ඔබේ තරුණ පෙනුම රකින ශීට් මාස්ක් එකක් හරියට භාවිතා කරන ක්‍රමය

0
5964
swa-image

කාන්තා අපි හැමෝම කැමතියි බබලන , පැහැපත් සුන්දර සමක් ඇති කර ගන්න. ඒ වගේම ඒ සුන්දර තරුණ බව හැමදාම තියා ගන්නත් අපිට ඕනේ. දකින කෙනෙක්ගේ සිත ඇදගන්නා ලස්සන රැක ගන්න අපි නොයෙක් සත්කාර කරනවා. ඇතැම් ඒවා මිල අධිකයි. ක්‍රීම් වර්ග , ජෙල් වර්ග වගේම විවිධ ආලේපන වෙළඳ පොලේ තිබුනත් මේ හැම දේකටම වඩා කාර්යක්ෂම ලෙස ඔබේ මුහුණේ සම බබලවන ඒ වගේම වයසට යාම පාලනය කරවන අලුත්ම ක්‍රමයක් දැන් හඳුන්වා දී තිබෙනවා. බොහෝ දියුණු රටවල සිනමා තරු පවා දැන් රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස ශීට් මාස්ක් වෙත නැඹුරු වෙලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි එහි ඇති නව තාක්ෂණය මගින් වඩා හොඳ ප්‍රතිඵල අත්කර දෙන නිසා. ශීට් ෆේස් මාස්ක් (Sheet Face Mask) ගැන ඔබ කියවලා ඇති. ( මොනවද මේ ශීට් ෆේස් මාස්ක්? ( Sheet Face Mask ) ) අපි ඔබට කියා දෙනවා ශීට් මාස්ක් එකක් හරියටම කොයි වගේද කියල. ඒ වගේම එය පාවිච්චි කරන ක්‍රමයත් ඔබට කියා දෙනවා. ක්‍රමය නම් ගොඩක් ලේසියි.

ශීට් මාස්ක් ලෝකෙට බිහි වුනේ ගොඩක් පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙසයි. මුහුණේ ආලේප කරන ඕනෙම ක්‍රීම් එකක් වුනත් ජෙල් එකක් වුනත් ඉතාම ඉක්මනින් වාෂ්ප වෙනවා. ඒ නිසා මුහුණේ සමට අවශ්‍ය කරන ආකාරයෙන් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේකට විසඳුමක් ලෙස තමා ශීට් මාස්ක් එක හඳුන්වා දුන්නේ. එහි සීරම් එකේ ඇති පෝෂණ ද්‍රව්‍ය වාෂ්ප වීම වලක්වන්න ශීට් මාස්ක් එක සමත් වෙනවා.

clay, peel-off , thermal වගේ වෙනත් මාස්ක් වලින් වන අතුරු අබාධ මෙහි ඇත්තේම නැහැ. ඒ වගේම සම්පූර්ණ වෙනස් ක්‍රියාවලීයක් සිදු වෙන්නේ.

ශීට් ෆේස් මාස්ක් එක දැමූ විගසම සමේ බාහිර උෂ්ණත්වය ඉහල යනවා. එවිට රෝම කූප හොඳින් විවෘත වෙනවා. මේ ඇරුන සිදුරු තුලින් සීරම් එකේ ඇති පෝෂණ කොටස් සේරම සමේ ගැඹුරටම කා වැදිලා වඩා හොඳ පෝෂණයක් ලබා දෙනවා. ක්‍රීම් වර්ග , ජෙල් වර්ග වගේ වෙනත් නිෂ්පාදන මේ තරම්ම සමට අවශෝෂණය වෙන්නේ නැහැ. අන්න ඒකයි ශීට් ෆේස් මාස්ක් වල තියෙන ලොකුම වාසිය. පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙනවා.

sheet-face1

ශීට් මාස්ක් එකට කොටස් දෙකක් තිබෙන්නේ ඇයි ?

ශීට් මාස්ක් එකක් කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමා මුහුණට දමන ශීට් මාස්ක් එක. අනික් කොටස තමා සියලුම පෝෂණ සත්කාර සංඝටක අඩංගු සීරම් එක. ශීට් මාස්ක් එක හදන්නේ woven fiber, Cottons, Hydrogel සහ Bio cellulose කියන අමුද්‍රව්‍ය වලින් එකක් යොදාගෙනයි, නමුත් එයින් හොදම අමුද්‍රව්‍ය වෙන්නේ ස්වභාවික, සම සමග වඩා හොඳින් සම්බන්ධ වෙන , සීරම් එක වඩා හොඳින් උරා ගන්න  Bio cellulose නමැති අමුද්‍රවයයි. ශීට් මාස්ක් එක උඩින් සඳහන් කළා වගේ වාෂ්පීකරණය නවත්වලා සමේ රෝම කූප අරින නිසා එහි ඇති සීරම් එක වඩාත් හොඳින් සමේ ගැඹුරටම පැතිරෙනවා. ඒ නිසා ශීට් මාස්ක් එක මගින් ඔබේ සමේ ඇතුලත ස්ථර පවා සකසලා පිළියම් කිරීම් මගින් සම වයසට යාම ඉතාම පහසුවෙන් පාලනය කරනවා.

