හැමෝම අතරේ ආකර්ෂණිය වෙන්න පොඩි ටිප්ස් ටිකක්

0
18038
attractive_girl

අපි හැමෝම කැමතියි ලස්සනට හැඩ වැඩ වෙලා අනිත් අය අතරේ කැපී පෙනෙන්න. පාර්ටි එකකදී උනත් අනිත් අය අතරේ ආකර්ශනීයම චරිතයක් වෙලා කැපී පෙනෙන්න. ආකර්ෂණිය වෙන්න කාන්තා පාර්ශවය හුගක් වියදම් කරනවා. සැලෝන් යන්න, මිල අධික විවිධ මෝස්තරයේ ඇඳුම් පැළදුම් මිලට ගන්න වගේ දේවල් වලට. ඒත් මං අද කියන්න යන්නේ වැඩි වියදමක් නැතුව ලේසියෙන්ම අනිත් අය අතරේ කැපී පෙන්න පුළුවන් පොඩි ටිප්ස් ටිකක්. මේකප් කරන් යනවා වගේ නෙවෙයි හැමදාටම ආකර්ෂණිය චරිතයක් වෙන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාලත් අත්හදා බලන්න.

  • නැවුම් එළවලු සහ පලතුරු දිනපතා ආහාරයට ගන්න
    සුවබර දිවියක් උරුම කරගන්න නම් අනිවාර්යෙන් නැවුම් එළවලු පලතුරු ආහාරයට එකතු කරගන්න ඕන. ලෙඩ අඩු ජීවිතයකට වගේම පැහැපත් නිරෝගී සමක් ලබාගන්නත් නැවුම් පලතුරු උපකාරී වෙනවා. බොහෝ පලතුරු වල විටමින් සී බහුල නිසා සම පැහැපත් වෙන්න එය උපකාරී වෙනවා. පිෂ්ඨය අඩංගු ආහාර වර්ග වැඩිපුර ගත්තම තරබාරු වෙනවා. ඒවගේම තෙල් සහිත ආහාර ගත්තම මුහුණේ කුරුලෑ හටගන්නවා. ඒත් ඔබේ ආහාර වේලට වැඩිපුර එළවලු පලතුරු එකතු කරගත්තා කියලා එහෙම අහිතකර අතුරු ප්‍රතිපල ඇති වෙන්නේ නැහැ.

 

  • සිනහව
    කිසිදු වියදමක් නැතිව කෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන් හොඳම විදියක් තමා සිනහව. කාන්තාවක් නම් ඔබේ සිනහව අනෙක් අයට ප්‍රසන්න විය යුතුයි. ඒවගේම උපහාසයට නෙවෙයි හදවතින්ම ලෙන්ගතු කමෙන් තවත් කෙනෙකු හා සිනාසිය යුතුයි. පුංචි ප්‍රසන්න සිනාවකින් ඔබේ මුහුණට ආලෝකයක් එකතු වෙනවා වගේම අනෙත් අය ඔබ ප්‍රසන්න කෙනෙක් විදියට පිලිගන්නවා ඔබ සිනාමුසු මුහුණෙන් නිතරම සිටිනවා නම්.

 

  • කරුණාවන්ත වෙන්න
    දරුවන්ට කරුණාවන්ත මවක් වෙනවා වගේම ඔබ වටා සිටින අයටත් කරුණාවන්ත වෙන්න. කරුණාවන්ත පුද්ගලයන් බොහෝ අයගේ අවධානයට යොමු වෙනවා.මහමගදී ඔබට හමුවෙනවා අන්ධ පුද්ගලයෙක්.ඔහුට පාර මාරුවීමට නොහැකිව සිටිනවා. ඔබ එම පුද්ගලයාට පාර මාරුවීමට උදව් කරන්නේ නම් ඔබ වටා සිටින අනිත් අය ඔබ කොතරම් කරුණාවන්ත කෙනෙක් දැයි මොහොතකට හෝ සිතනවා. කරුණාවන්ත වීමට මුදල් අවශ්‍යම නැහැ. ඇතැම් විට ඔබේ කරුණාවන්ත වදනක් වුනත් ප්‍රමාණවත්.

 

  • හොඳ සවන්දෙන්නෙකු වෙන්න
    විසඳ ගන්න බැරි ලොකු ප්‍රශ්නෙකින් ඉන්නවනම් අපි ගොඩක් වෙලාවට කරන්නේ හොඳම යාලුවෙක් එක්ක ඒ ගැන කතා කරන එක. ඉතින් ඔයාගෙත් යාළුවො ඒවගේම ඔයා ලඟින් ඉන්න අය ඔයාත් එක්ක ඒවගේ ප්‍රශ්නයක් ගැන නැතිනම් තමන්ට වුන කරදරයක් ගැන කතා කරනවා නම් ඔවුන්ට ඇහුම්කන් දෙන්න. ඒකෙන් ඔයා එයාගේ කතාවට අවධානයක් දෙනවා කියන එක වගේම එයා ඔයාව හොඳ යාලුවෙක් විදියටත් පිළිගනීවි. ඉතින් ඔයාටත් ප්‍රශ්නයක් කරදරයක් ආවම එයා අනිවාර්යෙන් ඔයා ලග ඉදිවී.

 

  • ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න
    නිතරම තමන් ගැන විශ්වාසය තියාගන්න. ඔබ ගන්නා තීරණ ගැන ඔබම දෙගිඩියාවෙන් සිටීම ඔබේ
    දුර්වලකම පෙන්වනවා. එනිසා තීරණ ගනිද්දී හොඳින් සිතා බලලා තීරණ ගන්නවා වගේම තමන්ගත් තීරණ ගැන විශ්වාසය තබාගන්න.

 

  • පිරිසිදුකම පිලිබඳ සිතන්න
    පුද්ගලික පිරිසිදුකම ගැහැණු පිරිමි දෙපිරිසටම වැදගත්. ඔබ කොණ්ඩය පීරන්නේ නැතිව පොඩි වුන කිලිටි වුන ඇදුම් ඇදගෙන දාඩිය ගඳේ අපිරිසිදු පෙනුමෙන් ගමන් බිමන් යනවා නම් ඔබේ ලගට එන්නවත් අනිත් අය කැමති නැහැ. ඒ නිසා නිතරම තමන්ගේ පිරිසුදු කම ගැන සිතන්න. කොණ්ඩය රැවුල කපලා කොණ්ඩය හොදින් පීරලා,නියපොතු ලස්සනට තියාගෙන ඉන්න. උඩ ඇඳුම් විතරක් නෙවෙයි යට ඇඳුම්වල පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න.

 

  • සත්‍ය ලෝකයේ ජිවත් වෙන්න
    බොහෝ පිරිමින් කැමති නැහැ සිහින ලෝක වල ජිවත්වන ගැහැණුන්ව විවාහ කරගන්න. ජිවිතයට සිහින අවශ්‍යයි. අපි සිහින හඹා යා යුතුයි. ඒත් පමණ ඉක්මවා සිහින වල ජිවත් වෙන්න යන්නෙපා. ඒවගේම ඔබ ඔබම වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here