හොඳ ජීවන සහකරුවකු තෝරා ගැනීමේදි කාන්තාවක් ලෙස ඔබත් මේ පිළිබදවද හිතන්න

හොඳ ජීවන සහකරුවකු තෝරා ගැනීමේදි කාන්තාවක් ලෙස ඔබත් මේ පිළිබදවද හිතන්න

ජීවිතය කියන්නෙ ගොඩක් කටුක අත්දැකීම් වලින් පිරි එකක්. ඇත්තටම මේ ලෝකෙ කිසිම ගැහැනියකගෙ ජීවන අත්දැකීම් දිහා බලද්දි ගොඩක් සතුටු වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ. මේ ජීවන ගමන් මග ගොඩක් අත්දැකීම් ලබා ගන්නෙ අපේ ජීවිත වලට එන දුක් කම්කටොළුත් එක්ක. කාන්තාවන් වන අප කාගෙවත් ජීවිත රෝස මල් යහන්   වලට සමාන කරන්න බෑ. මොකද ඒ තරම් කටු කොහොලින් පිරී ජීවිත අපේ සමාජයේ වෙසෙන ගැහැනියට උරුම වෙලා තියෙනවා.  අප මේ ලොවට බිහි කරද්දි අපේ දෙමාපියො කෝටියක් සිහින දකින්න ඇති නමුත් එ් හීන අතරින් කීයෙන් කී දෙනාටද ඒවා ළඟට යන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඇත්තෙ.
ගැහැනියක් කියන්නෙ මේ සමාජය එක්ක බලන කල හතර වටින්ම බැදීම් වලට කොටු වුන පිරිසක්.  ඉතින් ඒ බැදීම් එක්ක බලද්දි ඒවා ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානම කාර්ය භාර්ය තිබෙන්නෙත් ගැහැනියකට.  දෙමාපියන් යටතෙ හැදී වැඩී වැඩිවියට පැමිණෙන ගැහැණු දරුවෙක්  තරුණ වියට පා තබා නිසි කල වයස  එළබෙන විටදී ඇයගේ ජීවන ගමන යෑමට සුදුසු සහකරුවකු පැතිය යුතුය. ඔබත් ඔබේ ජීවන ගමන් මගට සහකරුවකු තෝරා ගැනීමේදි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝමයක් ඇත.

අප අපගෙ ජීවන සහකරු තෝරා ගැනීමේදී  ජීවිත කාලය දක්වා මේ ගමන යෑමට පුළුවන්  සහකරුවකු තෝරා ගත යුතුය. මොකද ගැහැනියකට කසාදයක් කියන්නෙ  එක පාරක් ගන්න පුළුවන් තීරණයක්. ඒ තීරණය හොදට හිතලා බලලා තමයි ගන්න ඕන. මොකද  අපි කඩේකින් ඇදුමක් අරගෙන ඒක  අපිට කැමති කාලයක් ඇදලා අයිනි කරන්න පුළුවන්  උනාට ජීවිතේට තෝරා ගන්නා සහකරු එහෙම එපා උනා කියලා අත ඇරලා දාන්න අපට පුළුවන් කමක් නෑ.මොකද පිරිමියෙක්ට වගේ නෙවෙයි ගැහැනියකට  එක බැදීමක් කැඩුනොත් ඒක ගොඩක් ලොකුවට බලපානවා. මොකද සමාජයක්ම බලන් ඉන්නෙ සුළු වැරදීමක් වෙනකන්. බැදීමක් නැති වුනොත් කවදාවත් මේ සමාජය ගැහැනියට හරි කියන්නෙ නෑ. ඔවුන් සම්පූර්ණයෙන් දොස් නගන්නෙ  පිරිමියාට නෙවෙයි කාන්තා අපට.
ඔබ ඔබේ ජීවිතයට සහකරුවකු තෝරා ගන්නෙ ආදර සම්බන්ධතාවයකින් හෝ යෝජනාවකින් වෙන්න පුළුවන්. ආදර සබදතාවකින් කෙනෙක් තෝ‍රා ගන්නවා නම් කොහොමත් දෙන්නට දෙන්නා කාලයක් තිස්සෙ ඇසුරු කරලා තමයි එක වහලක් යටට එන්නෙ. යෝජනාවකින් ඔබ කෙනෙක් තෝරා ගන්නවා නම් එහිදී ඔහුව  ඇසුරු කර බලන්න කාලයක් ගන්න. මොකද දෙදෙනාට දෙදෙනා හොද හැටි දැන අදුන ගැනීම සබදතාවකදි ගොඩක් වැදගත්.
ඔබ කවදාවත් දෙමාපියන්ගෙ  වැඩිහිටියන්ගෙ බලපෑම මත ඔබගෙ ජීවන සහකරු තෝරා ගන්න යන්න එපා. මොකද ඔහු සමග ජීවත් වෙන්න ඕන ඔබ ඒ නිසා ඔබට ගැලපෙන සහකරු තෝරා ගත යුත්තෙත් ඔබ. ඔබ ඔබේ සහකරු තෝරා ගැනීමේදී  ඔහු ඇත්තටම ඔබට ආදරය කරන්න පුළුවන් ඔබව සතුටින් තබන්න පුළුවන් කෙනෙක්ද කියලා බලන්න. ජීවන ගමන යන්න මොනවා තිබුනත් වැඩක් නෑ  ආදරයක් නැත්තන්.

