පවුලේ අවුලට හේතු මෙන්න

0
5381

ඇත්තටම සමහර අයට පවුල් ජිවිතේ පුදුම තරම් සුන්දරයි.ඒ වගේම තවත් අයට විවාහ ජිවිතේ කල්කදුරු තරම් තිත්තයි.අය සංසරෙදිවත් මෙහෙම එකක් හම්බවෙන්න එපා කියලා සමහර බිරින්දෑවරුන්,සැමියන් දෙස බලා දෙස් දෙවොල් තියෙනවා.ඇතැම් අයට බැන්දාට පස්සේ කවදාවත් ගෙයින් එලියට බහින්න තහනම්. කාත් එකක්වත් කතා කරන්න බෑ.හදිස්සියක දී හරි එහෙම වූනොත්  ඒ මුළු ගෙදරම ගිනි ජාලාවක් වගේ රත් වෙලා රණ්ඩු වෙනවා.මෙයට ප්‍රධානම හේතුව තමා විවාහ වු බිරිද සැමියා ගැන සැක සිතීම.මේ ආකාරයට අපාගත වූ ජිවිත,අසරණ වූ බිරින්දෑවරුන්,සැමියන් මොන තරම් අප අතර සිටිනවා ද සැමියා නිවසට එන විටම බලන්නේ ඔහු ලග තියෙන සැක කටයුතු ලකුනු මොනවද කියලා.ඊළගට ජංගම දුරකතනය සම්පුර්ණයෙන්ම පරික්ෂා කරනවා.

අද වන විට පවුල් ජිවිත දෙදරා යාමට මෙම අවිශ්වාසය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.ප්‍රේම සබදතා මගින් විවාහ දිවියට පිවිසුණු  පිරිස් ද මෙම සබදතා ඇති කර ගෙන සිටි කාල පරාසය ඇතුලත දෙදනා අතර ඇති වූ අවිශ්වාසනියත්වය විවාහ දිවියට පිවිසුණු විට ද බලපානු ලබයි.එමෙන්ම යෝජිත විවාහ ක්‍රමය තුලදී ද අවට පරිසරය තුලින්  සහකාරිය හෝ සහාකරුවා පිලිබදව දැන ගන්නට ලැබෙන ඇතැම් කටකතා විවාහ වූ විටද එවැනි කට කතා මුල් කර ගෙන ගැටළු ඇති කර ගනී.

අනවබෝධයද ප්‍රධාන වශයෙන් විවාහ ජිවිත දෙදරා යාමට බලපා තිබේ.විවාහ වීමට පෙර පෙම්වතුන් වී සිටින කාලයේ හුගාක් පිරිස් විශ්වාස කරනුයේ දෙන්නාම සිතන්නේ එක වගේ,අපි දෙන්නම ආස එකම දේවල් වලට ආදී නොයෙක් ආකාරයට සිතමින් සිහින මාලිගා වල සිටි.නමුදු විවාහ වී ටික කලක් යන විට දෙදෙනාටම සැබෑ යථාර්තයට මුහුණ දීමට සිදු වේ.විවාහ දිවියේ දී බොහෝ බිරින්දෑවරුන්,පුර්ෂයින් ඔහු හෝ ඇය සිතන ආකාරයට සිතිය යුතු යැයි විශ්වාස කෙරේ.විශේෂයෙන් ස්වාමිවරුන් තම බිරිදට අවැසි ආකාරයට ඇදුමක්වත් තෝරා ගැනීමට ඉඩ ලබා දෙන්නේ නැත.එවිට එසැනින් ගැටළු පැන නගී.අනෙකාගේ දුක,සතුට,ලිංගික ආශාවන් ආදී සියල්ලකම පිලිබදව අවබෝධයෙන් කටයුතු කිටිමට දෙදනාටම සිදු වේ.එක වහලක් යටට වෙන්න කලින් තම බිරිදගේ හෝ ස්වාමියාගේ අදහස් පිලිබදව අවබෝධය තිබීම වැදගත්ය.

ආර්ථීක ගැටලූ ද අද වන විට පවුල් ජිවිත වලට බොහෝ ගැටළු ඇති කරයි.මෙම ආර්ථික ගැටළු ඇති වීමට දෙදෙනාගේ ක්‍රියාකාරකම් බලපායි.උදාහරණයක් ලෙස ඔබ අලුත් ජංගම දුරකතනයක් මිලදී ගන්නවා යැයි සිතන්න.එවිට තම ස්වාමියාට මාසිකව ලැබෙන මුදලට වඩා මුදලක් වියදම් කරමින් දුරකතනයක් ලබා ගැනීමට උත්සහා කරන්නේ නම් එවැනි කාන්තාවකට කිසිම දිනක මුදල් පාලනය කල නොහැකිය.බොහෝ දෙනෙක් සිතන්නේ දුරකථනය තම තත්වය ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් ලෙසයි.නමුදු එය සන්නිවේදනය කිරීමට ඇති උපකරණයක් බව අප මතක තබා ගත යුතුය.

ඔබට ඔබේ කට පාලනය කර ගත හැකි නම් ඔබේ වියදම් අවම කර ගත හැකිය.දිනපතා ඇතැම් පිරිස් ආහාර සදහා කොතරම් මුදල් වියදම් කරන්නේ ද ප්‍රධාන ආහාර වලට අමතරව විවිධ පාන වර්ග,පැණි රස කෑම වර්ග සදහා නොදැනුවත්කමින් මුදල් වියදම් වේ.ඇතැම් බිරින්දෑවරුන් දකින දකින දේ ගැනීමට පෙලබ් ඇත.මෙවෙනි කාන්තාවන් නිසා පවුල් අවුල් වී ඇත.තම අඩු පාඩු හදුනා ගෙන ඒවා සකස් කර ගැනීම දෙදෙනා සතු යුතුකමකි..

මේ සියල්ල පිලිබදව එකිනෙකා අතර අවබෝධයකින් කටයුතු කළහොත් ඉතා සාර්ථකව පවුල් ජීවිතය ගෙවිය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here