මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාට හම්බවෙයි

ජීවිතයේ ආදරය විඳිය යුතු කාලයට පැමිණෙන විට බොහෝ දෙනා එයින් විඳවයි. ‘ඔයා එයා එක්ක හොඳින් ඉන්න’ අතර මැදියෙක් නිසා ලව් එකට තිත තියලා යන කෙනා කියන අතිශය සරළ ඒ වගේම බොහෝ ජනප්‍රිය කියමනක්.

ඒත් ගොඩක් වෙලාවට ඒක කියන්නේ හිතට එකඟව නෙවෙයි. සමහරවිට වෙන කරන්නම දෙයක් නැති නිසා එහෙම කියලා පැත්තකට වෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුගෙන් ඒ වගේ දෙයක් පිටතට කියන්න පෙළඹෙන්නේ ආයාලේ යන හිත ආකර්ශන නිසා නවතින නිසා වෙන්න පුළුවන්. අපි හැමෝටම තියෙන්නේ දුවන හිතක්.

සමහරවිට දැන් කිසි ම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා ඇති. ඒත් ඊට එහා දේ ලබා ගන්න ගිහිං ගොඩක් දෙනෙක් හොට බිම ඇන ගන්නවා. සමහරවිට තියෙන දේත් නැති වෙනවා. දිවට දිව ගාගෙන හිටියත් කොච්චර සීරියස් ලව් එකක් කරගෙන හිටියත් තව පිටස්තරයෙක් තමන්ගේ ජීවිතේට එන්න හදනවා නම් තමන්ගේ යටි හිත පිළිගන්නේ ඒ ආගන්තුකයා මිසක් දැනට රැඳිලා ඉඳගෙන පාර පෙන්වන කෙනා නෙවෙයි. හැමෝම එහෙම නෑ. ඒත් බහුතරය එහෙමයි කියලා කියන්න පුළුවන්. ඒ දේ නිසා තමයි අද රටේ බහුතරයක් තරුණ පිරිස විඳවන්නේ.

ආයාලේ යන හිත ආකර්ශන නිසා නවතින අවස්ථා ඕන තරම් තියෙනවා. මොකක් හරි බාහිර හේතුවක් නිසා ලව් එක නතර කරන්න වෙනකොට වෙන් වෙලා යන කෙනා කියන්නේ ඔයාට මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් හම්බවෙයි කියලා. මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බ වෙයි කියන කතාව කියලා ඈත්වෙන්න හදන්නේ ඒ සම්බන්ධතාවය නතර කරන්න පොටක් මිස වෙන දෙයක් නිසා නෙවෙයි. එයා එක්ක හොඳින් ඉන්න කියලා වෙන් වෙලා යන්න යන අය හොඳින් ඉන්න කියලා කිව්වට එයා තව කෙනෙක් එක්ක හොඳින් ඉන්නවා බලන එක තරම් අමාරු දෙයක් එයාට තවත් නෑ.

දවසක් හරි ආදරේ කරපු කෙනෙක් මග තොටේ දි හරි හම්බ උනොත් ඒ හිතට දැනෙන හැඟීම විස්තර කරන්න වචන නෑ. ඒක එහෙම වෙන්නේ. ගොඩාක් හොඳට ආදරේ කරලා මොකක් හරි හේතුවක් නිසා වෙන් වුන නිසා. බාහිර ස්වභායට, පිට ඔපයට වගේම සල්ලි නිසා ලව් එෆෙයාස් පටං ගන්න එක සුලබ සිදුවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ලව්වල ආයුෂ කෙටි වෙලා.

එහෙම උනහම එක එක හේතු නිසා කෙල්ල කොල්ලගෙන් අයින් වෙනවා. කොල්ලොත් එහෙමයි. ඒත් ඒ වගේ අවස්ථාවල දී තනි වෙන කෙනා පට්ට අසරණ වෙනවා. ගොඩක් වෙලාවට වැරදිවලට පෙළඹෙන්නේ ඒ වගේ අසරණ වෙලාවට. එහෙම තනිවෙලා අර දුක මතක් කර කර ඉන්නකොට ඒ වෙලාවේ ජීවිතේට සමීප වෙන ඕන කෙනෙක්ට නිකම්ම වගේ ළං වෙනවා. එහෙම ළං වෙන ගොඩක් අය අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මාරු වෙනවා. හැබැයි තාවකාලික ව අසීමිත සතුටක් සැනසීමක් ඒ අයට දෙන්න පුළුවන්. ඒ දේ තේරුම් අරගන එතනින් ජීවිතේ හදා ගන්නේ නැතුව ගොඩක් අය කරන්නේ අර හිස් තැන පුරව ගන්න මොනව හරි කරන එක.

තමන් තනියෙන් ඉන්නකොට නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ නිදහස දන්නෙම නැතුව මිස්යූස් වෙනවා. එතකොට හිතෙනවා අරයට පේන්න මම මේ විදිහට ඉන්නවා වගේ අදහසකින් තමයි තව දෙයක් කරන්නේත්. ඒත් ගොඩක් වෙලාවට වරදින්නේම එතනදිම තමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here