ඔබේ හෙට දවස යහපත් කරගැනීමට ඉටුකළ යුතු කරුණු 5ක්

0
2960
ඔබේ හෙට දවස යහපත් කරගැනීමට ඉටුකළ යුතු කරුණු 5ක්

සාර්ථකත්වය කියන්නේ දවසින් දවස පැයෙන් පැය ළඟාකරගන්න ඕන දෙයක්. එමෙන්ම සාර්ථකත්වය කියන්නේ මුදල්ම නොවේ. මේ දෙය ළඟා කරගන්න නම් ඔබ ඔබේ සාමාන්‍ය දින චරියාවේ ඔබ කරන කටයුතු වලට වඩා වෙනස් කටයුතු කර ඔබේ අද දවස වඩාත් අභියෝගාත්මක දවසක් කරගත යුතුයි. ඔබේ හෙට දවස යහපත් වන්නේ ඔබේ අද දවස අභියෝගාත්මක වන ආකාරය අනුවයි. අද මම ඔබට කියා දීමට යන්නේ ඔබේ හෙට දවස යහපත් කර ගැනීමට ඔබට අද පටන් ඉටු කළ හැකි කරුණු 5ක් පිළිබඳවයි.

  1. ඔබේ දුරකථනයට මද විවේකයක් දෙන්න

අද සෑම පුද්ගලයෙක් ළඟම ඇති උපකරණයක් ලෙස දුරකථනය සැලකිය හැකිය. මෙය කෙතරම් අපිට ලං වී ඇත්ද කියනවානම් සමහරක් අයගේ හොඳම මිතුරාද මෙයයි. එහෙත් සිතන්න. ඔබේ මේ හොඳම මිතුරා නිසා ඔබ කොතරම් ඇත්ත යහළුවන්ගෙන් වෙන්වී ඇත්ද කියන වග. ඔබ මෙය නිසා මිතුරන්ගෙන් බොහෝ ඈතට ගොස් ඇත. මිතුරන් හමු වූ විට දුරකථනය දෙස බලා සිටිනවා වෙනුවට ඔවුන් සමඟ කතා කිරීමට දිරිමත් වන්න. මේ නිසා ඔබෙන් ගිලිහී ගිය ඒ සබඳතා නැවතත් ඇරඹිමට පුළුවන.

  1. ඉලක්කයකට වැඩකරන්න.

ලෝකයේ සාර්ථකත්වය අත්විඳින ගොඩක් පුද්ගලයින් තමන්ගේ දින චර්යාවේ වැදගත්ම දෙයක් ලෙස මෙය ක්‍රියාත්මක කළහ. ඔබ පෙර දිනයේ නින්දට යන විට මීළඟ දිනයේ ඔබට සපුරාලිය හැකි ඉලක්කයක් ගැන සම්පූර්ණ සැලැස්මක් නිර්මාණය කරගන්න. එම ඉලක්කය අදාළ දිනයේ සම්පූර්ණ කරගන්නවා යන ඒකාන්ත අධිෂ්ඨානය ඇති කරගන්න. ඔබ එම දිනයේ එම ඉලක්කය සම්පූර්ණ කරගත් විට ඔබට ලැබෙන තෘප්තිය, ඒ සතුට කියා නිම කළ නොහැකි වනු නියතයි.

  1. වෙනදා නැගිටින වේලාවට පෙර පැයක් හෝ කලින් නැගිටින්න

මේ ලිපිය කියවන ඔබ ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන් නැත්නම් රැකියාවක් කරන අයෙක් වෙන්නට පුළුවන් නැත්නම් රැකියා විරහිතව නිවසේ සිටින අයෙක් වෙන්නට පුළුවන්. ඔබ ඒ කුමන ආකාරයක අයෙක් වුවත් ඔබේ දවස එක් පැයක් කලින් පටන්ගෙන එම පැය අලුත් දෙයක් ඉගැනීම, පොතක් කියවීම වැනි වැදගත් කාරණයට යොදවන්නේ නම් එම පැය ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන පැය බව පත්විය හැකිය.

  1. භාවනා කරන්න

ඔබේ දවසින් විනාඩි 10ක් වැනි පොඩි වේලාවක් භාවනාව සඳහා වැය කිරීමට හැකි වේ නම් එම නිසා ඔබේ මොළයට යම් තරමක විවේකයක් ලැබී සිත එක්තැන්වී තීරණ ගැනීම, ඉවසීම වැනි කාරණා වැඩි දියුණු කරගැනීමට පුළුවන.

  1. සමාජ මාධ්‍ය වලින් මිදෙන්න

සමාජ මාධ්‍ය එසේත් නැත්නම් Social Media (කවුරුත් දන්න Facebook, Twitter වැනි වෙබ් අඩවි) භාවිතය තරමක් අඩු කිරීමට උත්සහ කරන්න. මන්ද ඔබ එම සේවාවන්ට ඇබ්බැහි වී ඇත්නම් ඔබ ඔබේ වටිනා කාලයෙන් වැඩි වේලාවක් ඒවාට වැයකර ඔබේ අත්‍යවශ්‍ය වැඩකට එම වේලාව වැයකිරීමට ඇති ඉඩ අඩු කරගනී. අප සමාජයේ වැඩක් කිරීමට “වෙලාවක් නෑ” ලෙස පවසන සමහරක් පිරිස් එසේ පැවසීමට හේතුව නම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට ඇබ්බැහි වීම ලෙස සැලකිය හැකිය. එම නිසා අදම මේ සඳහා වැය කරන කාලය ටිකෙන් ටික අඩු කරන්න. මෙයද ඔබේ හෙට දවස සාර්ථක කරගැනීමට වැදගත් කාරණයක් විය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here