ඔබ ආකර්ශනීය සහකරුවෙක්ද…..? ඔබම හිතන්න

Happy_couple

ඔබ මගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා යැයි ඔබේ සහකරු මුල් කර ගෙන අවංකාව කියන්නට තරම් හේතු සාධක ඇත්තේ නම් ඇත්තටම එවන් සහකරුවෙක් ලත් ඔබ සැබෑම වාසනාවන්තයෙකි. පවුලක් තුළ ඔබ දෙදෙනාගේ හැසිරීම් රටාව මුල් කර ගෙන පෙනන සහ ඉස්මතු වෙන මෙම ගති පැවතුම් නිසාම දෙන්නා දෙමහල්ලන් අතර බැඳීම් මෙන්ම විසංවාදී බවක්ද ඇති වීමට ඉඩ තිබෙනවා. ඒත් ඔබ හදවතින් ඒකාත්මික හෙවත් දෙදෙනා අතර ඇත්තටම බන්ධනයක් තිබෙනවානම් ඔබේ ජීවිතයේ  අපුරු රටාවක් දැක ගත හැකියි.

දෙදෙනා විසින් දෙදෙනාට ගෞරව කිරීම

පවුලක් වුන තැනදි ඇත්තේ ” මම ” යන සංකල්පය නොව ” අපි ” යන බැඳීමයි. ඒ නිසා ඔබ දෙදෙනා දෙදෙනෙක් නොව එක් අයෙකු තරමටම බැඳීම ඉහලයි. ඒ නිසා කිසිම විටෙක සහකරුට අවමානයක් වෙන විදිහට හැසිරීම එතරම් සුබවාදී කටයුත්තක් නොවෙයි.ගෙයි ගින්දර පිටතට නොදෙන්නා සේ ඔබ කිසිම විටෙක සහකරුට ගරුත්වයකින් සලකනවා නම් කිසිම දිනක ඔහු හෝ ඇය වෙනුවෙන් අගෞරවයකින් කතා බහ කිරීමට දිව නැමෙන්නේ නම් නැත.

අද බොහෝ දෙනා පවුලේ පුංචි සිදුවීම් වුනත් වෙනත් අය සමග දොඩවමින් තමාගේම ජීවිතයට ශක්තිය දෙන තැනැත්තා ගැන වෙනත් අයට කතාවට නිමිති සාදා දෙනු ඇත. ඇත්තටම එය නොවිය යුත්තකි. යම් යම් දේ ඔබට විසදා ගත හැකි තරම් සරල සිදුවීම්ය. එහෙත් මේවා දුර දිග යන්නේ තවත් කෙනෙකුට ගරුත්වයකින් සැලකීමට දක්වන අකමැත්ත නිසාය. ඔබෙන් යම් වරදක් වුන තැන එය පිලිගන්න. නැවත එම වැරැද්ද නොවන තැනට වගබලා ගන්න. වැරදීම සාමාන්‍ය පුද්ගලයන් තුලින් සිදු වෙන සාමාන්‍ය දෙයක් බව සිතන්න. එසේ නොමැතිව ඔවුන්ගේ ආත්මාභිමානයට හානියක් වන සේ කතා බහ ගොඩ නැගීම නොකල යුතුය.

