අඩි උස පාවාහන් පළදින කාන්තා ඔබ මේ පිළිබඳත් දැනුවත්ද

0
4090
high_heels

අද වන විට විලාසිතාව කියන්නෙ කාන්තා පිරිමි භේදයකින් තොරව   බාල, මහළු, වැඩිහිටි සෑම කෙනෙක්ම වගේම රැල්ලට කරන දෙයක්. ඉතින් ඔය විලාසිතාවන් අතර  අපේ කාන්තාවන්ට ගොඩක් වටින දෙයක් ගැන තමයි womanly.lk මගින්  අද මම කතා කරන්න ඕන කියලා හිතුවෙ. ඇත්තටම  අද ගොඩක් කාන්තාවන් අඩි උස පාවාහන් පලදින්න පෙළඹිලා තියෙනවා. අපි හැමෝම දන්න විදියට කිව්වොත්  හයි හීල්ස් පාවාහන්  පැලදීම අද වෙද්දි  විලාසිතාවන් අතර බහුලම දෙයක්.  ඉතින් විලාසිතාවන් කරන්න වගේම ලස්සනට අදින්න පලදින්න අපි හැමෝම කැමතියි  විශේෂයෙන් රැකියා වල නිරත අපේ කාන්තා පාර්ශවයේ අය නම් දිනපතා හයි හීල්ස් පලදිනවා වෙන්න පුළුවන්. මේ කොහොම වුනත් අපි විලාසිතාවන් කරන්න ඕන අපිට ගැලපෙන විදියට වගේම  අපිට අපහසුතාවන් නොවෙන ආකාරයෙන්.  ඉතින් ඒ නිසාම තමයි අඩි උස් පාවාහන් පලදින ඔබ වෙනුවෙන්ම  අද එහි ප්‍රති විපාක ඔබට පෙන්වා දෙන්න ඕන කියලා හිතුවෙ.
අඩි උස් පාවාහන්  විලාසිතාවක් ලෙස පැලදුවත් එයින් ඔබට එල්ල වන බලපෑම නම් වැඩියි. බලන්න ලස්සනට අඩි උස් පාවාහන් පැලදුවත් ඔබට මෙම තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා.

දෙපා වල වේදනා

අඩි උස් පාවාහන් පලදින ඔබට නිතර නිතර දෙපා වේදනාවන්ට ලක් වෙන්න වෙනවා.  මොකද  අඩි උස් පාවාහන් පලදින කොට අපේ දෙපා සාමාන්‍යයෙන් තිබෙන ස්වාභාවයට වඩා වෙනස් වෙනවා. එහිදි කකුල් දෙකම වළලු කර ලගින්  විලුඹත් සමඟ පාවාහන් වල හැඩයට ඉස්සෙනවා. එවිට කකුලේ කෙණ්ඩා ප්‍රදේශයේ තිබෙන මස් පිඬු  ඇදීමට ලක් වෙන නිසා බොහෝ විට කකුල් වල වේදනා ඇති වෙනවා. මස් පිඩු පෙරළීම් වගේ යම් යම් තත්වයන්ට පවා මේ නිසා ඔබට මුහුණ දීමට සිදු වේවි.

කකුලේ ස්වාභාවික පිහිටීම

ඔබ අඩි උස පාවාහන් පලදින විට ඔබේ සිරුරේ සියලුම බර දරන්නට වෙන්නෙ කකුල් දෙකට.  එහිදි ඔබේ කකුල් වල ඇඟිලි තුඩු තදින් තෙරපීමට ලක් වෙනවා.  එමගින් ඔබේ දෙපා වල ස්වාභාවික පිහිටීම වෙනස් වීමට වුනත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි  කකුල් ඉඳිමීම , ඇඟිලි තුඩු හා කකුල් හිරි  වැටීම වගේ තත්වයන් වුනත් ඇති වෙන්න පුළුවන්.

කොන්දෙ අමාරු

අඩි උස් පාවාහන් පලදින ඕනම කෙනෙක්ට මුහුණ දෙන්න සිදු වන තවත් එක් අපහසුතාවයක් තමයි කොන්දෙ අමාරුව කියන්නෙ. ඔබ අඩි උස පාවාහන්  පලදින විට සිරුරේ බර හා ඔබ පොළව මතට දක්වන බර රඳා පැවැත්ම ක්‍රමයෙන් වෙනස් වෙනවා එහිදී  ඔබේ සිරුරේ බරෙන් යම් ප්‍රමාණයක්  තුනටියට එල්ල වෙනවා එමගින් ඔබට ඔබ පැලදි අඩි උස පාවාහන්  ගැලවීමෙන් පසුව තමයි බොහෝ දුරට කොන්දේ වේදනාව හට ගන්නෙ.

හිරි වැටීම්, උලුක්කු වීම් හා ඉඳිමීම්

උස් අඩි පාවාහන් පැලදීමේදී බොහෝ දුරට බොහොමයක් කාන්තාවන්ට  කෙන්ඩ පෙරලීම්, කකුල් උලුක්කු වීම් වගේම කකුල් ඉඳීමීම, විලුඹ අවට හා වළලු කර අවට හිරි වැටීම් ඉඳිමීම්  වැනි අහිත කර තත්වයන් වගේම ඇඟිලි වල වේදනා  මතු වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් දුරට අපි පාවාහන් පැලඳ සිටින අවස්ථාවේදි අපට එමගින් අපහසුතාවක් නොදැනෙන්න පුළුවන්. නමුත් එම පාවාහන් ගලවා ස්වල්ප මොහොතකදි මා මෙම සඳහන් කල සියලු තත්වයන් වලට ඔබට මුහුණ දීමට සිදු වේවි. සමහර අවස්ථා වලදි ඔබ කියනවා නේද  විලුඹ අවට කටු ඇනෙනවා වගේ වේදනාවයි කියලා. අඩි උස පාවාහන් පැලදීමේ තවත් ආනිසංසයක් තමයි විලුඹ වේදනාව කියන්නෙ.

ඇත්තටම අපි විලාසිතාව නිසා අඩි උස පාවාහන් පලදිනවා තමයි. නමුත් එමගින් ඔබේ දෙපා, හන්දි වල වේදනා ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි වගේම එම නිසා ඔබේ දෙපා පවා දුර්වල වෙන්න ඉඩ තියෙනවා.  නිතර නිතර හයි හීල්ස් පලදින කෙනෙක් නම් ඔබත්  එයින් මිදී  පැතලි අඩි සහිත ඔබේ දෙපා වල හැඩයට අනුකූල අඩි සහිත පාවාහන් පලදින්න.
විලාසිතාවන් කරනවා වගේම අපි අපේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here