රත්තරං ගන්න ඉස්සර…

Gold

මේ දවස්වල අපි රත්තරං ගැන වැඩියෙන් කතා බහ කරන්නේ රත්තරං මිළ ඉහල ගිය නිසයි. ඒ වගේම මැයි මාසයේ විවාහ වෙන්න ඉන්න අයටත් මේ තත්වය බලපාන්න ඇති. රත්තරංවල ඉතිහාසය පාරාවෝ රජදවසටත් වඩා ඈත අතීතයකට උරුමකම් කියනවා.එදා මෙදා තුර රත්තරං සමාජයේ වටනාකමට මෙන්ම ආභරණ විදිහටත් වැදගත් තැනක් ගෙන තිබෙනවා.

ඒ වගේම රත්තරං ඕනෑම අවස්ථාවකදී සුරැකුමක් විදිහට හිලවව්ට තබා ණයක් ලබා ගන්න පුලුවනි. ඒ නිසාම රත්තරං වටිනාකමේ මාධ්‍යක් විදිහටත් හදුන්වා දෙන්න පුලුවන්.රත්තරං වෙනත් ලෝහ වර්ග සමග පහසුවෙන් මිශ්‍ර කරන්න පුළුවන්.

අපි රත්තරං වල ඝනත්වය තීරණය කරන්නේ කැරට් කියන මිම්මෙන්. මුල් කාලයේදී රත්රන් බර තීරණය කිරීමට කැරොබ් ගහේ ඇට මිම්මක් විදිහට යොදා ගත් නිසා පසුකාලයේදී මේ මිනුමෙන් රත්රන් වල ඝනත්වය හැදින්වීමට පටන් ගත්තා.

පිරිසිදු රත්රන් කැරට් 24 විදිහට නම් වුනත් මේ පිරිසිදු රත්රන් වලින් සකස් කරන ආභරණ සවි ශක්තිය නැහැ. ඒ නිසා රත්රන් සමග වෙනත් ලෝහ සංයෝග කිරීම කිසා රත්රන් හැඳින්වීමේදී කැරට් 12, 22 , 10, 12 විදිහට නම් කරනවා.

රත්තරන් මිළට ගන්නා විට මේ ගැන හිතන්න

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියනවා වගේ රත්රන් මිළට ගැනීමට පෙරාතුව ඒ ගැන විශ්වාසවන්ත වෙළඳසැල් ගැන විමසා බලනන්. මේ වෙනුවෙන් ඔබට ඇසුරුකරන අයගෙන්, අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි. ආයතනයේ කීර්තිනාමය, ඉතිහාසය සහ එම ආයතනයට සම්බන්ධ ගනුදෙනුකරුවන් අනුව ඔබ මිළට ගන්නා ආයතනය කීරණය කරන්න පුලුවන්. ඒ වගේම ඔබ මිළට ගත් ආභරණ පිලිබඳව සැකයක් ඇති වුනොත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දන්වා සහතික කර ගන්නත් පුලුවන්.

බිල්පතක් ලබා ගන්න

රත්තරං ආභරණ මිලට ගන්නා විට ඒ වෙනුවෙන් බිල්පතක් ඉල්ලා සිටින්නට ඔබට අයිතියක් තිබෙනවා. යම් දවසක මෙම ආභරණය ඔබේ බව තහවුරු කිරීමට එය ඉතා හොඳ උපකාරයක්. අඩුම වශයෙන් බැංකුවකට උගසක් කරන විට වුනත් එම ආයතනයට යම් සැකයක් ඇති වුනොත් එහිදී මෙම බිල්පත මගින් ඔබේ අනන්‍යතාවය පෙන්වනන් පුලුවන්. ඒ වගේම යම් විදිහකින් එබේ ආභරණය නැති වුනොත් එහි අයිතිය තහවුරු කිරීමට මෙම බිල්පත හොඳ සාක්ෂියක් වේවි..