බලාපොරොත්තු කඩ නොකරන්න

මිනිසුන්ගේ ජීවිතය ගොඩ නගන්නේ බලාපොරොත්තුවයි. ජීවත්වෙන හැම මිනිසෙකු තුළම යම් යම් බලාපොරොත්තු ඇත. මේවා ඉටු වුන තැනදි ලබන සතුටට වඩා කඩවීමෙන් ලැබෙන දුක ඉහලය. ඒ නිසා ඔබ තවත් අයෙකුට බලාපොරොත්තු ලබා දිය යුත්තේ එය ඉටු කිරීමේ හැකියාවෙන් ඔබ ශක්තිමත් නම් පමණි.කටට එන පමණට වගේම ඔබට හිතෙන හිතෙන විදිහට සහකරු වෙනුවෙන් බලාපොරාත්තු ගොඩ නගන්න එපා.  තවත් කෙනෙකුගේ හිතට බලාපොරොත්තු ගොඩ නගා ඒවා ඉටු නොවුන තැනදී ඇති වෙන පසුතැවිල්ලට වඩා දරුනු වන්නේ මෙතෙක් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ හිතේ තිබුන ප්‍රතිරූපය බිඳ වැටීමයි. විශ්වාසය නිදන්ව තිබුන හිතක් තුළ අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටුන තැන නැවත එය ගොඩ නගා ගැනීම පහසු කාර්යක් නොවේ. ඔබ මහා බොරු තාරයෙක්ය යන චරිත සහතිකය පවුලක් තුළ ඇති නොවිය යුතු තත්වයකි. ඒ නිසා ඔබට යමක් ඉටු කිරීමට අපහසු නම් බොරුවට බලාපොරොත්තු ලබා නොදෙන්න. එය පවුලක් පමනක් නොව කාටත් නොවිය යුතු තත්වයක් වේ. අනවශ්‍ය විදිහට පුද්ගලයන්ට ලබා දෙන බලාපොරොත්තු බිඳ වැටුන විට ” අනේ මහ බොරුකාරයෙක්…” යන තැනට ඔබ නොදැනීම පත් වෙනු ඇත.

උදව් කරන්න

පවුලක් තුළ අන්‍යෝන්‍ය සහයෝගය අවශ්‍යයෙන්ම පැවැතිය යුතු තත්වයකි. බිරිඳ ලෙසින් ඔබගේ භුමිකාව ඉවුම් පිහුම්, දරුවන්ගේ කටයුතු වුනත් ස්වාමිපරුෂයාට අවශය යමක් ඉටු කළ හැකි නම් එය ඉටු කර දෙන්න. එය භුමකාව පැනීමක් නොවේ. ඔහුගේ රැකියාවේ ලිපි ලේඛන පිළිවෙලකට සංවධානය කර ගැනීම වෙනුවෙන් සහයෝගය දිය හැකි නම් එය ලබා දීම යනු ඔබ වෙනුවෙන් ඔහුගේ ආකර්ශනය ඇති වීමට හේතු වේ.මෙහි අනිත් පැත්තද එසේය. පිරිමින්ට පවුලක් තුළ ඇත්තේ ආදායම උපයා දීම පමණක් බව නොසිතා නිවසේ ඉවුම් , පිහුම් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සහයෝගය දක්වන විට ඇති වෙන සමානුයෝජනය දෙන්නා දෙමහල්ලන් අතර බැඳීම තහවුරු කිරීමට වඩාත් දායක වේ.

ආචාරශීලි වන්න

ඔබේ සහකරු විසින් ඔබට ඉටු කරන පුංචි දෙයට පවා ස්තුතියි කියන්න අමතක කරන්න එපා. මේ වචන වෙනුවෙන් වැය බරක් යෙදවෙන්නේ නැත. එහෙත් එම වචනය මගින් ඔබ දෙදෙනා අතර මනා වූ බැඳිමක් ගොඩ නැගෙනු ඇත.අතපසුවීමක් වුන තැනදි කනගාටුයි කියන්නට අපහසුවක් නැත. මේ අන්දමින් වචනයෙන් හෝ ඔබේ ආචාරශීලිත්වය ඔහු / ඇයගේ ප්‍රසාදයට නොදැනම හේතු වෙනු ඇත. යම් සිදුවීමක් පැහැදිලි කරන්නට වචන දහස් ගණනක් වැය වුනත් මේ ආචාරශීලි වචන නිසා ඔවුනොවුන් අතර ගොඩ නැගෙන්නේ අපුර්ව බන්ධනයකි.

අද බොහෝ පවුල් අරගල නියපොත්තෙන් කඩා ගත හැකි තරමටම සරලය. පුංචි සිදුවීම්ය. එහෙත් තේ කෝප්පයේ කුනාටුව මෙන් මේ පුංචි සිදුවීම් වලට තවත්  අතුරු හේතු කාරණාවන් එක්ව ප්‍රශ්නය විලල්ව ඔඩු දුවන තැනට පත් විය හැකිය. ඒ නිසා ඔබ රත්රන් හා රසදිය ලෙසින් එක්ව සිටින්නට නම් යම් තරමක් දුරට නම්‍යහීලීව පවුල් සංස්ථාව තුළ හැසිරීම ඉතා වැදගත් බව සිතන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here