ගර්භනී සමයේ පසුවන ඔබ මේ දේවල් ගැනත් දැනුවත්ද

0
5963
pregnant_woman

මවක් කියන්නෙ දරුවෙකුට උපත දෙන දේවතාවියක්.ඉතින් තමන්ගෙ දරුවා කුසට ආපු දවසෙ ඉදලා  ඕනම මවක් නොවසිල්ලෙන් ඉන්නෙ තමන්ගෙ පුංචි පැටියගෙ මුණ දැක ගන්න. අපේ ගොඩක් මව්වරුන්  කුස පිළිසිඳ ගත් දවසෙ පටන් තම දරුවා වෙනුවෙන් ගොඩක් කැපවීමෙන් , පරිස්සමෙන් වැඩ කටයුතු කරනවා කියන එක නම් නොරහසක් නොවෙයි. ඒත් ඉතින් ගර්භනී සමයේ පසුවන මවක් විදියට, ගර්භනී මවක් නිවසෙ සිටින වැඩිහිටි කෙනෙක් විදියට මේ කියන්න යන දේවලුත් ඔබට වැදගත් වේවි.

ආහාර

ගර්භනී සමයේ පසුවන මවක් විදියට ආහාර කියන්නෙ නම් වැදගත්ම දෙයක්.  ඉතින් ආහාර කොයි තරම් වැදගත් වුණත්  අරපරිස්සමෙන්  හොඳ ආහාර රටාවක් පවත්වා ගන්න ඕන. ඔබ දන්නවද ගර්භනී සමයේ පසුවන මවකට කන්න හිතකර වගේම කන්න අහිතකරත් ආහාර වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් නම් ගර්භනී මවකට ඌෂ්ණාධික ආහාර ගැනීම අහිතකර වෙනවා. මොකද සමහර ආහාර වල බලපෑම  ඔයාගෙ කුසේ ඉන්න දරුවාටත් බලපාන්න පුළුවන්.  ඉස්සො, දැල්ලො, කකුළුවන්, බල මාළු වගේ  ආහාර නම් ටිකක් අගුණයි. මොකද  දරුවා ඉපදුනාට පස්සෙ තමයි අම්මා ඒ කාපු කෑම වල විෂ පිට දාන්නෙ. දරුවන්ගෙ ඇගේ රතල ගෙඩි එහෙම හට ගන්නෙ ඔන්න ඔය ආහාර වල ප්‍රතිඵලයක් හැටියට.

ඒ වගේම හොඳ එළවළු , පළතුරු  මස් මාංශ  , කිරි, බිත්තර වගේ ඒවා නම් හොඳට  ආහාරයට ගන්න.  එළවළු තම්බලා, සුප් හදලා එහෙම ආහාරයට ගන්න. පළතුරු යුෂ  වීදුරුවක් හැමදාම උදේට පානය කරන්න. ඒවා ඔයාගෙ පුංචි පැටියට ලස්සන සමක් ලබා දෙන්න බලපානවා. ඒ වගේම කැල්සියම් වැඩිපුර අඩංගු පොඩි මාළු වර්ග වැඩිපුර  ආහාරයට ගන්න.  ඉතින් එහෙනම් ගර්භනී සමයේ පසුවන අම්මා කෙනෙක් නම්  ඔබ ලබා ගන්නා ආහාර වර්ග ඔබට  ඔබ ඉන්න තත්වෙට සුදුසුද කියලා බලලා ලබා ගන්න.

ව්‍යායාම

ගර්භනී මවක් තම දරු ප්‍රසූතිය වඩාත් පහසු කර ගන්න ව්‍යායාම නම් කරන්නම ඔින. සමහර ගර්භනී මව්වරුන් නම් ඇවිදින්නෙත් බයෙන්.  හැබැයි ඔබ දන්නවද  ව්‍යායාම කරන තරමට ඔබට ඔබගේ ප්‍රසූතිය පහසු කරවන බව. උදේට නැගිටලා  මිදුල, ගේ එහෙම අතුගාන්න  ටිකක් මුහුදු වෙරළට ගිහින්  ඇවිදින්න,  අත පය හොඳට ඉහලට පහලට ඔසවන්න.  මේ වගේ පොඩි  පොඩි ව්‍යායාම ක්‍රම ඔයාට කරන්න බැරි නෑ නේද?  එහෙනම්  ආයේ නැමෙන්න, ඇවිදින්න  බය වෙන්න එපා.

ආරක්ෂාව

ගර්භනී මවක් ලෙස ඔබ ඔබගේත් ඔබට උපන්නට සිටින දරුවාගෙත්  දෙදෙනාගෙම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්  බර ඉසිලීම,  උඩ නැගීම, වැනි දේවල් වලින් ඔබ පරිස්සම් විය යුතුයි. විශේෂයෙන් ගර්භනී මවක් මුල් මාස හය තුල වඩාත් පරිස්සමෙන් කටයුතු කල යුතුයි. නිදා ගැනීමේදී, ඇවිදීමේදි වගේම සියලු කටයුතු වලදී ගර්භනී මවක් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

මාතෘ සායන

කෙනෙක් මවක් වීමට යනවායි දැන ගත් මොහොතේ සිට මාස දෙකක් යන්නට මත්තෙන් මාතෘ සායන වල ලියාපදිංචි විය යුතුයි. තම ප්‍රදේශයේ සිටින මාතෘ සෞඛ්‍ය නිළධාරිනියක හමු වී උපදෙස් ගැනීම අනිවාර්යයි වගේම සෑම මාසයකම මාතෘ සායන වලට ඉදිරිපත් වි තම සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගැනීම ඔබ කල යුතුම කටයුත්තක්.

ගර්භනී මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටත් ගර්භනී තත්ත්වයේ පසු වන ඔබටත් මෙම කරුණු ඉතා වැදගත්. බාහිර කරදර වලින් තොර ආරක්ෂාකාරී දරු ප්‍රසූතියක් ලබා ගැනීමට ඔබත් මෙම උපදෙස් ක්‍රියාවට නංවන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here