බිඳී යන සබඳතාවයක පෙරමං ලකුණු. ඔබට ඇත්තේ ශක්තිමත් සබඳතාවයක්ද?

බිඳී යන සබඳතාවයක පෙරමං ලකුණු.......... ඔබට ඇත්තේ ශක්තිමත් සබඳතාවයක්ද?

සත්‍යය පිළිගන්න නම් බොහෝ අපහසුය. ඇතැම්විට ඔබේ බැඳීම් අසාර්ථක බව පිලිගන්නටද ඔබ අකමැති වේවි. එහෙත් අවසානයේ එයින් අසාර්ථක වන්නේද ඔබමය.

ඔබට ඔබේ සහකරුවා විශ්වාසද ?

හොඳ බැඳීමක හැමවිටම විවෘත හදවත් තිබේ.ඔබේ සහකරු සමඟ සිටින හෝ යනෙන හැම තැනකදීම ඔබට දැනෙන්නේ සතුටක් සහ රැකවරණයක් වන අතර ඔබට එය තහවුරු කරගැනීමට තරම් කිසිදු සැකයක් ඇතිවන්නේද නැත.
ඔබට ඔබේ බැඳීම ගැන ඇත්තේ සතුටක්ද? අනාරක්ෂිත බවක්ද ? ඔබ හැමවිටම පසුවන්නේ ඔබේ සහකරු පිලිබඳ සැකයෙන්ද?මේ අසාර්ථක බැඳීම් හඳුනාගත හැකි පෙරලකුණු කිහිපයක්.

රහස්

තමන්ට ඇතිවන ගැටළු සඟවා සිටීම හෝ කිසිදු දෙයක් නොවූවා සේ සිටීම බැඳීමක් පලුදු කළහැකි එක්තරා ලක්ෂණයකි.මෙහිදී සහකරුවා ඔබ පිලිබඳ තබා ඇති විශ්වාසය බොහෝ වැදගත්ය.ඔබ එකිනෙකා විශ්වාස කරන විට
කිසිවකුගෙන් කිසිවක් සැඟවිය නොහැකිය. ඔහුට ඇහුම්කන් දෙන්න. ඔබ ඔහු හා හැමදෙයක්ම කතාබහ කොට හුවමාරු කරගැනීමට පෙළඹෙන්න.එක අතකින් එය ඔබේ මානසික පීඩනය අවම කරගැනීමටද උපකාරී වේවි.

අන්‍යොන්‍ය අවබෝධය නොමැතිබව

අන්‍යොන්‍ය අවබෝධය සාර්ථක බැඳීමකදී සතුට, ආරක්ෂාව සහ බලාපොරොත්තුවල උපරිම ඵලයට ලඟාවීමට ඔබව ශක්තිමත් කරයි.මෙහිදී ඔබ මෙන්ම ඔබේ සහකරුවාද දෙදෙනාට මුහුණ පෑමට සිදුවන සියලු බාධාවන් ජය
ගැනීමට එකිනෙකාට උදවු කරගන්නා අතර ඔහු ඔබේ සතුට මෙන්ම දුකද ඔහුගේ කරගන්නේය.එහෙත් මෙහි හාත්පසින්ම වෙනස් තත්වයක් ඇතිවුවහොත්? සිතන්න. ඔහුගෙන් ඔබ කෙරෙහි ඇති අවධානය ගිලිහී යන්නේ නම්,
ඔබේ අසීරු අවස්ථා ඔහුට නොපෙනෙන සේ ඔහු සිටියි නම්, ඔබට දුෂ්කරතා වලින් මිදීමට හෝ ගැටළු විසඳා ගැනීමට හෝ සහයක් නොදෙන්නේ නම්, ඔබේ කාර්යබහුල ජීවිතය වුවද සැප පහසුවෙන් තැබීමට ඔහු උත්සාහ
නොකරන්නේ නම්,ඔබේ කැමත්තටත් ඉඩ නොදෙන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔහු ඔබ සමඟ නොවන බව හෝ තවදුරටත් ඔබ හා සිටිමට කැමැත්තක් නොමැති බවයි.

ඔහු ඔබව ඔබ ලෙසින් නොදකියි නම්

ඔහු සාර්ථක සහකරුවෙක් නම් ඔබට හැමවිටම අසීමිතව ආදරය කරයි. ඔබ පොහොසත්,දුප්පත්,කළු,සුදු,තලෙළු,ලස්සන,අවලස්සන මේ කුමන තත්වයක සිටියද ඔහු ඔබ දෙස බලන්නේ ඔබ ඔබ ලෙසෙනි. එවිට ඔහුට අන් කවරකුදු වුවද වැදගත් නැත.ඔබේ සහකරු හෝ ස්වාමිපුරුෂයා අනෙක් යහළුවන්ගේ පෙම්වතියන් සහ බිරින්දෑවරුන් හා ඔබව සංසන්ධනය කරන්නේ නම් එහිදී ඔබ දෙවරක් සිතිය යුතු කරුණක් සැඟවී තිබෙනවා නොවේද?