වගකීමේ සහතිකය…

රත්තරං ආභරණයක් මිලට ගන්නා විට එහි වගකීමේ සහතිකය ඉල්ලා සිටින්න. එවිට අදාල කාලයේදී ඔබේ ආහරණයට සිදු වෙන අලාබහානි නැවත සකස් කර දීමට ආයතනයේ වගකීමක් තිබෙනවා.

වැඩකුලිය ගැන හිතන්න

රත්තරං ආභරණ මිළට ගන්නා විට ඔබට වැඩකුලිය ගැන විමසා සිටින්න පුලුවන්.රත්තරං වටිනාකම සමග වැඩකුලිය වෙනස් වෙන්නේ නම් ඔබට ඒ ගැන තීරණය කරන්න පුලුවන්.

වටිනාකම අඩුයි..

විසිතුරු ආභරණ විදිහට ගල් සහ මුතු ඇල්ලූ ආබරණ වගේම අපි කම්බි වලලු විදිහට හදුන්වන ආභරණවල වටිනාකම අඩුයි. ඊට හේතුව මේවායේ බර ගනනය කරන්නේ විසිතුරු දේ ඉවත් කරමින් නිසා වටිනාකම් රැස් කරන විට යම් අවාසියක් තිබෙනවා.

මැෂින්කට්ද..

ආභරණ අලෙවියේදී මැසින්කට් හෙවත් යන්ත්‍රානුසාරයෙන් නිපදවන ආභරණවලට වඩා අතින් නිපදවන ආභරණ මිළ වැඩියි. ඊට හේතුව අතින් නිපදවන ආභරණ ඉතා සියුම් විදිහට සිදු කරනවා. මිනිස් ශ්‍රමය වෙනුවෙන් පිරිවැය වැඩියි. ඒ නිසා මැෂින්කට් ආභරණ අතින් සාදන ආභරණවලට වඩා මිළ අඩුයි.

වෙනත් අයට සමග හුවමාරු කරන්න එපා

කිසිම දිනක එබේ ස්වරණාභරණ වෙනත් අය සමග හුවමාරු කරන්න එපා. එය ගීද මෝපසාංගේ මාලය කෙටිකතාවට වෙනස් විදිහට ඔබට බලපාන්න පුලවන්. ඔබේ නියම රත්රන් ආභරණයට සමානව වෙනත් බාල රත්තරං වලින් ආභරණ නිපදවන්න පුලුවන්. ඒ නිසා ආභරණ නිසා මිතුරා වගේම ආභරණත් අහිමි වෙන්න පුලුවන්.

ආභරණ යනු වටිනාකමේ රැස්කිරීමක්

ඔබ වෙත රත්රන් ආභරණ තිබීම යනු මුදලක් සුරක්ෂිතව තබා ගත්තාට සමානයි. අවශ්‍ය ඕනෑම විටෙක එය සුරැකුමක් විදිහට තබා ඔබට මුදල් ලබා ගන්න පුලුවන්.

පරිහරණය නොකරන රත්රන් ආරක්ෂිතව තබන්න

ඔබ නිතරම පරිහරණය කරන වළලු,මාල, මුදු, කරාබුවලට අතිරේකව තිබෙන ආභරණ ආරක්ෂිත සේප්පුවක තැබීමට පුලුවනි. ඒ වෙනුවෙන් බැංකු පහසුකම් අද ඉතා පුලුල්ලව ව්‍යාප්තව තිබෙනවා. අවශ්‍ය විටෙක නැවත ලබා ගෙන එම අවශ්‍යතාවය අවසානයේ එය නැවත බැංකුවේ සුරක්ෂිතව ගැබීමට පුලුවන්. නිවසේ තබා යෑම බොහෝ දුරට අනාරක්ෂිත නිසා මේ ගැන වැඩි උපදෙස් බැංකු ජාලයෙන් ලබා ගන්න පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here