කවදාවත් ඔබ සමග සිටියදී තවත් කෙනෙක් දෙස බලන තවත් කෙනෙක් වර්ණනා කරන අයෙකු නම් ඔහුව අමතක කර දමන්න. මොකද අපි අපේ ජීවිතේට ලං කර ගන්න ඕන  සීයක් මැද සිටියත් අපිව පමණක් දකින්න පුළුවන් අපවම පමණක් ඇසෙන කෙනෙක්.  මොකද ඒ වගේ කෙනෙක්ට විතරයි අපව සැබෑ ලෙසම දකින්න පුළුවන් වෙන්නෙ. ඔබ ඔබේ ජීවිතයට කෙනෙකු තෝරා ගන්නා විට ඔබට ඇහුන්කන් දෙන්න සූදානම් වගේම ඔබව හොදින් තේරුම් ගැනීමට පුළුවන් අයකු තෝරා ගන්න.

ඒ  වගේම තව කරුණක් ඔබට කියන්න කැමතියි ඔබේ ජීවන සහකරු  ඔබට වඩා අඩු තරමින් අවුරුදු 2ක 3ක් වත් වැඩිමහල් විය යුතුයි. මොකද එතකොට අපිට දැනෙනවා වැඩියි ඒ කෙනාගෙ අාදරය, ඒ වගේම එහෙම කෙනෙක් ළග අපට රැකවරණය වැඩියි.
ඔබට හොද සහකරුවකු  වගේම ඔබේ පවුලට බෑනා කෙනෙක් නොවී පුතකු වෙන්න පුළුවන්  සහකරුවකු තෝරා ගන්න. ඔබට වගේම ඔබේ සහෝදර සහෝදරියන්ට  දෙමාපියන්ට ආදරය කරන්න පුළුවන්  කෙනෙක්  ගැන හිතන්න.
ඔබ දෙදෙනා දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් හිතන්න පුළුවන්  ඔබට සුළු වරදක්වත් නොකරන්න හිතන්නෙවත් නැති  කෙනෙක් ඔබේ සහකරුවා ලෙස තෝරා    ගැනීමට උත්සහාවන්ත වෙන්න.

ඔබට ඔබේ සහකරු  තෝරා ගැනීමට ලැබෙන එක් අවස්ථාව හරි ලෙස යොදා ගන්න. මොකද  ඔබ  ඉක්මන් වී ගන්නා එක තීරණයකින්  ඔබේ මුළු ජීවිත ගමනම  අදුරු විය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here