ඔබේ ජිවිතේ හොදම දේ ඇත්තේ ඉදිරියටයි.

0
3611
girl_alone

ඔබත් තවත් කෙනෙකුගෙන් අපයෝජනයට ලක් වී සිටිනව ද සියලු බලාපොරොත්තු බිදුණු ස්වභාවයෙන් ගත කරන්නේ ද මනුෂ්‍ය ස්වභාවය අනුව අපට සතුටට වඩා ජිවිතයේ දුක කියන දේ ලැබෙනවා වැඩියි. ඔබ එසේ දැනටමත් අපයෝජනයට ලක් වී සිටිනවා නම් ඔබට ජීවිතය එපා වෙලා තියෙන්න පුළුවනි.

කාන්තා ඔබ අපයෝජනයට ලක් වූවාට පසු ඔබට තිබු සියලු සිහින උඩු යටිකුරු වී යන්න පුළුවන්. ඔබට එය දරා ගැනීමට අමාරු වේවි. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ දරා ගැනීමේ ශක්තිය එකිනෙකට සාපේක්ෂයි. ඔබ කුඩා දෙයටත් ඉක්මනින්ම මනසින් බිද වැටෙන්නේ නම් ඔබට එය දරා ගැනීමට බොහෝ අමාරු වෙන්න පුළුවනි. එවැනි අවස්ථා වල කාන්තාවන් ජිවිතයෙන් පවා සමු ගන්නට උත්සහා කරනවා. නමුත් එය මෝඩ ක්‍රියාවක්. ජිවත් වෙනවා කියන්නේ මොන තරම් ප්‍රශ්න අවාත් නොබියව ඒවාට මුහුණ දෙනවා කියන එකයි. මෙවෙනි අවස්ථා වල දී ඔබ කලකිරෙයි. තනිවෙන්න උත්සහා කරයි. පරාජිතයෙක් ලෙස සිතන්න පුරුදු වෙයි.

ඔබ මෙවෙනි සිදුවීමකට මුහුණ දුන්නේ නම් ඔබ ඉතාම විශ්වාසන්ත පුද්ගලයෙකු සමග තමාට වූ සියල්ල පවසන්න. මෙහිදී ඔබ ඉතාමත් පරිස්සම් විය යුතුය. ඇතැම් පිරිමි සිටිනවා එවැනි අපයෝජනයකට ලක් වූ කාන්තාවක් යැයි දැනගතහොත් ඔහු ද ඔබ ඇසුරු කොට තමන්ගේ ආශාවන් ඉටු කර ගෙන අත්හරින්න උත්සහා කරනවා. මේ නිසා ඔබ එක් වරක් වැටුණු වලේ නැවත වැටිය යුතු නොවේ. ඔබ, ඔබට ඉතාමත් විශ්වාසන්ත පුද්ගලයෙකු තෝරා ගන්න. මව මෙයට වඩා සුදුසුය. එසේ නොමැති නම් වෛද්‍යවරයෙකු, මිතුරෙක් හෝ කවුරුන් හෝ තෝරා ගන්න. ඔහු ඉතාමත් විශ්වසන්ත මෙන්ම  ඔබව තේරුම් ගන්නෙකු විය යුතුය.

මෙවෙනි සිදුවීමකට ඔබ මුහුණ දී සිටින්නේ නම් මේ ආකාරයට ක්‍රියාත්මක වන්න.

ඔබට සිදු වූ සිදුවීම් නොසගවා කතා කරන්න. 

මෙහි දී විවෘතව කතා කල හැකි අයෙකු තෝරා ගන්න. මනෝ වෛද්‍යවරයෙකු වඩාත් සුදුසුය. අද මනෝවෛද්‍යවරුන් බොහෝ පිරිසක් සිටි. එම නිසා ඔබට එය අපහසු වන්නේ නැත. ඔබට මෙය තරමක් අමාරු දෙයක් විය හැකිය. මන්ද ඇතැම් කාන්තාවන් ඉතාමත් ගුප්තය. සියල්ල සගවා සිටීමට උත්සහා කරයි. ඔබ සියල්ල සගවා සිටීමෙන් තව තවත් ඔබට ජීවිතය එපා වෙවී. ඔබ විවෘතව කතා කරන වාරයක් පාසා ඔබේ පීඩනය, වේදනාව, මානසික ආතතිය නැති වන බව හොදින් මතක තබා ගන්න. අපට යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට එය වෙනත් කෙනෙකුට පැවසුවහොත් එය අපට විශාල සහනයක් ගෙන දෙනවා.

සමාජය පිලිබදව බිය වන්න එපා.

ලංකාවේ පවතින සංස්කෘතිය සමග ඔබ කුමන ආකාරයට පිලිගනිවි ද යන්න ගැටළුවක් ඇතිවේවි. සමාජය පිලිබදව කිසි විටෙකත් බිය නොවන්න. ලෝකයේ ඕනෑ තරම් අපයෝජනයට ලක් වූ කාන්තාවන් සිටිනවා. එමෙන්ම ඔවුන් ඉතාමත් දක්ෂ විදියට ලෝකය ජය ගෙන තිබෙනවා. ඔබ අපයෝජනයට ලක් වුවාට ඔබේ ජීවිතය එතැනින් අවසන් වන්නේ නැත.

අනාගතය පිලිබදව සුබවාදීව සිතන්න.

තමාට ස්වාමියෙක්, පෙම්වතෙක් සොයා ගන්න බැරි වේවි යන්න ඔබට සිතෙන්න පුළුවනි. එසේ ඔබ සිතිය යුතු නැත. ඔබේ අතීතය වැදගත් නැති වර්තමානය වැදගත් ඔබව තේරුම් ගත හැකි පිරිමින් මේ සමාජයේ සිටි. ඔබ අපයෝජනයට පත් වුවත් ඔබේ ජිවිතයේ අවසන් වන්නේ නැත. ඔබ කෙසේ හෝ අනාගතයට මුහුණ දිය යුතුය. ඔබ නැවත එවැනි අපයෝජනයකට හසු නොවන්න වග බලා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here