ගීතය තුල සිරවුන විරහව

ගීතය තුල සිරවුන විරහව

දුරස් වන්නට මේ ලෙසින්
ඇයි ද අප හමු වුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ ……..

අත් වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක් වගේ සුරත ගෙන
ඔබ හිනැහුන ඒ කාලය මතකද …..

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙදෙනා මැවූ කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාලය මතකද …..

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් විරහව සහෘද රචකයා  වචනයට නැගුවේ ගීත, කවි නිසැදැස් මගිනී.  තමාට හෝ තම ඇසුරෙහි සිටිනා හිතවතකුට ඇති වූ වේදනාවක් තුලින්  ගීතය නිර්මාණය විය. ගොඩක් ගීත නිර්මාණකරුවන්ගේ  මාතෘකාව වූයේ ද විරහවයි. ආදරය තුලින් ලබන දුක වේදනාව තෙලි තුඩට නගන නිර්මාණකරුවා  ඒ තුලින් දහස් දෙනාගේ ජීවිත විනිවිදව දකිනු ලබයි.

පෙර දින මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා…..
මගේම  ගීයක් නැලවිලි ස්වරයෙන්
පුතු හට පවසනවා….

තමා පෙම් කල යුවතිය පසු කාලයක වෙනත් කෙනෙකු සමඟ විවහා වී ඔහුගේ ලේ උරුමයෙන් උපදින දරුවා නැලවීමට පෙර පෙම්වතා ඇය හට පැවසූ ගීයක්  නැලවිලි ගීයක් ආකාරයෙන් තම පුතු නලවා ගැනීමේ අභිප්‍රාය පෙර දැරිව ගායනා කරන ආකාරය අපූර්ව ලෙස මෙම  ගීතය තුලින් විදහා දක්වා ඇත. එය  ගේය පද රචකාගේ දක්ෂතාවයයි. මෙම ගීතය තුල ගැබ් වී ඇත්තේ ද සිය පෙම්වතිය ඔහු හැර ගොස් වෙනම නවාතැනක හිමිකාරිය වූ   වේදනාව තුලින් ඔහුට ඇති වන විරහවයි.

තවත් ආකාරයකින් බැලූ කල  සිය සිතෙහි උපදින ප්‍රේමය කියා ගැනීමට නොහැකිව දුකට පත් වන අයුරු ද ගීතය තුලින් නිර්මාණකරුවා පෙන්වා දෙයි.

නැගුණු සෙනෙහෙ කියනු බැරි වී
මගේ හිත වේදනා විදියි. …..
යනුවෙන් තම අත්දැකීමක් ලෙස තව කෙනෙකුගේ ජීවිතයක් දිහා බැලීමට තරම් අපේ කලාකරුවා දක්ෂය.
දැන් නිර්මාණය වන ගීත තුලද වැඩි ලෙස දක්නට ඇත්තේ විරහවයි. රැල්ලට යමින් ඒවා නිර්මාණය වන්නේද වැඩි දෙනෙක්ගේ ජීවිත තුල විරහව ගැබ් වී ඇති නිසා විය හැකිය.  ආදරය තුලින් විරහව ඇති වුනද ඒ තුලින් යථාර්ථය දැකීමට ගීත රචකයාට පුළුවන් විය.

හමු වීම වෙන් වීම – ලෝකේ හැටි
ගීතය තුලින් යථාර්ථය දැකීමට හැකි වුවද ආදරය නිසා වේදනා විදින ආදරණීය හදවත් ඇත්තන්ට එය වටහා දීම එතරම් පහසු නොවන බව මා ද  දනිමි.

හැම සතුට කෙලවරම – දුකකුත් ඇතී…  කියා මංජුල පුෂ්පකුමාර අපේ ගායන ශිල්පියා  කිව්වට  සතුට ආරම්භයට කලින් දුක විදින හදවත් මේ සමාජයේ බහුලයි.

සිව් අකුරකි.. එක වදනකි එය නම් ආදරය
චපල ලදුන් නම් නොදනී එහි තිබෙනා හරය

කියලා කිව්වට කාන්තාව තරම් හොඳින් ආදරය ගැන හදුනන කෙනෙක් මේ මිහිබට ද නැති තරම්. ඇත්තෙන්ම මේ විරහවට හේතු වෙන්නෙ දෙදෙනාට දෙදෙනාගේ නොගැලපීම ද ?.
විරහව ගැබ් වුන ගීත රසිකයන් අතර පවා ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙන්නෙ  වැඩි දෙනා විරහවෙන් පසු වන නිසාද.
අද බොහෝමයක් දෙනා අතර ජනප්‍රියම වචනය වෙලා තියෙන්නෙත් විරහවයි.
ගීතයද දැන් සිය ආත්මය කර ගෙන ඇත්තේ විරහවය.
ගීතය විරහව සිය ආත්මය කර ගත්තද  විරහව තුලින් ජීවිත දැකීමට ඔබට මට නොහැක. ජීවිතය යනු විරහව නොව  අපගේ ආත්මයයි.
ගීතය විරහව තුලින් සොයන ජීවිතය ඔබට මට විරහව තුලින් සොයා ගත නොහැකි බව මතක තබා ගත යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here