සීරම් එක තමයි ශීට් මාස්ක් එකේ අනික් කොටස. මෙම සීරම් එක දියරයක්. ඔබේ සමේ සුන්දරත්වය රැකදෙන ස්වභාවික සාරයන් අඩංගු පෝෂණ කොටස් සහ තවත් එක් කරන ලද වටිනා මූල ද්‍රව්‍ය මේ සීරම් එකේ අඩංගුයි. මාස්ක් එක මේ සීරම් එකෙන් තෙමලා මුහුණේ අලේප කරහම එක බින්දුවක් වත් අපතේ නොයා මුහුණේ අභ්‍යන්තරයට මේ පෝෂණ ගුණ කාවදිනවා. ශීට් මාස්ක් එක එහෙම බලද්දී රූපලාවණ්‍ය සත්කාර අතරින් ඉතාම ඉහල ප්‍රතිපල දෙන නිෂ්පාදනයක්.

නිසි ප්‍රතිපලය ලැබෙන්න නම් සීරම් එක සහ මාස්ක් එක යන දෙකම වැදගත්. දෙකම එකම පැකට්ටුවේ තමා වෙළඳපොලෙන් ඔබ අතට එන්නේ.

ශීට් මාස්ක් එක භාවිතයට උපදෙස්

ශීට් මාස්ක් එක දැමීමට පෙර ඔබේ මුහුණ ෆේස් වොෂ් එකකින් හොඳින් සෝදා පිස දමන්න.

01) ෆේස් මාස්ක් එකේ ඇසුරුමෙහි තුඩ පහතට කිහිප වරක් නවා ඉන්පසුව ආවරණය ගලවා ඉවත් කරන්න.

img1

02) සැශේ එකේ ඇති සීරම් සියල්ල ෆේස් මාස්ක් එකේ Tub එකට එක් කරන්න.

img2

03) සීරම් සියල්ල ෆේස් මාස්ක් එක මගින් සම්පූර්ණයෙන් උරා ගන්නා තුරු තබන්න.

img3

04) ෆේස් මාස්ක් එක දිගහැර මුහුණට දමන්න. විනාඩි 15 කින් පමණ ගලවා, මුහුණේ ඉතිරි වී ඇති සීරම් මෘදුව පිස දමන්න.

img4

ලොව පුරාම ලඳුන් තමන්ගේ සම ලස්සන කර ගැනීමට ඒ වගේම වයසට යාම පාලනය කර ගැනීමට ශීට් මාස්ක් භාවිතයට වැඩි වැඩියෙන් යොමු වෙනවා. එයට හේතුව එය සාමන්‍ය ක්‍රම වලට වඩා ඉක්මනින් හොඳ ප්‍රතිඵල අත්කර දෙනවා. ඒ එහි ඇති නවීන තාක්ෂණය නිසයි. ඒ වගේම ශීට් මාස්ක් එක කාර්යබහුල ජීවන රටාව එක්ක හොඳින් ගැලපෙනවා. ශීට් මාස්ක් එක දාගෙන ඉන්න විනාඩි 15 වෙනත් වැඩ වල නිරත වෙන්න පුළුවන්. ඒ නිසා කාලේ ඉතුරුයි. ඒ වගේම මේ වටිනා සත්කාරය සැලුන් නොයා ගෙදර සිටම පහසුවෙන් සහ ඉතාම අඩු වියදමකින් කරගන්න පුළුවන්. බලාපොරොත්තු ප්‍රතිඵලය ලබන්න ශීට් මාස්ක් හැමදාම දාන්න ඕනෙත් නැහැ. සතියකට දෙවතාවක් දැම්මොත් ඇති. මතක තියා ගන්න ඕනේ වැදගත්ම දේ තමයි ශීට් මාස්ක් එකක් දාන්න පුළුවන් එක වතාවයි. භාවිතයෙන් පසු එය නිසි ලෙස බැහැර කළ යුතුයි. ඒ වගේම මතක තියා ගන්න ඔබේ මුහුණේ කුරුලෑ තිබෙන වෙලාවක නම් ශීට් මාස්ක් එකක් දැමීම සුදුසු නැහැ. කුරුලෑ සම්පූර්ණයෙන් සුවපත් වුන පසුව තමා ශීට් මාස්ක් එකක් යෙදිය යුත්තේ.



About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here