ඔබ සිතනවාටත් වඩා ශක්තිමත් පුද්ගලයෙකු යැයි හැඟවෙන හැසිරීම් 8ක්

0
9603
ඔබ සිතනවාටත් වඩා ශක්තිමත් පුද්ගලයෙකු යැයි හැඟවෙන හැසිරීම් 8ක්

කලබලකාරි තත්ත්වයක් ඉදිරියේදි, අප බොහෝ දෙනෙකු සිතන්නේ අසරණ පුද්ගලයින් ලෙසිනි. ඕනෑම තත්වයකදී ශක්තිමත්ව, නිර්භයව ඊට මුහුණ දීමට අපට හැකි ‍යැයි අපට සිතෙන්නේ නැත. නමුත් පසුව, ඔබට ඊටත් වඩා බුද්ධිමත්ව එම තත්ත්වය හසුරුවන්නට තිබුණා යැ‍යි සිතමින් ඔබ පසුතැවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ මානසිකව ඇද වැටේ. ඉන් ඉදිරියට ඇති අභියෝගවලට ඔබ කෙසේ මුහුණ දිය යුතුද යන්න ඔබ කල්පනා කරන්නට පටන් ගනියි.
ඔබ සිතනවාටත් වඩා ඔබ ශක්තිමත් බව ඔබ දන්නවාද? යම් යම් පීඩනකාරි තත්ත්වයන් හිදි ඔබට තමා බෙහෙවින් දුර්වල යැයි හැඟුනත් එය එසේ නොවේ. ඔබ සිතනවාටත් වඩා ශක්තිමත්ය. අපි  රොබෝවරුන් නොවෙමු. හැඟීම්බර අවස්ථාවලදී අපි හඬන්නෙමු, ආවේගශීලි වන්නෙමු. මානසිකව අපි කඩා වැටුනු විට නිසැඟයෙන්ම අප හැඟිම් පිටතට ප්‍රකාශ කරන්නෙමු. එය සාමන්‍ය දෙයකි. පහත දැක්වෙන්නේ ඔබ ශක්තිමත් පුද්ගලයෙකු බව සනාථ කරන හැඟීම් හා හැසිරීම් කිහිපයකි.

1.සිනහ වෙන්න.
තත්තවය කෙතරම් අසීරු, අසහනකාරි වූවත් ඔබට සිනහ වෙන්නට පුලුවන් නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකි. මෙය සිතන තරම් ලෙහෙසි නොවේ. ඔබට එක පිට එක කරදර සිදු වූවත්, එය සිනහවකින් සමනය කරන්නට ඔබට හැකි නම්, ඔබ ශක්තිමත් කෙනෙකි.

2.සන්සුන් වන්න.
අසීරු අවස්ථාවන් හිදි ඔබ වටා සිටින සියලුම දෙනා මානසිකව වැටී ඇතත්, ඔබ තවමත් ඊට නිර්භයව මුහුණ දෙන්නේ නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකි.

සන්සුන් වන්න. අසීරු අවස්ථාවන් හිදි ඔබ වටා සිටින සියලුම දෙනා මානසිකව වැටී ඇතත්, ඔබ තවමත් ඊට නිර්භයව මුහුණ දෙන්නේ නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකි. තත්ත්වයේ බරපතලකම මැනවින් හඳුනාගෙන අන් අයව සන්සුන් කරන පුද්ගලයා, කණ්ඩායමේ කැපී පෙනෙන පුද්ගලය බවට පත්වේ. ඔබ එවැනි ස්ථානයක ඉඳ ඇත්නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකු වේ. කලකෝලාහලයකදී එම තත්ත්වය කාර්යක්ෂමව හසුරවන පුද්ගලයා විශේෂ පුද්ගලයෙකි.

3.අඬන්න.
හැඬිම දුර්වල පෞර්ෂත්වයක ලක්ෂණයක් නොවේ. එය අප සිත් තුල හට ගන්නා හැඟීම් වල ප්‍රතිඵලයකි. එය අප පිට කල යුතුය. සමහර ආවේගශීලි මෙන්ම හැඟීම්බර අවස්ථාවන් හිදි හැඬීම අප සිත් තුල ගැබ්ව ඇති සිතුවිලි පිට කිරීමට උපකාරි වේ. එසේම තත්ත්වය පාලනය කිරීමට ද අපට පහසු වේ. එම නිසා අඬන්නට නොපැකිලෙන්න. එය ඔබගේ මානසික සෞඛ්‍යයට යහපත් වේ.අඬන්න. හැඬිම දුර්වල පෞර්ෂත්වයක ලක්ෂණයක් නොවේ. එය අප සිත් තුල හට ගන්නා හැඟීම් වල ප්‍රතිඵලයකි. එය අප පිට කල යුතුය. සමහර ආවේගශීලි මෙන්ම හැඟීම්බර අවස්ථාවන් හිදි හැඬීම අප සිත් තුල ගැබ්ව ඇති සිතුවිලි පිට කිරීමට උපකාරි වේ. එසේම තත්ත්වය පාලනය කිරීමට ද අපට පහසු වේ. එම නිසා අඬන්නට නොපැකිලෙන්න. එය ඔබගේ මානසික සෞඛ්‍යයට යහපත් වේ.

