ආහාරවල නැවුම් බව පිළිබදව ඔබ සැළකිලිමත්ද?

ආහාරවල නැවුම් බව පිළිබදව ඔබ සැළකිලිමත්ද?

අද වනවිට අවශ්‍ය ආහාර වර්ග සියල්ල වෙළ`ද පොළෙන්ම මිලදී ගැනීමට අප පුරදුව සිටියද එසේ මිලදී ගන්නා සෑම ආහාරයක්ම පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න සැකයකි. එසේ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය ඇතැම්විට රසායනික ද්‍රව්‍ය එක් කොට ඉදවන ලද පළතුරු මෙන්ම කෘමිනාෂක වර්ග යොදා වගා කරන ලද ඒවාද විය හැකිය. පරිභෝජනයට සුදුසු ආහාර තෝරාගන්නේ කෙසේද යන්න පිළිබ`දව මේ ලිපිය හරහා අපි දැනුවත් වෙමු.

ධාන්‍ය, අල, බතල හා තෙල් සහිත ඇට වර්ග වන රටකජු, බඩඉරි`ගු, කජු, පොල් හා අනෙකුත් බීජ වර්ග වල ඇතැම් විට දිලීර වර්ධනය වී තිබිය හැකිය. එයට හේතුව වන්නේ අස්වැන්න නෙලාගැනීමෙන් පසුව තෙත් ස්ථානයන්හි ගබඩා  කිරීමයි. කිසිදු විටෙක පුස් බැ`දුණු, වර්ණය වෙනස් වූ ධන්‍ය වර්ග පරිභෝජනය නොකළ යුත්තේ ඒවාගේ ඇති මෙම දිලීර ඇල්ෆාටොක්සින් නම් වූ විෂ වර්ගයක් නිපදවන නිසායි. එබැවින් ඒවා මිලදී ගැනීමේදී හැඩය, වර්ණය මෙන්ම සුව`ද පරීක්‍ෂා කළ යුතුය.

පළතුරු ඉදීම සිදුවන්නේ ඒවායින් නිකුත් වන එතිලීන් නැමති වායුව නිසාය. ඒහා සමාන වායුවක් කැල්සියම් කාබයිඩ, ජලය සමග මිශ‍්‍ර වීමෙන් නිකුත් වන අතර පළතුරු කෘතිමව ඉදවීමේදී ඒවා යොදා ගැනේ. ඇතැම්විට කැල්සියම් කාබයිඩ පවුඩරය ඍජුවම පළතුර ඉදීවීම සදහා යොදා ගනී. නමුත් එම  පවුඩරයේ අඩංගු ආසනික් හා පොස්පරස් වැනි අහිතකර රසායනයන්හි වූ විෂ ද්‍රව්‍ය මගින් පිළිකා හා ස්නායුු ආබාධ ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩි වනවාසේම කාබයිඩ යොදා ඉදවූ නොපැසුණු පළතුරු පෝෂණයෙන් හීනය. එසේම එවැනි පළතුරු ස්වභාවිකව පැසී ඉදුණු පළතුරුවල මෙන් නැට්ටේ සිට පැතිර ගිය කහ පැහැයෙන් නොව මුළු ඵලයට එකම කහ පැහැයකින්ද කොළ පැහැති පැල්ලම්වලින්ද සමන්විතය. මෙසේ ඉදවූ පළතරක රසය මෙන්ම සුව`දක්ද නොමැති අතරම ගුණයක්ද නොමැත. නියමාකාරයෙන් නොඉදුණු පළතුරුවල යුෂ ගතිය අඩුය. ඒ වගේම ඉක්මනින් නරක් වේ.

මාළු තෝරා ගැනීමේදී දිලිසෙන සමක් ඇති ඇස් යට ගිලී නැති රතුපැහැයෙන් යුතු මළු වර්ග තෝරා ගැනීමට සැමවිටම උනන්දුවන්න. එසේද මස් වර්ග මිලදී ගැනීමේදීද වර්ණය පරීක්‍ෂා කළ යුතු අතරම ඒවා චෙරි රතු පැහැයෙන් යුතු නම් පමණක් මිලදී ගැනීමට සුදුසුය. කිසිම විටෙක පලූදුවීම් වූ නැතිනම් බි`දුණු බිත්තර ආහාරයට ගැනීම නුසුදුසුය.

කිරි සහ කිරි ආහාර වර්ග මිලදී ගැනීමට පෙර එහි ස`දහන් නිශ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කළ යුතුය. යෝගට් පියන පිම්බී තිබේ නම් කිසිදු විටෙක එය පරිභෝජනය ස`දහා සුදුසු තත්ත්වයෙන් නොමැති බව මතක තබාගන්න. එසේම සැමවිටම කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කරන්න. පාශ්චරිත කිරි සැමවිටම  4දක්‍ යටතේ ගබඩා කර තිබේද යන්න සොයා බලන්න.දැයි බලන්න.

