සෑම සැමියෙක්ම ඩිරෙක්ට් ඉල්ලන්නැති ඒත් ඔබෙන් නිහඩව ඉල්ලන දේවල් 4ක්

0
18478
wife_and_husband

සෑම සැමියෙකුම විවාහ ජීවිතයේදී ඔබෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. ඔබත් ඔහුත් අතර තිබෙන්නේ ශක්තිමත් ආදරණිය බැඳීමක් වුනත් ඔහු තවත් ආදරය, ගෞරවය සහ කරුණාව ඔබෙන් බලාපොරොත්තු වෙනවා. සමහර විට මට ඔයාගෙන් මේ දේවල් ඕන කියලා ඩිරෙක්ට් ඉල්ලන සැමියනුත් ඉන්නවා. ඒත් සමහරු සමහර දේවල් ඔබෙන් ඩිරෙක්ට් ඉල්ලන් නැතුව නිහඬ ඉඟි වලින් ඉල්ලනවා.

සාර්ථක සම්බන්ධතාවකට නම් ඉතින් ඔබ දැනගෙන ඉන්න ඕන ඔබේ සැමියාට ඕන කරන දේවල් මොනාද කියලා.

ඔබ ඔහුට ඔබේ ජිවිතේ අංක එක ලබා දෙනවා නම්, ඔහුගේ ඕනෑඑපාකම් සොයා බලා ඒවා ඉටු කරනවා නම් ඔහුට දැනේවි ඔබ ඔහුට කොතරම් ආදරේ කරනවාද යන්න. එවිට ඔහුත් ඔබේ සිතැඟි තෙරුම්ගන්නත් ඔබව ආදරෙන් රැකබලාගන්නත් පෙළඹේවි.

බොහෝ සැමියන් තම බිරිඳගෙන් තමන්ට අවශ්‍ය දේ ඩිරෙක්ට් ඉල්ලන්න කැමති නැහැ. ඒ සමහර විට එසේ ඉල්ලීමෙන් තමන්ගේ තත්වය බාල්දු වීමක් ලෙස ඔවුන් සිතනවා වෙන්නට පුළුවන්. එසේත් නැතිනම් ඔබගෙන් ඩිරෙක්ට් දෙයක් ඉල්ලන්න ඔහුගේ සිතේ චකිතයක් ඇති. එහෙම ඉල්ලන්න අකමැති ඒත් සෑම සැමියෙක්ම ඔබෙන් නිහඩව ඉල්ලන දේවල් 4ක් තමා මේ.

  • නිහඩ ඉඩකඩ

    පිරිමින් බොහෝවිට කැමති නිදහසේ සිතුවිලි සයුරක ගිලි ඉන්න. ඒත් කාන්තාවන් කැමති නැවතිල්ලක් නැතිව කතා කරන්න. ඉතින් මේ වෙනස නිසා බොහෝ පවුල්වල ආරවුල් හිත් අමනාපකම් ඇතිවෙනවා. සැමියෙක් කියන්නේ පවුලේ වගකීම් රාශියක් හිසමත තබාගෙන සිටින්නෙක්. බිරිඳ ගැන දරුවන් ගැන වගේම රැකියාව සහ අනෙකුත් දහසක් දේ ගැන සැලසුම් කරන්න ඔහුට නිදහසේ සිතන්න කාලයක් අවශ්‍යයි. ඔබ මෙය තේරුම් ගන්න. ඔහු වැඩිපුර කල්පනා කරන්නට කාලය වැය කරන්නේ ඔබේ ඔබේ පවුලේත් යහපත පිණිසයි. රැකියාව නිමවී ගෙදර එන සැමියා විවේකි වෙලාවේ ටිකක් කල්පනා කරන්නේ ඒ නිසයි. ඒත් බොහෝ බිරින්දෑවරුන් බලාසිටින්නේ දවස පුරා සිදුවූ දේවල් සැමියා සමඟ කතාබස් කිරීමටයි. ඔහු ඔබගේ කතාබහ අසා සිටීමට අකමැත්තක් දක්වන්නේ ඇතැම් විට ඔහුට වැදගත් දෙයක් ගැන සිතන්නට අවශ්‍ය නිසා වෙන්නැති. ඒ නිසා ඔහුට කල්පනා කරන්නට නිහඩව සිතන්නට අවශ්‍ය කාලය ලබා දෙන්න.

