මම එයාට second වෙන් නෑ…., ඔබත් එසේ සිතනවාද

0
7943
couple-ignoring

ආදරය කලද ඒ ආදරයම විවාහයෙන් කෙලවර වනවා යැයි කියා නොහැකිය. ආදරය දිගටම පවත්වා ගෙන යාමට නම් ආදරය ඉතා සැලකිල්ලෙන් සාත්තු කොට ආරක්ෂා කල යුතුය. ඔබගේ හෝ ඇයගේ ඕනෑ එපාකම් හා ආශාවන් අවංක හදවතින් තේරුම් ගත යුතුය. ඒ සදහා ඔහුට හෝ ඇයට ඉමහත් සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය. දෙදෙනාගෙන් කෙනෙකුට දුකක් ඇති වූ විට දෙදනා අතර පවතින බැදීම වෙනස් නොවිය යුතුය. ආදරයක් ප්‍රබලතාවය රදා පවතින්නේ තමන්ගේ වගකීම මතයි. ආදරය ශක්තිමත් වීමට හ දුබල වීමට වග කියා යුත්තේ ආදරවන්තයන් දෙදෙනාය. අසීමිත හා දිගටම ආදරබර විවාහයක් රැක ගෙන සිටින්නේ දෙදනාම ඊට හවුල් වීමෙන් පමණි. ආදරය එකවරම නැති වන්නේ නැත.

විවාහය හෝ ප්‍රේමය දෙදරා යන සිදුවීමක් වූ විට දෙදනාම කල යුත්තේ එකා මෙන් කටයුතු කොට එය විසිරි යෑමෙන් ආරක්ෂා කිරීමය. නමුත් ආදරය පිලිබදව සැබෑ අවබෝධයක් නැති අය ” මම මොකටද එයට කතා කරන්නේ. මම පස්සේන් යන නෑ. එයාට ඕනි නම් මට කතා කරාවි ” යන ආකාරයට සිතීමට පෙළඹවී.

විවාහය සම්බන්ධ ගැටුමකදී ඉක්මනින් තීරණ ගැනීමෙන් වලකින්න. ප්‍රේමය බිදී යන්නට පෙර තමා අතින් වරදක් වුනා නම් එය පිළිගන්න පැකිලෙන්න එපා. ඒ සදහා අවංක වෙන්න. මුලින්ම ආදරේ කල හැටි සිතන්න. ඔබ ප්‍රේම කරන පුද්ගලයා අතින් වරදක් වුනා නම් එය ඔහු සිතාමතා කල එකක් නොවිය හැකිය. එවැනි අවශතා වලදී ඔහුට සමාව දෙන්න.

ඔබට පවතින අඩුපාඩු අනෙක් කෙනා පිට පටවන්න යන්න එපා. තමන්ගේ දුබලතා වලට අනෙකා පලි නෑ. ඔබ පෙම් සබදකමක් පටන් ගන්නේ ඔබේ දුබලකම් වසා ගැනීමටද අනුකම්පාව ලබා ගැනීමටද කිසිවෙකු ඔබට ආදරය නොපෙන් වූ නිසාද. එසේ නම් ඔබේ පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ඔබේ අඩුපාඩු පිරිමසා ගන්න හදන්න එපා. දෙදනා යනු එක් අයෙකු නොවේ. මේවා කෙනෙකු සමග ආදරයක පැටලීමට පෙර සිතන්න.

ප්‍රේමය යනු පෙම්වතා හෝ පෙම්වතිය කියන ඕනෑම දෙයක් කිරිමට පොළඹවා ගැනීම නොවේ. පෙම්වතා පෙම්වතියට කීකරු වීම, අවනත වීම ප්‍රේමය නිසා සිදුවන්නකි. එය බල කිරීමෙන්, නීති පැනවීමෙන් කල නොහැකිය. මානසික වශයෙන් දුබල අය තම පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් බලාපොරොත්තු වන තවත් කරුණක් ඇත. එය නිතරම හොද ඇසීමයි. එය ප්‍රායෝගික නොවේ.

බොහෝ තරුණ තරුණියන් සිතා සිටින්නේ ආදරය කිරීමට කෙනෙකු ලැබීම ඔහුව හෝ ඇයව හොද අයෙකු කර ගැනීමට තමන්ට ලැබුණු අවස්තාවක් හැටියටය. ඒ අනුව ඔවුන් කරන්නේ නිතරම අනෙකාව හදන්න උපදෙස් දීම, වැරදි පෙන්වා දීම හා විවේචනය කිරීම. ඔබ කෙනෙකු නිතර විවේචනය කරන්නේ නම් ඒ අය ඔබෙන් ඉක්මනින් ඈත් වනු ඇත.

ඕනෑම ප්‍රේම සබදකමක් තප්පරයෙන් තප්පරය වෙනස් වෙයි. සෑම වෙනස් වීමක්ම ඉවසීමෙන් දරා සිටීම දෙදෙනාට අවශ්‍ය වේ. යම් පසු බැසීම් වෙනදා මෙන් වැඩිය කතා නොකිරීම ආදිය පිලිබදව කලබල වීම වැරදිය.

කිසිදාක තමන්ට පන වගේ ආදරේ කරන කෙනෙක් කවදාවත් මග හැර ගන්න එපා. තමන්ට ආදරේ කරන කෙනෙකුට කිසිදාක පිටු පාන්න එපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here