අද නෙවෙයි හෙට එන “බාලගිරි” ගැන ඔබ දන්නේ මොනවද?

0
12673
balagiri-doshaya

බොහොවිට අර්ධනාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත. මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.

ළදරුවන් නිතර නිතර, අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.

කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇදුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ “බාලගිරි දෝෂය” යෑයි කියති.

ඉපදී මාස12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ.

” දෙදරුවන් වඩා උකුලේ නලවම්වා
ළඳරුවන් වඩා ඉඳගෙන අඬවම්වා
සොඳුරු වන් මෙපුද දැක සෙත සලසම්වා
නුදුරුවන් නීල ගිරි නම් කිරි අම්මා …”

 

මෙවැනි කවි වලින් මේ ගිරි යක්‌ෂ යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන බවත් සිහිනෙන් පෙනීමට දරුවන්ට සලස්‌වන බවත් පොතපතෙහි සඳහන් වේ.

“බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා … ”

 

මෙම කවි ද ශාන්ති කර්ම වලදී කියවීමෙන් ඒ බව තහවුරු වේ. මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍රය භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ. තවද “බාලගිරි අද නොවේ හෙටයි” යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි.

තවද ජලනන්දන පිරිතෙන් ජීවම් කළ යන්ත්‍රයක්‌ දරුවාගේ කරට දැමීම හෝ නිදාගන්නා කොට්‌ටය යට තැබීම, ජල නන්දන පිරිතෙන් 108 වරක්‌ ජීවම් කළ සුවඳ කුඩු උදේ හවස දරුවා සිටින කාමරය හා නිවස තුළ දුම් ඇල්ලීම. මේ සඳහා සාමාන්‍ය සාම්බ්‍රානි භාවිත කරන අතර ඇතැමුන් අගිල්, සුවඳ කොට්‌ටම්, දේවදාර, සුදුහඳුන් හා නාමල් රේණුද කුඩු කර දුම් ඇල්ලීම සිදුකරයි. මීට අමතරව සෙනසුරාදා දිනයක හිමිදිරි පාන්දර කපුටන් ඇඬිමටත් පෙර ඔලිඳ මුලක්‌ උදුරා ගෙන විත් බිලිඳගේ අතේ ගැටගැසීමෙන් බාලගිරි දෝෂය දුරුවන බවද මතයයි.

ඔබේ දරුවාත් රෝගයක්‌ නොමැතිව නිතර අඬයි නම්, සිහිනෙන් නිගැස්‌සී ඇහැරෙයි නම් ඉහත සඳහන් කෙම් ක්‍රම කරනවාත් සමඟම දරුවාගේ ඡන්ම පත්‍රයද පරීක්‍ෂා කර බලා එහි අපල උපද්‍රව ඇත්නම් ඒවාට අදාළ නිසි වත්පිළිවෙත් කිරීමටද සිත තබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here