ඔබ අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?

අනවශ්‍ය රෝම වැවීම කාන්තාවකට ඇති වන ප්‍රශ්නයකි. පුරුෂයෙකුගේ සමට වඩා කාන්තාවකගේ සම ඉතා සියුමැලිය. ඉතා සියුම් රෝම දක්නටද ලැබේ.එවැනි රෝම පිටතට පෙනෙන්නේ නැති තරම්ය. හමේ පැහැයෙන්ම තිබෙන රෝම කාන්තාවන්ගේ ඝනව වැඩෙයි. එසේ ඝනව වැඩීම අසාමාන්‍යයි. පිරිමින් නම් රැවුල වැවුණු පසු කපා දමයි. එහෙත් කාන්තාවට එය ගැටලුවකි. ඇය මානසිකව තැවෙයි. හොර රහසේ කපා දමයි. රැවුල කපන ගැහැණිය පිළිබඳව විවිධ කතාද සමාජයේ තිබේ. අනවශ්‍යය රෝම ඝනව වැවෙන විට කල යුත්තේ කුමක්දැයි සමහර කාන්තාවන් නොදනී.  ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කල හැක.

කාන්තාවන්ගේ රෝම ඝනව වැවීමට විශේෂිත වු හේතු කිහිපයක් ඇත. දිගු කාලීනව ගන්නා ඖෂධ වල ප්‍රතිඵල ලෙසත්, බොහෝ විට පරම්පරාවෙන් පැවත එන නිසාත්, ශරීරයේ තිබෙන හෝමෝන වල ගැටලු නිසාත් කාන්තාවකගේ රෝම ඝනව වැවීමට හේතු විය හැකියි. PCOS නම් ඩිම්බකෝෂ ආශ්‍රිත රෝගයට ගොදුරු වු අයටද මෙසේ ඝනව රෝම වැවීම සිදුවේ.

කාන්තාවකගේ අනවශ්‍ය රෝම ඝනව වැවෙන්නේ නිකට යට, බෙල්ල, පියයුරු, පපු පෙදෙස, පෙකනිය යට ආදී ස්ථාන වලය. අත් පා වලට වඩා ඝනට මෙම ස්ථාන වල රෝම වැවෙයි. මෙයට ප්‍රතිකාර ඇත. යම් රෝග ලක්ෂණයක් ලෙස ඝනව රෝම වැවෙන්නේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. මේ හැර බොහෝ විට කරන්නේ ත්‍රෙඩිං, වැක්සින් වැනි ප්‍රතිකාරයි. එහෙත් ඒවා තාවකාලිකය. එමගින් රෝම ඉවත් කරත් නැවතත් සති 1 – 2  යන විට නැවත පෙර සේම ඝනව රෝම වැවේ.  අනවශ්‍ය රෝම ඉවත් කල හැකි දිගුකාලීන ප්‍රතිකාර ක්‍රමය වන්නේ ලේසර් ප්‍රතිකාරයයි. මෙය වෛද්‍ය උපදෙස් මත කල යුතුය. ලේසර් ප්‍රතිකාරය විවිධය. මෙමගින් හානිවන අය නැත. එයින් නිසි ප්‍රතිඵලයක් ලැබීමට නිසි මාත්‍රාවෙන කල යුතුය.

සමේ සෙසු සෛලවලට හානි නොවන ලෙස රෝම වල කළු වර්ණක සෛලවලට විශේෂිත ආලෝක කිරණක් යැවීම මෙම ප්‍රතිකර්මයේදී සිදු කරයි. සමේ අනිකුත් සෛලවලට හානි නොවන පරිදි එය සිදු කල යුතුය. නිසි මාත්‍රාවෙන් මෙය සිදු කලහොත් අනෙකුත් සෛලවලට හානිකර වන්නේ නැත. දියවැඩියාව වැනි බෝනොවන රෝගයකින් පෙළෙන විට මෙය කිරීම සුදුසු නොවේ යැයි සමහරු සිතති. එයට කිසිදු බාධාවක් නැත. හානිකර ද නැත. නමුත් ගර්භනී කාන්තාවන්ට මෙම ප්‍රතිකර්මය සුදුසු නැත.

සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස් මත කොටස් වශයෙන් සමේ කළු වර්ණක සෛල ඉවත් කරයි. එය කල යුත්තේ එක්තරා ක්‍රමයකටය. එනම් මුහුණේ රෝම සඳහා මසකට වරක් හා අත් පා සඳහා මාස දෙකකට වරක් ලෙසටය. මෙසේ වාර 5 – 6 ක් කල පසු වසරකට වරක් සිදු කර ගත හැකිය. ප්‍රතිකාර කල පසු අව්වේ නොයා යුතුය. සාමාන්‍යයෙන් සති 1-2ක් යනතුරු අව්වෙන් පරිස්සම් විය යුතුය. අව්වේ යාමෙන් සම ‍රතු වී ඉදුමුණු ස්වාභාවයක් ගනි. ඒ හැර වෙන ගැටලු ඇතිවන්නේ නැත. මෙම ක්‍රමය මගින් අතුරු ආබාධ ඇතිවන්නේ නැත. කාන්තාවන්ට කිහිලි යට රෝම පවා මෙලෙස ඉවත් කර ගත හැකිය. ශරීර අභ්‍යන්තරයට කිසිදු බලපෑමක් කරන්නේ නැත. පිළිකා වැනි බරපතල හානි සිදු වන්නේද නැත. කාන්තාවකට මෙන් පිරිමින්ටද මෙවැනි අධික ලෙස රෝම වැවීම අසාමාන්‍යයි. මෙය Hirsutitsun ලෙස හදුනවයි. මෙලෙස වැවුණු රෝම ඉවත් කර ගත හැකිය. මේ හැර අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා වෙනත් කිසිදු දිගුකාලීන ප්‍රතිකර්මයක් නැත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here