මිහිදුම් මත නිවාඩුවක්

0
11723
මිහිදුම් මත නිවාඩුවක්

කදුකරයේ මිහිදුම් මතින් සුවදායි නිවාඩුවක් ගත කරන්න ඔබත් කැමති නම් හපුතලේ කියන්නේ එයට කදිම නවාතැනක්.හපුතලේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රමණිය නගරක්.ඔබට ඔබේම වාහනයක,බසයක වගේම කෝච්චියේ වුනත් හපුතලේ නගරයට ලගා වෙන්න පුලුවන්.ඒත් දුම්රියේ යන ගමන විනෝදයක් ගෙන එනවා මෙන්ම ඔබට විදේශීය සංචාරකයන් වගේම ලාංකිකයන් බොහොමයක් දෙනා දැන හදුනා ගන්න පුළුවන්.ඒ වගේම සුන්දර තේ වතු මැදින් යන දුම්රිය ගමන ඔබේ විඩාව සන්සිදුවාවී.කොළඹ කොටුවෙන් උදෑසන 8.30 ට පිටත් වෙන උඩරට මැණිකේ කෝච්චිය හපුතලේට ලගා වෙද්දී සවස 5 පමණ වෙනවා.

ඔබ ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට කැමති නම් හපුතලේ ඒ සදහා කදීම නවාතැනක්.ඔබ රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදින්නට කැමැති පුද්ගලයෙකු නම් එයටද කදිම ස්ථානයක් හපුතලේ.

නවාතැන් ගැනීමට බොහෝ හෝටල් සහ සංචාරක නිකේතන මෙම නගරයේ පවතිනවා.

හපුතලය නගරය බණ්ඩාරවෙල සහ දියතලාව යන  නගර වලට ඉතා ආසන්නයි. ඉතින් ඔබට ඉතා පහසුවෙන් බණ්ඩාරවෙල,හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශ වල පිහිටි සුන්දර ස්ථාන ද නැරඹිය හැකියි.

හපුතලේ අවට නැරඹිය හැකි ස්ථාන

  • දියළුම ඇල්ල

කොස්ලන්ද සානුවෙන් පහලට ඇදහැලෙන මීටර්  220 ක් උසින් යුතු , ලංකාවේ උසින් දෙවන ස්ථානය ගන්නා දියළුම ඇල්ල බෙරගල කොස්ලන්ද දුර්ග මාර්ගයේ පිහිටා ඇත. ඉතා මනරම් පරිසරයක පිහිටි දියළුම ඇල්ල ඉහල සිට ඇදහලෙන්නේ කාගේත් නෙත් සිත් පිනවමිනි.මග පෙන්වීමේ සලකුණු සහ අවට ජනතාවගේ මග සලකුණු අසා දැන ගෙන දියළුම ඇල්ල වෙත ලගා වෙන්නට ඔබට පුළුවන්.

  • ඇඩිශම් බංගලාව

හපුතලේ සිට කිලෝ මීටර 4ක දුරකින් පිහිටා ඇති ඇඩිශම් බංගලාව තන්ගමලේ වන උද්‍යානය තුල පිහිටා ඇත.සති අන්ත දින වල සහ රජයේ නිවාඩු දින වල පමණක් උදැසන 9 සිට සවස 4 දක්වා සංචාරකයන්ට මෙය නැරඹීමට පැමිණිය හැක.තෝමස් ලිස්ටර් විලර්ස් මහතා සිය වාසය සදහා ඉංග්‍රීසී ක්‍රමයට තනනු ලැබූ මෙය වර්තමානයේ ශාන්ත බෙනඩික්වරුන්ගේ තාපසාරමයකි.සම්පුර්නයෙන්ම ගලින් නිමවන ලද බංගලාව සතු විශාල උද්‍යානය නොයෙක් මල් සහ පලතුරු වලින් අලංකාර කර ඇත.ඔබට ඉතා අලංකාරවත් රෝස උද්‍යානයක් නැරඹීමට කදිම ස්ථානයකි මෙය.

  • ලිප්ටන් සීට්

හපුතලේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටා ඇති ලිප්ටන් සීට් වෙත ලගාවීමට අලංකාරත්වත් තේ වතු මැදින් දිවෙන මාර්ගයක් හරහා ඔබ ගමන් කල යුතුයි. ලිප්ටන් සීට් වෙත යන අතරතුර දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවද ඔබ පසු කල යුතුය.ලිප්ටන් සීට් නැරඹීම සදහා මෙන්ම දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව වෙත ප්‍රවේශ වීමටද ඔබ ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුය.ලිප්ටන් සීට් නැරඹීම සදහා උදෑසනම යන්නේ නම් මිහිදුමෙන් තොර හිර රැසින් නැහැවෙන සුන්දර තේ යායවල් මෙන්ම තේ කට්ටි මැදින් තේ දළු නෙලන දමිල කාන්තාවන්ද ඔබට දැක ගත හැක.

  • දෝව පන්සල

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට කිලෝ මීටර 6 ක් පමණ ගිය විට ප්‍රධාන මාර්ගයේම දෝව පුරාණ විහාරය පිහිටා ඇත.නුවර යුගයෙහි සිතුවමින් පිරි ලෙන් විහාරයක් වන මෙය වළගම්බා රජු විසින් තනන ලද්දකි.කටාරම් කෙටු ලෙන්, නුවර යුගයේ සිතුවම්,ගලින් නිම කරන ලද මකර තොරණක්  සහ එකල තනන ලද උමං මාර්ග සදහා ප්‍රවේශ ද්වාරද මෙහිදී ඔබට දැක ගත හැක.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here