ළමා අපචාර දුරලා කාන්තා හිංසනය පිටු දකිමු

ළමා අපචාර දුරලා කාන්තා හිංසනය පිටු දකිමු

මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකව වන්නේ අනාගතය බාර ගැනීමට සිටිනා දරුවන්ය. පිපෙන්නට වෙර දරණ මල් වැනි දරුවන් මල් වරම් ලැබ පිපෙන්නට මත්තෙන් නටුවෙන් හෙලා දමන සමාජයක‍ට මේ වන විට ඔබ අප පිවිස ඇත. දිනෙන් දින ගෙවී යත්ම රටේ සිදුවන ළමා අපචාර හා කාන්තා හිංසන ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර එහි නව ප්‍රවනතාව වන්නේ අතවර කොට මරා දැමීමය. දෙමාපිය නොසැලකිලිමත් බව නොමැති මාපියන් විදේශගත ව සිටින දරුවන් මෙම ඉරණමට මුහුණ දේ. පසුගිය කාලය පුරා සිදු වූ සිද්ධීන් එයට හොද නිදසුන් වේ

අනාදිමත් කාලයක සිට ශ්‍රී  ලංකාව දියුණු හර පද්ධතියකට හා සදාචාරාත්මක සමාජ පසු බිමකට හිමිකම් කියන ලදී. ඒ  අතර විදේශ ආක්‍රමණික බලවේග හා වෙනත් හේතු සාධක මත අප රටේ සදාචාරාත්මක බව පිරිහීමට ලක් විය. අද වන විට එය දරුවන්ගේත් කාන්තාවන්ගේත් යහපැවැත්මට බරපතල ගැටලුවක් වී ඇත. කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් නිසාවෙන් ළමුන්ට මෙන්ම කාන්තාවන්ටත් සිදුවන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා හා කෲර වද හිංසන වලට එරෙහිව නැගී සිටීමට දැන් කාලය එළඹ ඇත.

ලෝකයේ ළමා අපචාර වැඩිම රටවල් 05 අතරට ලංකාවද ඇතුලත් වී ඇත. මෙය යුනිසෙෆ් සංවිධානය මගින් ප්‍රසිද්ධ කර ඇති අතර  ඔවුන්ගේ වාර්තා වලට අනුව ලංකාවේ ළමා අපචාර 64% කින් වර්ධනය වී ඇත. ලංකාවේ  ජන ඝනත්වයට සාපේක්ෂව 40,000ක කාන්තා පිරිසක් ගණිකාවක් ලෙස තම ජීවන වෘත්තීය කරති. ඒ අතර 6.4%ක්  ළමා ගර්භනී අය වන අතර  ලංකාව තුල වැඩි කාන්තා ප්‍රතිශතයක් ලිංගික සූරාකෑමට ලක්ව ඇත.
කාන්තාවන් ලෙස අපේ සහෝදර පිරිස් මේ තත්වයන්ගෙන් මුදවා ගැනීමට අපටද යුතුකමක් හා වගකීමක් ඇත. හෙට  මේ තත්වය ඔබට, ඔබේ සහෝදරියකට, ඔබේ දියණියට උදා වීමට පුළුවන.
ළමා අයිතීන් හා කාන්තා හිංසනය පිටු දැකීමේ පියවර ලෙස යම් යම් නීති හා ප්‍රතිපත්ති මාලා ක්‍රියාවට නැංවිය හැකිය.  ඒ අනුව

  • 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත.
    මේ යටතේ යම් නිවසක පීඩනයකට ලක් වන කාන්තාවන් වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට  හැකිය.
  • අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනත
    දෙමාපියන් නොමැති, භාරකරුවකු නොමැති අඩු වයසින් බැල මෙහෙවර කටයුතු වල යොදවන ළමුන් වෙනුවෙන් පෙනී සිටීමට මේ මගින් හැකිය.
  • 1939 දී පනවන ලද ළමුන් හා තරුණ ආඤා පනත
  • 1956 අංක 47 දරණ ස්ත්‍රීන් තරුණ පිරිස් හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පන.

මෙැවැනි වර්ගයේ නීති මාර්ගද ක්‍රියාත්මක කොට  දරුවන් උදෙසා තැනූ  ලෝකය දරුවන්ටතත් කාන්තා ඔබට හිමි ලෝකය ඔබටත්  රැක ගැනීමට හැකිය.
මාතෘත්වයේ නාමයෙන් කිරුළු දැරීමට උර දෙන කාන්තාව දූෂණය කොට මරා දමන සමාජයක ජීවත් වීමට තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට වත්මන් සමාජයට සිදුව ඇත. මේ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීම උදෙසා ලංකාවද එක්සත් ජාතීන්ගේ  ළමා අයිතිවාසිකම් ප්‍රතිපත්ති සමග අත්වැල් බැද ගෙන සිටිති.

සියලුම  ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා ක්‍රියා හා ලිංගික අපයෝජන නොසලකා හැරීම කෘෘර ලෙස සැලකීම හෝ වානිජමය ආකාරයේ සූරා කෑම හේතු කොට ගෙන ළමයාගේ සෞඛ්‍යය සංවර්ධනය , වගකීම , විශ්වාසය හෝ බලපාන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණ වීම හෝ එවැනි ක්‍රියා සිදු කිරීම ළමා අපයෝජනය හා කාන්තා හිංසනය ලෙස අර්ථ විග්‍රහා කොට ඇත.

දැනට ලංකාව තුල සිදුවන බොහෝ ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සදහා වන නීතීන් ප්‍රමාණවත් නොවන අතර වගකිව යුතු නිළධාරින් මේ පිළිබඳ සොයා බලා නිසි ආකාරයෙන් දඩුවම් ක්‍රියාත්මක කල යුතු බව කාන්තා අපගේ දැඩි ඉල්ලීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here