“මේ ආදරයයි” ඉෂිතාට සැබෑ ජීවිතයේ මංගල සීනු!

0
19825

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේම හද දිනාගත් මෙගා  ටෙලි නාට්‍යයක් වන ” Yeh Hai Mohabbatein” නැතිනම් අප කවුරුත් දන්නා “මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ ඉෂිතා චරිතයට  පන පොවන සුපිරි ඉන්දීය නිළි දිව්‍යාන්කා ත්‍රීපති  පසුගිය ජනවාරි  15 වන දින චන්දිගාර් හීදි පවුලේ අයට පමණක් සීමා වූ  චාම් උත්සවයකදී විවාහා ගිවිස ගත් බව ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කළා. ඒ එම ටෙලි කතා මාලාවේම අභිෂේක් සිං චරිතයට පණ පොවන විවේක් දයියා නම් වූ ඉනදීය නළුවකු සමග. මෙය මෙතෙක් මාධ්‍යයට රහසක් ලෙස තබා ගැනීමට මේ දෙපල කටයුතු කර තිබෙනවා.

විවාහා ගිවිස ගත් දිව්‍යාන්කා ඉතා චාමෙට සුළු පිරිසක් ඉදිරියේදී තම ආදරවන්තයා විවේක්ට මුදු පැලදූ බව සදහන් වන ජායාරූප ද මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති බව සදහන් වෙනවා.

1984 වර්ෂයේ දෙසැම්බර් මස 14 වන දින ඉන්දියාවේ  Bhopal ප්‍රදේශයේ  උපත ලද ඇය  Star Parivaar Award for Favourite jodi,  Satar Parivaar Award for favourite international jodi, Indian Telly Award for best Onscreen Couple,  වැනි සම්මාන රාශියකින්ම මේ ආදරයයි ටෙලි නාට්‍ය වෙනුවෙන් පිදුම් ලැබුවා.
මාධ්‍යයට අදහස් දක්වමින් දිව්‍යාන්කා කියා සිටියේ ඇතැමුන් ගෙන ගිය කට කතා වලට හොද පිළිතුරක් ලෙස තමන් දෙපල විවාහා ගිවිස ගත් බවත් මෙම වර්ෂයේ ජූලි  මස අවසන් වෙන්නට ප්‍රථම ඔවුන්ගේ විවාහ උත්සවය සියලු චාරිත්‍රානුකූල චාම් ලෙස කිරීමට බලාපොරොත්තු වන බවත්ය.  කලක සිට තමන් දෙදෙනා ආදරවන්තයින් ලෙස ඇසුරු කල බවත් දෙදෙනාට දෙදෙනා බොහෝ සෙයින් තම තමන්ව තේරුම් ගෙන මෙම බැදීම ඉදිරියට රැගෙන යන බවත් ඇය වැඩි දුරට කියා සිටියා.

1984 නොවැම්බර් මස 08 වන දින ඉන්දියාවේ Chandigarh හී උපත ලද   විවේක් දයියා  වෘත්තියෙන් නළුවකු වන අතර  එංගලන්තයේ  Montfort විශ්ව විද්‍යාලයෙන් M.Sc. ව්‍යාපාර කළමනාකරණය  පිළිබඳ උපාධියක් ද ලබා ඇත. ඔහු වැනි කඩවසම් තරුණයකු තම ජීවන සහකරු කර ගැනීම සම්බන්ධයෙන් දිව්‍යාන්කා මේ දිනවල ඉන්නෙ හරිම සතුටින් බවයි  අපට වාර්තා වෙන්නෙ.

දිව්‍යාන්කා ජූලි මාසයේ යෙදි තිබෙන තම විවාහ උත්සවයට මේ වන විට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය චාරිත්‍ර අනුකූලව  සම පවුල් දෙකෙහි සාමාජිකයන් හා හිතවතුන් සුළු පිරිසක් එක් කොට ගෙන චාම් විදියට යුග දිවියට පිවිසෙන්න තමයි දිව්‍යාන්කා බලාපොරොත්තු වෙන්නෙ. විවාහා උත්සවය පවත්වන තැන තවමත් රහසක් කියලයි ඇය නම් කියන්නෙ මොකද ඇය උපන් ප්‍රදේශය හෝ විවේක් උපන් ප්‍රදේශය දැනට තෝරා ගෙන තිබෙන අතර ඉන් පවුලේ සමාජිකයන් අදහස් කරන ස්ථානය විවාහය සදහා තෝරා ගන්නා බව දන්වා සිටිනවා . කොහොම වුනත් රමන්ට හොද බිරිඳක්  රුහිට හා ආදිට හොද අම්මා කෙනෙක් ලෙස ඉෂිතාගෙ චරිතය සමස්ථ දකුණු ආසියාවම වසගයට පත් කරා.

මෑතක ශ්‍රී ලංකාවට පැමිණි දිව්‍යාන්කා ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිනීයක් වන  චම්පි සිරිවර්ධනගේ උඩරට මනාලියක් ලෙස  සැරසුන අතර එය ඇයගේ ජීවිතයේ ලද ගොඩක්ම වෙනස් අත්දැකීමක් ලෙස විස්තර කර තිබෙනවා. (එම චායාරූප එකතුව මෙතැනින්).

නවතම විස්තර අනුව දැනට වාර්තා වී තිබෙන්නේ මෙම වර්ෂයේ ජූලි 15 වන දිනට ප්‍රථම සිය විවාහයට අවශ්‍ය කටයුතු   සම්පාදනය කර ගැනීමට නොහැකි වුවහොත්  නොවැම්බර් මස මුල් සතිය තුල එය සිදු කරන බවය.  කේෂ්ත්‍රයේ තමන් සමග සිටින බොහෝ දෙනාට ආරාධනා කිරීමට බලාපොරොත්තුවක් නොතිබුණ ද කරන් පටෙල් හෙවත් රමන්ටත් ඔහුගේ බිරිඳටත් ආරාධනා කිරීමට ඇය බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවකදී  කියා සිටියේය.

තමාව තේරුම් ගැනීමට හැකි ආදරණීය පුරුෂයෙකු ලැබීම තමාගේ වාසනාව බවත් මින් ඉදිරියට දෙදෙනා වඩාත් සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇය පවසා සිටිති.

රසික හදවත් දිනා ගනිමින් මේ ආදරයයි ටෙලි නාට්‍ය මාලාවේ ඉෂිතාගේ චරිතයට පන පොවන දිව්‍යාන්කාට Womanly.lk අපි  හදවතින්ම සුභ පතන්නෙමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here