ධෛර්යය සම්පන්න ජීවන රටාවකට උරුමකම් කියන්න

අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනාට  එක එක විදියෙ ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ සමහරක්  ජීවන ගැටලු නිසා පීඩාවට පත් වන ඇතැමුන් තම ජීවිතය පවා නැති කර ගැනීමට පෙලෙඹනවා. අපට පුළුවන් නේද මේ හැම දේටම විසදුමක් හොයා ගන්න.  කියමනටත් කියනවා නේ  කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා. ඒ වගේම ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙටත් විසදුමක් තියෙන්නම ඕන.

ඔබ අප කවුරුත් කැමතියි අපේ ජීවිතයට කිසිම ගැටලුවක් නැතුව සතුටින් සමගියෙන් දිවි ගෙවන්න. සමහර උදවිය නම් පැමිණෙන දුක් පැණි රසයි කියලා හිතුවට  තිත්ත වෙන මොහොතේ කරන්නෙ එක්කො වස බොන එක, නැතිනම් එල්ලිලා මැරෙන එක එහෙමත් නැත්තම් ගඟක මුහුදක පනිනවා, කෝච්චියට පනිනවා ඉතින් මේ මර්ග වලින් එන ප්‍රශ්න වලට විසදුම් නම් හොයන්න බෑ.  ඒකෙන් වෙන්නෙ අපි තව තවත් ආගාදෙට වැටෙන එක.  අපට එන හැම දේටම විසදුම් තියෙන්නෙ අපි තුල. අපට ප්‍රශ්නයක් ආවොත් අපි මුලින්ම හිතින් කඩා වැටෙනවා. ඒ වෙලාවට අපි අධෛර්යමත් වෙලා හරියන්නෙ නෑ තව තවත් ශක්තිමත් වෙන්න ඕන.

අප සැවොම ධර්ම මාර්ගයේ ගමන් කල යුතුයි. මොකද  අපේ සිතේ දැඩි විශ්වාසය අපේ ප්‍රශ්න මඟ හරවා ගන්න පුළුවන් තව එක් මාර්ගයක්. අපි සැදැහැ සිතින් ධර්ම මාර්ගයේ ගමන් කරන ධර්මය රකින  කෙනෙක් නම් අපි හැම කරදරේකින්ම ගලවා ගන්න උඩ පහත ඉන්න ශ්‍රමන ඇත්තන්ට පුළුවන්.

කවදාවත් තමන් අනික් අයට වඩා උසස් කියන හැගිමෙන් ඉන්න එපා මොකද අපට මඟ තොටකදි වුනත් අනතුරක් උනොත් අපේ පිහිටට එන්න ඉන්නෙ පාරේ අයිනෙ ජීවත් වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තමා ඇතුළු සියලු සත්වයන් එක ලෙස සලකා වැඩ කටයුතු කිරීම  කාටත් හොදයි.

ඔබ කවදාවත් ප්‍රශ්නයකින් දැවෙන අවස්ථාවක හෝ දැඩි කේන්තියෙන් ඉන්න අවස්ථාවල තීරණ ගන්න යන්න එපා. මොකද ඒ තීරණය කබලෙන් ලිපට වැටුණා වගේ එකක් වුනොත් ඒකෙනුත් පාඩුව ඔයාටමයි . ඒ වගේම දැඩි ප්‍රීතියෙන් ඉන්න අවස්ථාවල කාටවත් පොරොන්දු දෙන්න යන්නත් එපා සතුටු අවස්ථාවල මොනවා කියනවාද යන්න ඔබට වත් තේරුමක් නැති වෙන්න පුළුවන් ඒ නිසා එම පොරොන්දු නිසා ඔබම අපහසුතාවයට පත් වෙනවා වෙන්න පුළුවන්.
කවදාවත් අනෙක් කෙනා අභිබවා යන්න ඕන කියන මතයෙ ඉන්න එපා. මොකද ජීවිතේට අත්දැකීම් ලබා ගන්න ජය වගේම පරාද වෙන්නත් ඕන. ජය ගන්න  ඕනමයි කියන හැගීම ඔබ ගොඩක් දුර අරන් යන හැගීමක් නෙවෙයි. මොකද ඒ හැගිම නිසා ඔබ ඕනම වැරදි දෙයකට වුනත් පෙලෙඹෙන්න පුළුවන්. ඒක ඔබේ ජීවිතේට තවත් ගැටලුවකට මඟ පාදා ගැනීමක් වෙන්නත් ඉඩ තියෙනවා. අද අපේ රටේ හිර ගෙවල් වල දුක් විදින්නෙ ගොඩක් ඔය කියපු හැගීම පසු පස ගිය උදවිය.
කවදාවත් බීපු අය වගේම මෝඩ මිනිසුන් සමග වාද කරන්න යන්න එපා. එය ලොකු රණ්ඩුවකට මුල පුරන්න ඉඩ තියෙනවා. ඒ වගේ අය කියන ඕනම දෙයක් හරි ලෙස සලකා මඟ හරින්න .
සෑම විටම කල හැකි දේ පමණක් කිරීමට උත්සාහා වෙන්න. මොකද කරන්න බැරි දේවල් කරලා නැති ප්‍රශ්න දා ගන්නවට වඩා හොදයි නේද  අපට කරන්න පුළුවන් දේ විතරක් කරන එක.
කවුරුන් හෝ ඔබට අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවක කිසිසේත් ඔවුන් සමඟ අඩ  දබරෙට යන්න එපා  මොකද අපි එක්ක ඉරිසියාවෙන් ඉන්න ගොඩක් අය බලන් ඉන්නෙ බොරු කියලා හරි අපිව රණ්ඩු සරුවල් වල පටලලා අපිව පොලීසි උසාවි ගානෙ රස්තියාදු කරන්න වෙන්න පුළුවන් . ඒ නිසා කවදාවත් දුර දිග නොබලා වැඩ කරන්න යන්න එපා.
ඔබ ඔබට වඩා කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මේ ලෝකෙ තමන්ට සිටින එකම යාලුවා එකම විශ්වාසවන්ත පුද්ගලයා තමන් කියන හැගීමෙන් කටයුතු කරන්න.

ඉතින් ඔබත් අද පටන් මේ දේවල් පිළිපදින්න උත්සහා කරන්න. ඔබ පතන ප්‍රශ්න නැති නිදහස් ජීවිතය ලබා ගැනීමට හැක්කේ ඔබට පමණක්ම බව මතකයේ තබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here