  • ගෞරවය

    ඔබත් ඔහුත් අතර තිබියේ යුත්තේ ගෞරවාන්විත බැඳීමක්. සාමාන්‍ය ජිවිතයේ අපි භාවිතා කරන ස්තුතියි, සමාවෙන්න, කරුණාකරලා යන වචන වලට එහාගිය හොඳ හැසිරීමක් විවාහක යුවලක් අතර තිබිය යුතුයි. ඔබ ඔහුට ගෞරව කරනවා යන්න වචනයෙන් පැවසීම විතරක් ප්‍රමාණවත් නැහැ. එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතුයි. එදිනෙදා වැඩ වලදී වගේම අනිත් අය ඉදිරියේදීත් ඔබ ඔහුට ගරු කරන්න. ඔහු ඔබෙන් ඉල්ලන එකක් නැහැ අනිත් අය ඉස්සරහ මට ගරු කරන්න කියලා. ඒත් ඔහු එය අපේක්ෂා කරනවා. ඔබට පුළුවන් දවසේ වැඩ කටයුතු මැද්දේ වුනත් ආදරණිය කෙටි පණිවිඩයක් යවන්න. ඔහු ඔබවෙනුවෙන් කරන කැපවීමට ස්තුති කරලා පොඩි ලව් ලෙටර් එකක් ලියන්න වගේ.

  • සෙනෙහෙවන්ත වෙන්න

    බොහෝ පිරිමින් ආදරණිය බව නොපෙන්නුවාට හිත ඇතුලෙන් බොහොම ආදරණිය පුද්ගලයන්. ඔබේ සැමියාත් ඔබෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. ඔබ ඔහු වෙනුවෙන් කරන පුංචි පුංචි ආදරණිය දේවල් වලින් ඔබ දෙදෙනා තවත් ලංවේවි. සිප වැලදගැනීම්, පොඩි පොඩි පුදුම කිරීම් වගේම ආදරණිය කතාබහත් ඔහු ඔබගෙන් අපේක්ෂා කරනවා. ගැහැණු අපිත් කැමති සැමියා එක්ක හුරතල් වෙන්න, ආදරෙන් ලගින් ඉන්න. ඉතින් නිතරම ඔහු ලඟින් ඉන්න, සෑම දෙයක්ම ආදරයෙන් සිදු කරන්න.

  • ප්‍රමුඛතාව ලබා දෙන්න

    ලංකාවේ තිබෙන්නේ පියා මූලික වුන සමාජයක්. ඒකෙන් කියවෙන්නේ නැහැ අම්මාගේ චරිතය පවුලකට නොවැදගත් කියලා. බොහෝවේලාවට දරුවන් හැදෙන්නේ මවත් සමගින්. පියා දිවා කාලයේ රැකියාවට යන නිසා දරුවන් එක්ක ගත කරන කාලය අඩුයි. ඒත් හැම තාත්තා කෙනෙක්ම කැමතියි දරුවන්ගේ සුරතල් බලන්න ඔවුන් එක්ක කාලය ගත කරන්න.දරුවන් ඉදිරියේ වගේම අනිත් අය ඉදිරියේත් ඔහුට මුල්තැන ලබා දෙන්න. අතීතයේ අපේ නිවෙස් වල තාත්තාට කෑම බෙදා වෙන් කල පසු තමා අනෙත් අය ආහාර ගත්තේ. ඒත් අද කාර්යබහුලත්වය නිසා එහෙම කරන්න අමාරුයි. ඒත් තීරණ ගනිද්දී වගේ දේවල් වලදී ඔහුගේ අදහස් වලට මුල්තැන දෙන්න. ඔබේ හිතුමනාපෙට පමණක් වැඩ කරන්නෙපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here