන්ධව පසුතැවෙනවා නම් භාවනාවේ යෙදෙමින් සිත නිදහස් කරන්නට තැත් කරන්න. සිත තුල හැඟීම් තද කරගෙන සිටීමෙන් කිසිදු ඵලක් සිදු නොවේ.

උඩු කොන්දේ වේදනාව.
මින් අදහස් වන්නේ අප දැඩි මනස්තාපයකින් පසුවන බවත් ඒ සඳහා අපට මානසික සහාය අවශ්‍ය බවත්ය. ඔබට අපේක්ෂා කරන ආදරය ඔබට නොලැබෙනෙවා වන්නට පුලුවන. ඔබට සමාජයේ ඔබ ඇසුරු කරන සමීප අයට ආදරය දැක්වීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකිය. උඩු කොන්දේ වේදනාව ආදරය දැක්වීම හා ආදරය ලැබීම යන හැගීම් හා සම්බන්ද වේ.  ඔබ තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙකු නම්, වඩාත් සමාජශීලි වන්න. ඔබ අපේක්ෂා කරන ආදරය ඔබට සමාජයේ කිසියම් කෙනෙකුගෙන් ලැබෙනු ඇත.

යටි කොන්දේ වේදනාව
මෙය අපගේ ශරීරයේ කේන්ද්‍රස්ථානයයි. ආර්ථිකමය වශයෙන් ඔබ අස්ථාවර වූ විට ඔබගේ යටි කොන්දේ වේදනාවක් ඇති විය හැක. ඔබගේ රැකියාවේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් ඔබ තුල ඇති දෙගිඩියාව, මුදල් හිඟකම, බංකොලොත් බවට පත් වීම වැනි ප්‍රශ්න ඔබගේ යටි කොන්දේ වේදනාව හා සම්බන්ධ විය හැක.  අරපිරි මැස්මෙන්, බුද්ධිමත්ව ඔබ ඔබගේ විය හියදම් පාලනය කලහොත් ඔබට මෙම ආර්ථික ගැටලු නිරවුල් කර ගත හැක.

උරහිස් වේදනාව.
බර කරට ගැනීම හා සම්බන්ධ ප්‍රශ්න වලින් ඔබ පීඩා විඳිනවා නම් එය ඔබගේ උරහිස් මත වේදනාවක් ඇති කරනු ලැබේ. බොහෝ පුද්ගලයින් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න කරට ගෙන සිටින අය වේ. දහසක් ප්‍රශ්න කරට ගෙන සිටින විට එහි පීඩනය ඔබගේ උරහිස් වලට තදින් දැනේ. ඔබට කිසිසේත් පාලනය කල නොහැකි ප්‍රශ්න
වලින් මිදෙන්නට උත්සාහ ගන්න. ඒ ගැන ඕනෑවටත් වඩා නොසිතන්න.

උකුලේ වේදනාව.
ඔබ දිගින් දිගටම උකුලේ වේදනාවෙන් පෙලෙනවා නම් ඉන් ඇඟවෙන්නේ ඔබ  ජීවිතයේ කිසියම් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවය. මනස ව්‍යාකූල වූ අවස්ථාවන්හිදී ඔබ කල යුත්තේ නිර්භයව එම අභියෝගයට මුහුණ දීමය. එයින් ඇතිවන ධනාත්මක ප්‍රතිඵල වලින් ඔබ විස්මයට පත් වනු ඇත. එයින් ඔබ තවත් ධෛර්යමත් වේ. මෙය එක් වරක් අත් හදා බලන්න.

දණහිස් වේදනාව.
ඔබ නිතරම දණහිස් වේදනාවෙන් පෙලෙනවාද?
ඔබගේ හිතට සවන් දෙන්න. සමහර විට ඔබේ අහංකාර බව හා ආත්මාර්ථකාමිත්වය දණහිසේ වේදනාවක් ඇතිවීම කෙරෙහි බලපායි. ඔබ ප්‍රසිද්ධියේ කෙනෙක්ව අගය කරන්නට මැලි කමක් දක්වනවා වන්නට පුලුවන. ඔබ සාර්ථකත්වයේ එකම හවුල්කරුවා ලෙස හැසිරෙනවා විය හැකිය. දණහිසේ වේදනාව ඔබ තුල නිසැඟයෙන්ම පවතින “කෙනෙකු ඉදිරියේ නැමීමට ඇති මැලිකම” හඟවන වේදනාවක් ලෙස දැක්විය හැකිය. ඔබට ඊලඟ වතාව දණහිසේ කැක්කුමක් ඇති වූ විට තමා සමාජය ඉදිරියේ කෙසේ කටයුතු කරන්නේද යන්න සිතා බලන්න. අන් අය සමඟ කටයුතු කිරීමේදි නම්‍යශීලි වීමට අප උත්සාහ ගත යුතුයි.

අපගේ ශරීරයට අප දක්වන සැලකිල්ල තව දුරටත් වැඩි දියුණු කල යුතුයි. ඔබගේ හැඟීම් හා හැසිරීම් සම්බන්ධ තතු හා රහස් බොහෝමයක් ඔබේ ශරීරය තුල ගැබ් වී ඇත. නමුත් වේදනාවට මුල් වූ හේතු කාරක සලකා බැලීමෙන් ඔබට පහසුවෙන් ඊට ප්‍රතිකාර කර සෞඛ්‍යමත් ජීවිතයක් ගත කල හැකි වේ. මෙය අත්හදා බලන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here