ඇසුරුම් කරන ලද හා ටින් කරන ලද ආහාර මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වූ දිනය පරීක්‍ෂා කිරීම අනිවාර්ය වන අතරම ඇසුරුම් හා ටින් නොතැලුණු, මල නොබැදුණු, පිම්බීමකට ලක් නොවූ, සිදුරු රහිතව හො`ද තත්ත්වයෙන් පවතීද යන්න පිළිබ`දව මෙන්ම පැකට් කරන ලද ආහාරවල නම් පැකැට්ටුවේ මුද්‍රාව සහිතද යන්න පිළිබ`දව ඔබේ අවධානය යොමු කරන්න.

එසේම ආහාර පිසීමේදීද ඔබ සැමවිටම සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියා පිළිවෙළක් අනුගමනය කිරීම වඩා වැදගත් වේ. ආහාර පිසීම ස`දහා ඔබ යොදාගන්නා බ`දුන් මැටියෙන් සැකසුණු ඒවා වේ නම් එය වඩාත් සුරක්‍ෂිත බව සිහි තබාගන්න. විශේෂයෙන්ම මස් වර්ග, මාළු වර්ග හා බිත්තර වැනි දැ ආහාරයට පෙර හො`දින් පිසගැනීම අවශ්‍ය වන්නේ එහි අඩංගු වන ක්‍ෂුද්‍ර ජීවීන් වීනාෂ නොවුණහොත් රෝගාතුර විය හැකි බැවිනි. රෝගකාරක විෂබීජ විනාශ කිරීම සඳහා සෙන්ටිගේ‍්‍රට් අංශක 70 ක පමණ උෂ්ණත්වයකට රත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් බිත්තර පිසින්නේ නැතිව ආහාරයට ගැනීම නිසා සැලමොනෙල්ලා වැනි ආසාදන තත්ත්වයන් ඇති වීමේ අවධානමක් තිබේ. තවද අධි ශීත කළ මස් වර්ග පිසීමට පෙර හොඳින් ශීතහරණය කිරීම අවශ්‍ය වේ. එසේම ඉක්මනින් නරක්වන ආහාර කල් ඇතිව පිසගැනීමෙන් ඒවා නරක් වී ඉවත දැමීමට සිදු නොවේ.

පිසූ ආහාර එවේලේම ආහාරයට ගැනීම වඩාත් සුදුසු වුවත් කාර්යය බහුල ජීවන රටාව නිසා අද වන ගෘහණයන් ආහාර ගබඩා කොට තබා පසුව ප‍්‍රයෝජනයට ගැනීමට පුරුදුව සිටී. පිළියෙල කරන ලද ආහාර පිරිසිදු එසේම විෂ නොවන පියනක් සහිත ඇසුරුමක ගබඩා කළ හැකි නම් එය සුදුසුම ක‍්‍රමයයි. පිසින සහ නොපිසින ලද ආහාර වෙන් වෙන්ව ඇසිරිය යුතුය. ආහාර ගබඩා කිරීම සඟා වීදුරු ඇසුරම් භාවිත කිරීමට ඔබට හැකි නම් එය වඩාත් සුදුසු වන්නේ වීදුරු කිසිදු ද්‍රව්‍යයක් සමග රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු නොකරන බැවිනි. එසේම පිසූ ආහාර අධිශීතකරණයේ ගබඩා කිරීමෙන්ද නරක් වීම වළක්වාගත හැකිය.

ගෘහණියන් වන ඔබ ආහාර පිසීම ස`දහා භාවිත කරන සියලූ උපකරණ කාර්යය අවසානයේ හො`දින්් සෝදා වියලිව තබාගන්න පුරුදුවන්න. එසේම ඔබේ මුලූතැන්ගේ මෙන්ම වටපිටාවේ මීයන්, මැස්සන්. කැරපොත්තන් වැනි සතුන් බෝනොවන පරිදි ඉවත ලන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කොට උපරිම පිරිසිදු තත්ත්වයේ පවත්වා ගැනීමට සැමවිටම උනන්දුවන්න. මන්ද එසේ නැතිනම් රෝග බෝ කරන ක්‍ෂුද්‍ර ජීවීන් පහසුවෙන්ම ඇති විය හැකි නිසාය. සැමවිටම සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙළක් යටතේ පිරිසිදු නැවුම් ආහාර ජීවිතයට එක් කරගැනීමට ඔබටත් හැකි සෞඛ්‍ය සම්පන්න නිරෝගී මතුපරපුරක් දැයට උරුම වනු ඇත.

(පෝෂණවේදිනි සජීවනි මිරිහාගල්ල (සෞඛ්‍ය අමාත්‍යාංශය) සමග කරන ලද සාකච්චාවක් ඇසුරිනි)

About The Author

Previous articleධෛර්යය සම්පන්න ජීවන රටාවකට උරුමකම් කියන්න
Next articleමොකද්ද මේ ස්ථූලතාවය?
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here