මගේ විවාහය සහ එය තවත් කෙනෙකුට බලපෑම

woman-living-along

ගැහැණු දරුවෙක් වුනොත් නිසි කල වයසට විවාහ වීම අවශ්‍ය බව දෙමව්පියන්ගේ අදහසයි. මව්පියන් විදිහට ඒ කතාව ඇත්ත. ඔවුන් බලන්නේ තමන්ගේ ජීවිතයෙන් පසුව විශේෂයෙන් දියනියගේ ජීවිතයට හයියක් ලබා දෙන්නයි. විවාහයේදී සහකරුවෙක් ලැබිලා..දරුවන් මුණුපුරන් හදා වඩා ගත්තාම ජීවිතයේ ශක්තිය ඇති වෙන බවට වූ සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ඒත් මේ සියල්ල සම්පූර්ණ වුන වගේම කසාද බැදල දරු මුනුපුරන් ලබා ගත්තු දෙමව්පියන් අද තනිවෙලා නැද්ද කියල කෙනෙක් ප්‍රශ්න කරන්න පුලුවන්. මේ සාධකය ඉදිරියට අරගෙන කෙනෙක් මේ විදිහට කියාවි…

මම දිගටම අවිවාහකව ඉන්නවා

මම දිගටම අවිවාහකව ඉන්නවා. මට රස්සාව තියෙනවා. ඔය කසාද බැදලා…දරුවන් හදා වඩා ගත්තු අය මොන තරම් තනිවෙලාද.. පවුලක් වුනත් කවදා හෝ දවසක තනිවීම වලක්වන්න බැහැ. මට රස්සාව තියෙනවා.ඉතින් මට තනියම ජීවිතේට මුහුණ දෙන්න පුලුවන්. තමන් ගැන මේ විදිහට තීරනයක් ගැනීම තමන්ට තියෙන්න ඕන..

ඒ වුනත් ආරක්ෂාව

ඉස්සර කාලයේ අනුරාධපුරයේ සිට මැණිකකුත් අර‍ගෙන කාන්තාවකට රුහුණු රටට ගමන් කරන්න කිසිම බාධාවක් නැතැත් අද කිලෝමීටරයක්වත් රාත්‍රියේ තනියම ගමන් කරන්න බැහැ. මේ නිසා ආදරය කෙසේ වෙතත් ආරක්ෂාව වෙනුවෙන් පිරිමි පරාණයක් අවශ්‍යම වෙනවා. නිතරම ඇහෙන මිනීමැරුම්වල වුනත් අවිවාහක කාන්තාවන්ගේ ප්‍රතිශතයකුත් තිබෙනවා. මිළ මුදල් සමග තනිපංගලමේ ජීවත්වෙන විටත් ඒ වගේ අවදානමක්ද ඇති බව තවත් පැත්තකින් කියවෙන සිද්ධියක්.

අවිවාහක ගැහැණු දරුවන් ඉන්න පවුලකින් කසාදයක් බඳින්න කැමැත්තක් නැහැ

ඒ වුනාට අපේ සමාජයේ බොහොම දෙනෙක් අවිවාහක ගැහැණු දරුවන්  ඉන්න පවුලකින් කසාදයක් බඳින්න කැමැත්තක් නැහැ. ඊටත් බලපාන හේතුවක් තිබෙනවා. අවිවාහක සහෝදරියක් සිටින පවුලක ඒ අවිවාහක සහෝදරිය වෙනුවෙනුත් යුතුකම් ඉෂ්ට කරන්න වෙනවා. ඒ අතරේම තමන්ගේ සහෝදරයා විවාහ වෙලා ආදරයෙන් බැදුන විට තමාගේ සහෝදරයා වෙනත් කෙනෙකුට අයිති වෙලා යන කම්පාව නොදැනම පිටවෙන්නේ ඉරිසියාවක් විදිහටයි. නෑනාවරුන්ගේ කෙහෙවලු පටලවා ගැනීම කාලාන්තරයක පටන් පැවතෙන සමාජ සම්මතයක් .ඒ නිසාම අවිවාහක ගැහැණු දරුවෝ ඒ කියන්නේ විවාහ වෙන කලවයස පහුවුන සහෝදරියෙක් ඉන්නවා නම් වෙන මොන සුදුසුකම තිබුනත් තමන්ගේ දියණිය ඒ පවුලට සම්බන්ධ කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.

