ගහට පොත්තක් වෙමු අපි දෙන්නා

0
4689
soulmates

අපි ආදරේ ගැන හැමදාම කතා කරනවා. විවාහය සාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා කතා කරනවා. කොයි තරම් කතා කලත් දික්කසාද වල නම් අඩුවක් නෑ. සමහරු අවුරුදු 07ක් 08ක් ආදරේ කරලා මුළු රටටම කියලා විවාහ වෙනවා. ඒ වුනාට මාස 06ක්වත් එකට ජිවත් වෙන් නෑ. ඇයි මෙහෙම වෙන්නේ .

අද බොහෝ තරුණ තරුණියන් විවාහය කියන්නේ මොකක්ද එයින් බලාපොරොත්තු වෙන්නේ මොනවද විවාහ වෙන දෙදෙනාගේ වගකීම්, යුතුකම් මොනවාද මේ කිසිම දෙයක් පිලිබදව අවබෝධයක් නෑ. මේ අනවබෝධය නිසා මුළු ජිවිතයම අවුල් ජාලයක් කර ගන්නවා. මේ නිසාම අවුරුදු ගානක් විවාහ ජිවිතේ සැලසුම් කරලා මාස 03ක් යනකොට විවාහ ජීවිතේට තිත තියනවා.

විවාහ වෙන්න අදහස් කරන බොහෝ දෙනෙක් පවසන්නේ ඔවුන්ට හොද පෙනුමක් ඇති සහකරුවෙක් හෝ සහාකාරියෙක් අවශ්‍ය බව. අද වෙන විට හැමෝම මුල් තැන දෙන්නේ රූපයට. එට අමතරව මුදල් වලට. බොහෝ පවුල් අවුල් වෙන්නේ මේ වැරදි තෝරා ගැනීම නිසා. ඇත්තෙන්ම විවාහයට පුද්ගලයෙකු තෝරා ගැනීමේ දී මුලිකව සොයා බැලිය යුත්තේ ඔහුගෙත් ඇයගේත් ගති ගුණ හා අදහස් වල ගැලපීම පිලිබදවයි.

යම් පුද්ගලයෙක් තම නිවසේ ඇය සමග ගත කරන්නේ ජිවතයෙන් තුනෙන් එකක් පමණ කාලයක්. එහෙත් තම සහාකරු හෝ සහාකාරිය සමග ජිවිත කාලයෙන් බාගයක්ම ගත කරන්නට සිදු වෙනවා. ඒ නිසා දෙන්නා අතරේ තිබෙන අවබෝධය හැරිම වැදගත්. එහෙම නැතුව ලොකු දුර ගමනක් යන්න බෑ. දෙදනා අතර විස්වාසය, සැක නොකිරීම, බොරුවෙන් වංචාවෙන් තොර වීම වැනි උතුම් ගුණාංග දෙපාර්ශවය අතර පැවතිය යුතුය. මේ කුමන දෙයක් හෝ බිදී වැටෙනවා කියන්නේ එතන කුඩා හෝ හිත් අමනාපයක් වේලා කියන එක. කළකිරීම් ඇති වන විට විවහා ජිවිතේ එපා වෙන්න පටන් ගන්නවා.

නිසි වයසට පෙර විවහා වීමත් ඇතැම් අවස්ථා වලදී විවහා බිද වැටීමට හේතු වෙනවා. අඩු වයසින් විවහා වුනාම විවහා ජිවිතේ පිලිබදව අවබෝධයක් නැති තරම්. කායික සහ මානසික හැගීම් පිලිබදව අවබෝධයක් නැති විට මේ අයගේ විවහා ජිවිතේ බිද වැටෙනවා. සමහරු තමන්ගේ ආර්ථික මට්ටම උසස් කර ගෙන ඉගෙනුම කටයුතු අවසන් කර ගෙන විවාහය ගැන සිතනවා. ඔවුන් විවාහය ගැන සිතන්නෙම වයස 30 පසු වූ විටය. එහෙත් තරුණියකට නම් වයස අවුරුදු 20- 32 වන විටවත් විවාහ වීම සුදුසුය. තරුණයෙකුට නම් වයස අවුරුදු 26- 27 ඉක්ම වුවාට එතරම් ගැටළුවක් නැත.

අද වන විට බොහෝ පිරිස් විවාහ ජිවිතේ කඩාකප්පල් කර ගන්නේ පුංචි පුංචි ගැටළු වලට. අපිට විසදා ගන්න නොහැකි ගැටළු ජිවිතේ නෑ. විවාහය කියන්නේ අනෙකාගේ ආශාවන්, වුවමනාවන් ඉදිරියේ තමන්ගේ වුවමනාවන් කැප කිරීමක්. එකිනෙකාට සවන් දීම, විස්වාසය. අවබෝධය, වංචා නොකිරීම, නොවරැටීම වැනි ගුණාංග ඔවුනොවුන් අතර පැවතිය යුතුය. වැරද්දක් වූ විටද හිත් නොරිද්දෙන ආකාරයට පහදා දීම වැදගත්. අනෙකාට දයාබර වීම, ඔහුගේ ප්‍රශ්න වලදී උදව් කිරීම, දුක සැප දෙකේදීම එකට සිටීම, ඉවසීම විවාහ දිවියට අවශ්‍යය.

අනෙකාට තිබෙන්නේත් තමාට වගේම රිදෙන හිතක් බව තේරුම් ගැනීමත්, බාහිර පෙනුම, වත්කම් ගැන ආඩම්බර නොවීමත් කාන්තාවකට වැදගත්. ඒ වගේම තම සැමියාට රසට කෑම ටික හදලා දීම, නිදහස් වෙලාවට විනෝද ගමනක් යාම, මිනිස් උවමනා වලට ඉඩ දීම මේ හැම දෙයක්ම විවාහ ජීවිතේට බලපානවා. මේ නිසාම විවහා උත්සව සාර්ථක කර ගන්න උත්සහා කර ගන්නවා වගේම විවාහ රැක ගන්නත් කටයුතු කරනවා නම් හොදය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here