ඔහු ඔබ සැක කරනවාද ?

ඔබේ දුරකතනය, ඊ මේල් පණිවිඩ,අනවශ්‍ය ලෙස පිරික්සනවා නම්,අනපේක්ෂිත ලෙස ඔබ රාජකාරි කරන ස්ථානයට හෝ කාර්යාලයට පැමිණේ නම් හැමවිටම ඊර්ෂ්‍යාවෙන් සිටියි නම්,ඒවා සාර්ථක සබඳතාවයක එතරම් යහපත්
ලකුණු නොවේ. එහෙත් මෙහිදී කිවයුතු යමක් තිබේ. එනම් බොහෝ කම්තාවන් සහ ගැහැනු ළමුන් සහකරුවාගේ මෙවැනි ක්‍රියාවන් සැබෑ ආදරය ලෙස දැකීමය. එය එතරම් වරදක් ලෙස නොපෙනුනද සත්‍ය ආදරයක් ඔබව
හැමවිටම විශ්වාස කරන අතර ඔබද විශ්වාසවන්තව සහකරු සමඟ ජීවිතය බෙදාගැනීමට පෙළඹෙන්නේ ස්වභාවයෙන්මය . එය එකිනෙකා අතර ගෞරවයද වැඩිකිරීමකි.

ඔබ කෙරෙහි ඇති කැමැත්ත ඔහුගෙන් ගිලිහෙන්නේ නම්

මෙය බොහෝ දෙනාට ඇති ගැටළුවකි.ඔබ ඔහු හා එක්ව ආහාර ගත්තද අන්‍යොන්‍ය කතාබහක් ඇතිනොවේ නම් ඔබේ ජිවිතයේ විශේෂ අවස්ථා ඔහුගේ මතකයෙන් ගිලිහී යයි නම්,එවිට එතැන දෙවරක් සිතිය යුතු යමක් ඉතිරිව
ඇති බව ඔබ වටහා ගත යුතුය.මෙවන් අවස්ථා ඇතිවන්නේ ඔබගේ සහකරුට ඔබට වැඩ වටිනා යමක් ඔබෙන් සැඟවීමට ඇතිවිට හෝ අධික කාර්යබහුලත්වය මත බැඳීම් වලට මුල්තැනක් දීමට තරම් උත්සුක නොවීමත් සමඟය.
තමන්ගේ සහකරු ලිංගිකව හෝ මුල්‍යමය ලෙස හෝ අන්‍යොන්‍ය සබැඳියාවට සිදුකරන වංචාව තරම් තවත් නරක හැඟීමක්ද නැත.මේ සියල්ල ක්ෂණයෙන් සිදුවන ඒවා ද නොවේ.එය ඔබේ සහකරු ඔබව කලක් තිස්සේ අධ්‍යයනය
කරමින් ඔබෙන් වෙන්වන්නට පටන් ගන්නා මොහොතේදී සිදුවන්නකි.

හැඟීම් සහ අදහස් බෙදාගැනීම අල්ප වීම

මෙය බොහෝ පුද්ගලයන් සිය ප්‍රියයන්ගෙන් වෙන්කර හුදෙකලා කිරීමට බලපාන්නා වූ එක හේතුවකි.ඔබේ සහකරු හෝ ඔබ අන්‍යොන්‍ය හැඟීම් තේරුම්ගන්නේ නැතිවිට ඔබ දෙදෙනා හුදෙකලාවී හිතුමතේ තීරණ ගැනීමට
පෙළඹේ.මෙය බොහෝවිට පුද්ගලයන් තම ආදරණියයන් තම පත්වූ වේදනාත්මක තත්වයට ඇදදැමීමට පොළඹවන කරුණක් බවටද මේවනවිට පත්ව තිබේ.

ගැහැනුන් සහ පිරිමින් ආදරයේදී
පිරිමියා ජිවිතයෙන් මඳක් ගැහැනියට ලබාදෙනමුත් ගැහැනිය සිය සියල්ලම තම පුරුෂයා වෙනුවෙන් ලබාදෙන්නීය. ~ ඔස්කාර් වයිල්ඩ්

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here