අයියා විවාහ වීමට පෙරාතුව නැගණිය විවාහ කර දිය යුතුය

ඒ වගේම අයියා විවාහ වීමට පෙරාතුව තමන්ගේ නැගණිය විවාහ කර දිය යුතුය යන සම්මතයක්ද අපි අතර තිබෙනවා. මේ නිසා අයියාගේ වයස නොදැනීම ගෙවෙනවා. නමුත් මෙහි අසාධාරණයක් තිබෙනවා. එක් අතකින් අයියාගේ විවාහය නිසා නැගණිය කඩිමුඩියේ විවාහ කර දීමට උත්සාහ ගැනීම නිසා බාල සහෝදරියන්ගේ ජීවිතය අයියාගේ විවාහය නිසා අසාධාරණයකට පත් වෙනවා.ඒ වගේම තවත් පැත්තකින් නැගණිය විවාහ කර දෙන‍ තෙක් තමන්ගේ විවාහය ප්‍රමාදවීමත් තවත් අතකින් අසාධාරණයක්.ඒ නිසා සහෝදරයා විවාහ වෙන වයසත් ගෙවන්න පුලුවන්.

එක පුංචි දියණියක් ඉදිරියේ තමාගේ පුතාට තාත්තා මෙහෙම කිව්වා..ඔයා පවුලේ අයියා කවදා හරි අපි නැති වුනත් නංගිට බලන්න ඕන..නංඟී ඉගෙන ගෙන එයා කසාද බැදලා දෙන කම් ඔයා කිසිම දෙයක පැටලෙන්න බැහැ..මේ වෙන විට අයියාට වයස අවුරුදු 16 ක් විතර වෙලා..

මේ සංවාදය අහගෙන හිටිය නංගී මෙහෙම ඇහුවා..හරි..මම කසාද බඳින්න අවුරුදු 40 ක් විතර වෙන කම් හිටියොත් අයියා නාකි වෙලා..

ඇත්තටම සිද්ධියෙත් ඇත්තක් නැතුවාම නොවෙයි.. එහෙමනම් මොකද කරන්නේ…

සමාජ සම්මතයන් තිබුනත් අපි ප්‍රායෝගිකව ඒ ගැන හිතන්න වෙනවා. වයස් පරතරය අතර ලොකු හිස්තැනක් තිබෙනවා නම් එවන් පවුලක ගැහැණුදරුවා දීග දෙන තෙක් පිරිමි දරුවාගේ විවාහය ප්‍රමාද කිරීම ඇත්තටම සුදුසු නැහැ. ඒ ‍වගේම වැඩිමහල් දියණිය බාල සහෝදරයාට පවා පෙරාතුව විවාහ වෙන්න අවශ්‍යයි කියන මතයෙන් මිදෙන්න වෙනවා.

අක්කාට පෙරාතුව නංඟී දීග දෙන්නත් බයයි

සමහර පවුල්වල වැඩිමහල් ගැහැණු දරුවන් පමණක් නොවෙයි අක්කාට පෙරාතුව නංඟී දීග දෙන්නත් බයයි. එයිනුත් වැඩිමහල් ගැහැණු දරුවන්ගේ විවාහය පමා වෙන බවට බොරු මනස්ගාත තිබෙනවා. මේ නිසා පෝලිම පනින්න නොදී තබා ගැනීම නිසා බාල දරුවන්ගෙත් කල වයස නොදැනීම ගෙවෙනවා. ඔවුන් අතර තිබෙන ප්‍රේම සම්බන්ධතාවයන් පවා අක්කා විවාහ වෙන තෙක් නංඟී ඉවසා සිටිය යුතුය යන සම්මතය ඉදිරියේ බිද වැටෙනවා. ඒ නිසා මෙවැනි පිලිගැනීම් අද දවසේ ඇතත්ටම ප්‍රායෝගික නැහැ. තමන්ගේ නිදහස අනුව විවාහ වීමට හෝ නොවීමට අවසරය ලබා දෙනවා වගේම සහෝදර පදනම අනුවත් විවාහය පමා කිරීම එතරම් ගැලපිලි සහගත නැහැ.

සහෝදරයාගේ බිරිඳ විදිහට නිවසට එන අය ආදරයෙන් පිලිගෙන තමන්ගේම පවුලේ අයෙක් ලෙසින් රැක බලා ගෙන එකට ජීවත්විය හැකි සිතිවිලි වලින් පෝෂණය වුනොත් මේ කටයුතු එතරම් අසීරු නැහැ. අපි නොදැනම මේ නිදිගත සිතුවිලි අවදි වෙන නිසා බොහෝ දෙනෙක් අසරණ වෙනවා.ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම කාලය නොදැනීම ගෙවෙනවා. ඒ නිසා දරුවන් ලැබීමේ ඇති වෙන ගැටලුවලටත් තනිවම මුහුණ දෙන්න වෙන බව  තිරයේ පුටුපස සිටින අය දන්නේ නැහැ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here