ගබ්සාව ගැන ඔබ නොදත් කරුණු

0
8218
abortion

බොහොමයක් දෙනා වැඩියෙන් කතා කරන මාතෘකා අතර  ගබ්සාව කියන්නෙ කාන්තාවක් ලෙස ඔබ හොඳින් වටහා ගත යුතු වගේම අවබෝධ කර ගත යුතු මාතෘකාවක්.  ඒ වගේම ගබ්සාව යන වචනය ඇසූ පමණින් ඔබ අප කවුරුත් ටිකක් තැති ගන්න පුළුවන්. මොකද ගබ්සාව කියන්නෙ සදාචාරයට පටහැනි  සමාජීය ගැටලුවක් වන අතර  ලංකාව වැනි බෞද්ධ  රටක ජීවත් වන අපට නම් එක අතකින් එය විශාල පවක්.  කෙසේ වෙතත් අද womanly.lk තුලින් ගබ්සාව පිළිබඳව කතා කරන්න ඕන කියලා මම හිතුවෙත් කාන්තා ඔබට එයින් එල්ල වන බලපෑම ගැන වටහා දෙන්න ඕන නිසාමයි.

අප සමාජයේ බොහොමයක් තරුණ ගැහැනු ළමයි  අසම්මත සබඳතා වල පැටලිලා  ගැබ් ගැනීමෙන් පසුව සමාජයට මුහුණ දීමට නොහැකි තැන ගන්න පහසුම තීරණය තමයි ගබ්සාව. ඇත්තටම ඔබ ටිකක් හරි හිතුවද එය කොතරම් පවක්ද කියලා. ඒ වගේම එයින් ඔබට කෙහොම බලපෑමක් ඇති වේවි ද කියලා. නෑ නේද? ….  ඔබ දන්නවද ගබ්සාව කියන්නෙ  දරු ගැබක් ඇති වූ විට  එම කලලය නොමේරූ  අවධියේම ගර්භාෂයෙන්  ස්වභාවික ලෙසම එම කලලය ඉවත් කිරීම හෝ ඉවත් වීම කියලා. අද වන විට ගබ්සාව ආකාර දෙකකට සිදු කරනු ලබනවා. එනම්,

නිතැත් ගබ්සාව 

මෙහිදී දරු කලලය ස්වභාවික ලෙසම ගර්භාෂයෙන් ඉවත් කිරීම සිදු කරයි.  එයට අද වන වි⁣ට වෛද්‍ය  ඖෂධ වර්ග පවා  හදුන්වා දී ඇති අතර  කලලය මාස දෙක යන්නට මත්තෙන් ස්වභාවික ලෙස ඉවත්ව යෑම මෙහිදී සිදු කරයි. කෙසේ වෙතත් නිතැත් ගබ්සාව සිදු කිරීමේදි ඔබට ලබා දෙන ප්‍රති ජීවක වර්ග නිසා ඇතැම් වි⁣ට ඔබට සදහටම මවක් වීමේ වරම් අහිමි විය හැකිය. සුළු සතු⁣ටකින් ජීවිත කාලය පුරාවටම විඳවන ලෙස  හිත්පිත් නැති ආකාරයෙන් ගබ්සාවන් සිදු කිරීම නිසා ඔබ ජීවිත කාලය පුරාවටම  රෝගියෙකු වීමට ඉඩ ඇත.

ප්‍රේරිත ගබ්සාව 

බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම ප්‍රේරිත ගබ්සාව නම් වේ.  ⁣ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රම නොමැති වීම,  ආර්ථික ගැටලු හෝ සමාජ  ප්‍රශ්න, සෞඛ්‍ය ගැටලු  වැනි හේතුන් නිසා පමණක් මව්වරුන් පේ‍රිත ⁣ගබ්සාවට යොමු වේ. එමෙන්ම අනපේක්ෂිත කාලයේදී හෝ වයසේදී  දරු ගැබක් පිහිටීම ද මෙයට හේතු වේ.

අැතැම් රටවල් වල ගබ්සාව නීතිගත කර අැති අතර රහසිගත ලෙස ගබ්සාවන් සිදු කරන  නීත්‍යානුකූල නොවන වෛද්‍ය ආයතනද අද වන විට ඇත. ලංකාව වැනි  ⁣බෞද්ධාගමික රටවල ගබ්සාව නෛතික වරදක් ලෙස නම් කොට ඇති අතර ඒ සඳහා  1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය  යටතේ ගබ්සාවක් කිරීමට අයිතිය දි අැත්තේ එයින් මවගේ ජීව්තයට බලපෑමක් සිදු වේ නම් පමණි.
එක් වරක් හෝ දෙවරක් මවකට ගබ්සාවක් වීම එතරම් අවදානම් නොවන අතර  නමුත් එය තීරණය කරනු ලබන්නේද  ගබ්සාවට බලපාන හේතු සාධකයන් මතය. වයස 22ට අඩු   ගැහැනු ළමුන් ගබ්සා කිරීම   අවදානම් වන අතර එය ලංකාවේ නීතියට අනුවද විශාල වරදකි. තවද මවකගේ   ශරීරයේ  පාලන තන්ත්‍රය ද ගබ්සාවට බලපාන අතර ඒ  අනුව ජීවිතය පවා අැතැම් විට අවදානමට ලක් වේ.

මේ අනුව ගබ්සාව යනු නෛතික ගැටලුවක් වුවද  සමහර අවස්ථාවන් වලදී  මවගේ සෞඛ්‍ය තත්ත්වය මත  වෛද්‍යවරුන් ගේ නිර්දේශය අනුවද ගබ්සාව සිදු  කරනු ලබයි.  නමුත්  නොතේරුම්කමින්  ඔබ ගබ්සාවට ලක් වන්නේ නම් එය ඔබගේ  අනාගතයට ද මහත් බලපෑමක් එල්ල කරනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here