4.බැහැ කියන්නට නොපැකිලෙන්න.
කෙනෙකු ඔබේ සීමාව ඉක්මවා පීඩයනක් ඇති කරන්නේ නම්, නිර්භයව නැහැ, හෝ බැහැ යයි කීමට නොපැකිලෙන්න. එම යෝජනාවට ඔබ කිසිසේත් එකඟ නොවන්නේ නම් කොන්ද කෙලින් තියාගෙන නැහැ යන්න පැවසීමට තරම් ඔබ ශක්තිමත් විය යුතුය. සෑම විටම තම හදවතට ඇහුම් කන් දෙන්න. තමා ගත් අවසන් තීරණය පිලිබඳ ඔබ 100% විශ්වාස කරන්නේ නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකු වේ.

5.තමා අවට සිදුවන දේ පිලිබඳ අවධානයෙන් සිටින්න.
මෙය සෑම කෙනෙකුටම සිදු කල හැකි දෙයක් නොවේ. ඔබට කාසියේ දෙපැත්තම තේරුම් ගැනීමට හැකි විය යුතුය. සියලුම දෙනා තම මතය ප්‍රකාශ කරන්නේ විවිධ හේතුන් මතය. එක පාර්ශවයක් දෙස පමණක් බලා ඔබට විනිශ්චයක් ලබා දිය නොහැක. පක්ෂග්‍රාහි නොවී ප්‍රශන විග්‍රහ කිරීම ශක්තිමත් පුද්ගලයකු තුල තිබිය යුතු ලක්ෂණයකි.

6.බදා ගන්න.
දුකේදි හා සැපේදි එකිනෙකා බදා ගෙන දුක හා සතුට බෙදා ගන්න. හද පත්ලෙන් දැනෙන ආදරය හා සෙනෙහස පිට කරන්න. සමහට දේවල් අප හට ධනාත්මක මෙන්ම ඍණාත්මය අයුරින් බලපෑ හැක. ඍණාත්මක දේවල් ධනාත්මකව බැලීම එතරම් පහසු නොවේ. කරදරයකදී ඔබට ඔබේ මිතුරාව බදා ගෙන ඔහුව ශක්තිමත් කල හැකි නම් ඔබ ශක්තිමත් පෞර්ෂත්වයක් හිමි කෙනෙකු වේ.

7.හරි දේ කරන්න දෙවරක් සිතන්න එපා.
ඔබ යමක් කරන්නට සිත සකස් කර ගත්තේ නම් එය එම මොහොතේම සිදු කරන්නට පසු බට වන්නට එපා. ඔබගේ හිත් තුල තිබෙන පුහු බිය ඔබට නව අභියෝග වලට මුහුණ දෙන්නට ඇති ශක්තිය හීන කරවයි. මෙවන් හැඟීම් සමඟ ගැටෙමින් නිවැරදී දේ කිරීමට ඉදිරියට ඒම ශක්තිමත් පුද්ගලයෙකු සතු ගුණාංගයකි.

8. සමාජයේ අන් අයට සහාය ලබා දෙන, ඔවුන්ව දිරි දෙන පුද්ගලයා බවට පත් වන්න.

අනෙකුත් පුද්ගලයින් ආතතියෙන් මිදීම සඳහා ඔබගේ උපකාරය බලාපොරොත්තු වන්නේ නම් ඔබ කණ්ඩායමේ ශක්තිමත් ම පුද්ගලයා බව ඔබ සනාථ කර හමාරය. සමාජයේ මිනිසුන් සියල්ලන්ගෙන්ම අවවාද බලාපොරොත්තු නොවේ. විශ්වාසවන්ත, තමාගේ හැඟීම් දැනෙන හෝ එවන් අත්දැකීමකට මුහුණ දී ඇති පුද්ගලයෙකු වෙත ඔවුන් පිවිසෙන්නේ ඔවුන් තුල ඇති ඒ කැපී පෙනෙන ගුණාංගය හේතුවෙනි. ඔබ එම පුද්ගලයා නම් ඔබ ශක්තිමත් කෙනෙකි.
ශක්තිමත් වීම යනු යුද්ධයකට යන්නට පෙර කඩුවක් අතර ගැනීම නොවේ.ශක්තිමත් හා නිර්භීතකම විවිධ අයුරින් ඔබගේ පෞර්ෂත්වය තුලින් ප්‍රකාශ වේ. අප ඉහත සඳහක් කල ගුණාංග ඔබ තුලත් පිහිටනවා නම් ඔබ් ශක්තිමත් සමාජයේ සාමාජිකයෙකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here